Wednesday, May 16, 2012

කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව - Avalokitheshvara Bodhisattva Statue of Kushtarajagala


 අනුරාධපුර යුගයේ සිටම ථේරවාදී බුදු සමය ලක්දිව පිළිගත් දහම බවට පත්වෙලා තිබුණත් වරින් වර මහායාන බුදු සමය ලක්දිව පැන නැඟුණු බවත් ඒ ඒ කාලවල සිටි රජ දරුවන් විසින් ඒ මත යටපත් කළ බවත් වංස කතාවල සඳහන් වෙනවා. ඒ කෙසේ නමුත් ඒවා සම්පූර්ණයෙන්ම යටපත් කරන්න පුලුවන් වුණාද කියන එක ගැටළුවක්. විශේෂයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මහායන බුදු සමයේ ප්‍රධාන අංගයක් වෙන බෝධිසත්ව වන්දනාව කළ බවට සාධක තවමත් ඉතුරුව පැවතීමම එයට උදාහරණයක් විදිහට ගන්න පුලුවන්

 බුදුරුවගල අවලෝකිතේශ්වර ප්‍රතිමාව

මේ විදිහට බෝධිසත්ව ප්‍රතිමා හමුවීමේදී කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා ප්‍රතිමා හමුවෙලා තිබෙනවා. මේවායිනුත් විශාල ප්‍රමාණයේ බෝධිසත්ව ප්‍රතිමා ලෙසට ප්‍රකටව පවතින්නේ බුදුරුවගල පිහිටි බෝධිසත්ව ප්‍රතිමා, දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව සහ වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර ප්‍රතිමාවයි. 

මෑතකදී මම බලන්න ගිය වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව ගැනයි ටික කාලයකට පසුව අද ලියවෙන e - අටුවා සටහනෙන් කතා කෙරෙන්නේ

කොළඹ සිට මාතර දෙසට යන විට වැලිගම නගරය පසුකර කිලෝ මීටර් 5 ක් පමණ ඉදිරියට යන විට ප්‍රධාන මාර්ගයෙන් වම් පසට ඇති මාර්ගයකින් ටික දුරක් ගමන් කිරීමෙන් පසුව පාරේ දකුණු පස පිහිටි කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව අසළට ලඟා වෙන්න පුලුවන්

කුෂ්ටරාජගල අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව පිළිබඳව කතා  කරන්න කලින් කවුද මේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් කියන්නේ වගේම මහායානික බෝධිසත්ව සංකල්පය ගැන සුළුවෙන් විස්තරයක් කරන්නම්

ථේරවාදී බුදු සමය තුළ දක්වන විදිහට ලොවුතුරා බුද්ධත්වය සඳහා පාරමිතා ධර්ම සම්පූර්ණ කරන පුද්ගලයින් බෝධිසත්වයන් ලෙස හඳුන්වනු ලබනවා. මහායාන බුදු සමය තුළ පිළිගැනෙන්නේ අපි සියලු දෙනාම බෝධිසත්වයන් වන බවත් ලොවුතුරා බුද්ධත්වයෙන් සසර ගමන නිමා කරන බවත්. ථේරවාදීන් දක්වන රහත් බෝධියෙන් හෝ පසේ බෝධියෙන් සසර ගමන නිමා කිරීම මහායානිකයන් ප්‍රතික්ෂේප කරනවා.

ඒ විදිහට මහායාන සංකල්පය අනුව බෝධිසත්වයින් සංඛ්‍යාව අසීමිත වුණත් ප්‍රධානම බෝධිසත්වයන් කීප දෙනෙක් ඔවුන් දක්වනවා. ඒ බෝධිසත්වයින් ධ්‍යානි බෝධිසත්ව, මහාස්ථාම ප්‍රාප්ත, ත්‍රෛලෝක්‍යවිජයී වැනි නම්වලින් හඳුන්වනා. 


ඒ බෝසත්වරුන් අට දෙනෙක් සිටින අතර ඔවුන් නම්
  • අවලෝකිතේශ්වර
  • මෛත්‍රෙය
  • ආකාශ ගර්භ
  • වජ්‍රගර්භ
  • ක්ෂිතිගර්භ
  • සමන්තභද්‍ර
  • මඤ්ජු ශ්‍රී
  • සර්ව නිවාරණ විෂ්කම්භ
මේ සෑම ධ්‍යානී බෝධිසත්වයෙක්ටම මුද්‍රාවක්, වාහනයක් මෙන්ම සංකේතයක් තිබෙනවා. ඒ වගේමයි මේ බෝධිසත්වයින් අතරින් අවලෝක්තිශේවර හා මඤ්ජු ශ්‍රී යන බෝසත්වරුන් ප්‍රමුඛත්වයේ ලා සලකන අතරම මීළඟට බුද්ධත්වයට පත්වන මෛත්‍රෛය බෝසතුන්ට විශේෂත්වයක් හිමිවෙනවා. කෙසේ නමුත් මේ බෝධිසත්වයින් අතරින් බොහෝ දෙනාගේ බුහුමනට ලක්වෙන්නේ අවලෝකිතේශ්වර බෝසතුන්ව.

සාමාන්‍යයෙන් ලංකාවේ මෙන්ම වැඩි වශයෙන් ඉන්දියාවේ සිදුවන දේව ඇදහිල්ල මෙන්ම බෝධිසත්වයින් වන්දනා කරමින් තමන්ගේ ලෞකික ජීවිතේ කරුණු කාරණා ඉටුකරගැනීමට පිහිට පැතීම මහායානිකයන් සිදු කරනවා. මේ බෝධිසත්ව වන්දනාව ලංකාවට පැමිණි මුල් කාලීනව ඒ ඒ ස්වරූපවලින්ම බෝධිසත්ව වන්දනාව සිදු කෙරුණත් පසු කාලීනව මේ බෝසත්වරුන් ලක්දිවට ගැලපෙන පරිදි දේශීය මුහුණුවරකට පෙරලුණු අතර අවලෝකිතේශ්වර බෝධිසත්වයින් උත්පලවර්ණ හා නාථ දෙවිවරු ලෙසද සමන්තභද්‍ර බෝසතුන් සුමන සමන් දෙවියන් ලෙසද වන්දනාවට පාත්‍ර වුණා.  


අවලෝකිතේශ්වර බෝසතුන් ගැන විශේෂයෙන් කතා කලොත් සියලුම ලෝ සතුන්ගේ ආරක්ෂකයා ලෙස එතුමා කටයුතු කරන අතරම සියලු සත්වයින් සංසාරයෙන් එතෙර වනතාක් එතුමා බුද්ධත්වයට පත් නොවන බවයි කියවෙන්නේ. ඒ වගේමයි ලෙඩ රෝගවලට පිහිටවීම ආදී කරුණු නිසා "භේසජ්ජ ගුරු" වශයෙනුත් එතුමාව පිළිගන්නවා.

නැවතත් ප්‍රධාන කතා බහට ආවොත් කුඩා බිමක තිබෙන ගල් කුළක ඇතුළට හෑරීම මඟින් මෙම අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනවා. ප්‍රතිමාවේ උස අඩි 8 ක් පමන වන අතර ප්‍රතිමාව පිළිබඳ විස්තරයක් කළොත් ධෝතියක් වැනි වස්ත්‍රයක් හැඳ ආභරණ හා ඔටුන්නක් පැළැඳ ගෙන රාජ ලීලාවෙන් සිටින අවලෝකිතේශ්වර බෝසතුන් මෙහිදී දැකගත හැකියි. 

මේ ආභරණ පලඳා ඇති ආකාරය මෙන්ම ධෝතිය හැඳ සිටින ආකාරය රාජ ප්‍රතිමාවලට සමාන වීම නිසා මෙය රාජ ලීලාව ලෙස හඳුන්වනවා. මෙලෙස ඇති රාජ ප්‍රතිමාවකට නිදසුන් ලෙස රුවන්මැලිසෑ පරිශ්‍රයේ ඇති දුටුගැමුණු රාජ ප්‍රතිමාව දැක්විය හැකියි

 දුටුගැමුණු රාජ ප්‍රතිමාව

හිසේ තිබෙන ඔටුන්න තුළ හෙවත් ජටා මකුටයේ ධ්‍යාන ඉරියව්වෙන් වැඩ සිටින බුදු රූ 4 ක් දැකගත් හැකි අතර ඉන් දෙකක් ඔටුන්නේ ඉදිරි පස එකක් මත එකක් සිටින සේත් අනිත් දෙක වම් කන හා දකුණු කනට ඉහළින් ඔටුන්නේ දක්වා තිබෙනවා. 



නමුත් ජටා මකුටය තුළ තවත් බුදුරුවක් ඇති බවත් එමඟින් මහායාන බුදු සමයේ දැක්වෙන අමිතාභ, වෛරෝචන, අක්ෂෝභ්‍ය, රත්නසම්භව, අමෝඝසිද්ධි යන ධ්‍යානි බුදුවරුන් පස් දෙනා නිරූපිත වන බවට මතයක් තිබෙනවා. 

ප්‍රතිමාවේ කන් ලම්භකර්ණව ලෙස දක්වා ඇති අතර කන්වලත් කුණ්ඩලාභරණ ආදිය පැලැඳි බවක් පෙනෙනවා. ගෙලටද මාල කීපයක් දමා ඇති අතර අත්වලටද වළලු ආකාරයේ පළඳනා දමා ඇති බවයි පෙනෙන්නේ.



දකුණු අතේ මාපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල එක් කර විතර්ක මුද්‍රාව දක්වන අතර වම් අතේ මහපට ඇඟිල්ල නොනමා දබර ඇඟිල්ල සහ සුළැඟිල්ල අර්ධයක් නමා ඇති අතර මැදැඟිල්ල හා වෙදැඟිල්ල සම්පූර්ණයෙන්ම නමා තිබේ. ඒ මුද්‍රාව කටක මුද්‍රාව නමින් හඳුන්වනවා.



ඉන වටා බඳ පටියක් දැකගත හැකි අතරම් ධෝතිය රැළි වැටෙන සේ සකසා තිබෙනවා. 

මේ ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝසතුන් නොව වජ්‍රසත්ව බෝසතුන් බවත්, මේ සමන්තභද්‍ර බෝසතුන් බවටත් මත ඉදිරිපත් වී ඇති අතරම තවත් මතයක් වන්නේ මේ ප්‍රතිමාව අවලෝකිතේශ්වර හා සමන්තභද්‍ර යන බෝසතුන් දෙදෙනාගේම සම්මිශ්‍රණයක් ලෙස නිමවා ඇති බවයි. 

දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව

දඹුලු විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව

මේ ප්‍රතිමාවේ ආකාරයෙන්ම රාජ ලීලාවෙන් නිර්මාණය කෙරුණු අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමා විදිහට දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව, දඹුලු විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව දක්වන්න පුලුවන්. මේ ප්‍රතිමාවල තිබෙන ලක්ෂණ පල්ලව සම්ප්‍රදායට  නැඹුරුවක් පෙන්වන නිසා කුෂ්ඨරාජගල සහ දඹේගොඩ ප්‍රතිමා නිර්මාණය කරපු කාලය විදිහට නිගමනය කරන්නේ ක්‍රි.ව 7 හෝ 8 සියවස. 

මීට පෙරත් පල්ලව නිර්මාණ යටතේ වුණු නාලන්දා ගෙඩිගේ ගැන අපි කතා කළා මතක ඇතිනේ

මේ ආකාරයෙන් බෝධිසත්ව පිළිමයක් කුෂ්ඨරාජගල නිර්මාණයට වීමට හේතු සාධක පිරික්සීමේදී පිහිටි ස්ථානයේ නමේ අර්ථයෙන්ම ගතහොත් කුෂ්ඨ රෝගයක් වැළඳුණු රජතුමෙක් තම කුෂ්ඨ රෝගය සුවවීමෙන් තමන් වූ භාරයක් ඉටු කරමින් මේ ස්ථානයේ අවලෝකිතේශ්වර ප්‍රතිමාව නිර්මාණය කරවූ බව කියවෙනවා.

මෙහිදී මේ රජතුමා දෙවිනුවර දේවාලයට පැමිණ භාරවූ බව කියවෙන අතරම රූපයට රූපය භාර වූ බව කියවෙනවා. මේ රජතුමා IV අග්බෝ රජතුමා ලෙස විශ්වාස කරන අතර දෙවිනුවරට පැමිණ වූ භාරය මත මේ ප්‍රතිමාව කරවූ නිසා දෙවිනුවර තිබෙන්නට ඇත්තේද අවලෝකිතේශ්වර වන්දනාවක් බව අනුමාන කරන්න පුලුවන්. පසුකාලීන උත්පලවර්ණ ලෙස දේශීය මුහුණුවරක් ගන්නට ඇත්තේ අවලෝකිතේශ්වර බව එමඟින් අනුමාන කළ පුලුවන්.

 දෙවිනුවර උපුල්වන් දේවාලය

ඒ වගේම කලින් කිව්වා වගේම අවලෝකිතේශ්වර බෝසතුන් ලෙඩ සුව කරන්නෙක් ලෙස සැලකූ බව මේ ආකාරයෙන් රජතුමා තමන්ගේ අසනීපයට භාර වීමෙන් පෙනෙනවා. ඊට පසුවත් මේ ආකාරයෙන්ම රජවරු ලෙඩ සුව කරගැනීමට පිහිට පැතූ බව පෙනෙන්නේ දඹදෙණියේ සිට රාජ්‍ය කළ II පරාක්‍රමබාහු රජතුමාගේ කතාවේ ඇතිවූ විකලු සොබාවය නිසා ඒ පිළිබඳවත් දෙවිනුවර උපුල්වන් දෙවියන්ට කියා පිහිටාධාර පැතූ බව වංස කතාවල සඳහන් වීමෙන්.

ලෙඩ රෝග සුව කරන දෙවියෙක් ලෙසට අවලෝකිතේශ්වර වන්දනා කළා සේම නාවිකයන් විසින් සමුද්‍රයේදී ඔවුන්ව රැකගන්න දෙවියෙක් ලෙසට අවලෝකිතේශ්වර වන්දනා කරපු බව පෙනෙනවා. 
මෙහිදී කුෂ්ටරාජගල සහ දෙවිනුවර සමුද්‍රාසන්න ප්‍රදේශ වීම හැරෙන්නට තවත් ස්ථාන කීපයක් නිසාම ඒ නිගමනයට එළඹෙන්න පුලුවන්. 
 තිරියාය ගිරිහඬු සෑය
තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරදුන්ගේ කේෂ ධාතු තැන්පත් කර ඉදිකළා යැයි සැලකෙන තිරියාය ගිරිහඬු සෑය අවලෝකිතේශ්වර බෝසතුන්ගේ නිවහන බව ඒ ස්ථානයෙන් හමුවූ සෙල්ලිපියක දක්වා තිබෙනවා

සෙල්ලිපියේ 4 වෙනි පෙළ එය දක්වන්නේ මේ ආකාරයෙන්

නිවසති යත්‍ර සිද්ධ සුර කින්නර පූජ්‍යතමඃ
ගුරුර් අවලෝකිතේශ්වර ඉතිප්‍රථිතො භගවාන්
තද් අහර් අහර් නමාමි ගිරිකණ්ඩික චෛත්‍යමි අහම්

මන්නාරම කුදිරමලේ ප්‍රදේශයෙනුත් බෝධිසත්ව පිළිමයක් තැන්පත් කලායැයි විශ්වාස කරන්න පුලුවන් පිළිම ගෙයක නටබුන් හමුවෙලා තිබෙනවා.

 මුහුදු මහා විහාර ප්‍රතිමාව

ඒ හැරෙන්න පොතුවිල් මුහුදු තීරය ආසන්නයේ තිබෙන මුහුදු මහා විහාරයේ පිළිම ගෙයි මේ ආකාරයෙන් රාජ ලීලාවෙන් නිර්මිත ප්‍රතිමා දෙකක් දැකගන්න පුලුවන්. ඒ පිළිම දෙක මෛත්‍රෙය හා අවලෝකිතේශ්වර බෝසත්වරුන් ලෙස විශ්වාස කරන අතරම අවලෝකිතේශ්වර බෝසතුන් යැයි අනුමාන කරන රුව බොහෝ දුරට කුෂ්ඨරාජගල ප්‍රතිමාවට සමානයි.  


මේ ආකාරයෙන් සමුද්‍රාසන්න ප්‍රදේශවල බහුලව අවලෝකිතේශ්වර වන්දනාව පැවතීම තුළින් කලින් කිව්වා වගේ සමුද්‍රාරක්ෂකයෙක් විදිහට අවලෝකිතේශ්වර බෝසතුන් පිළිගත් බවයි පෙනෙන්නේ.

නැවතත් කුෂ්ඨරාජගල ගැන කතාවට ආවොත් කුෂ්ඨරාජගල ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක් 1980 දී ඒ ප්‍රදේශය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය මොන්ටේගු ජයවික්‍රමගේ සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ඊ.එල්.බී. හුරුල්ලේ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්. ඒ යටතේ මේ ස්ථානයට විදුලි ආලෝකය ලබාදුන්නා වගේම බැම්ම බැදෙව්වා කියලයි ඒ ස්ථානයේ තිබෙන සමරු ඵලකයේ සඳහන් වෙන්නේ

 කැලණි විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව

අවසාන වශයෙන් ගත්තොත් කුෂ්ඨරාජගල ඇතුලු අනෙක් ස්ථානවල තිබෙන අවලෝකිතේශ්වර ප්‍රතිමා හේතුවෙන් නිගමනය කරන්න පුලුවන් වෙන්නේ ලෞකික අවශ්‍යතා උදෙසා කැපවුණු දෙවියෙක්ගේ තත්වයට අවලෝකිතේශ්වර බෝසතුන් පත්වූ බවයි. ඒ පිළිගැනීමේ නෂ්ඨ කොටස් අද දක්වා පවතින බව පේන්නේ මෑතකදී කැලණිය රාජ මහා විහාරයේත් අවලෝකිතේශ්වර ප්‍රතිමාවක් ඉදි කරවීමෙන්. ඒ හැරෙන්නට ඉහත දක්වපු බෝසත් ප්‍රතිමාවලටත් අද දක්වාම ජනයා මල් පහන් පූජා කිරීමත් දැකිය හැකියි

කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ප.ලි.: සිංහල බ්ලොග් අවකාශයේ සහෘද බ්ලොග්කරුවෙක් වූ සනත් විජේවර්ධන හෙවත් ඔබා මාමාගේ වියෝව වෙනුවෙන් සාතිශය සංවේගය :(
සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
අලුත් දවසක් උදාවේවි.....
එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................

44 comments:

  1. රුවන්වැලි සෑ භූමියේ තියෙන පිළිමය දුටුගැමුණුගේ කියලා කිව්වත් ඒකත් බෝධිසත්ත්ව පිළිමයක් තමයි. ලංකාවෙ කොහේවත් රජවරුන්ගේ පිළිම නෑ. රුවන්වැලි සෑ භූලියේ ඇති භාතිකාභය රජුගේ කියන පිළිමයත් බෝධිසත්ත්ව පිළිමයක්.

    ඒ හැරුණු විට ඉතා හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      රුවන්මැලි සැ භූමියේ තිබෙන දුටුගැමුණු රජතුමාගේ යැයි දක්වන ප්‍රතිමාව බෝධිසත්ව ප්‍රතිමාවක් කියපුවාම මේ ගැටළු මට ඇතිවුනා.

      එකක් තමා ඒ ප්‍රතිමාවේ බෝසත් ප්‍රතිමාවල දැකගන්න පුලුවන් වෙන ජටා මකුටයේ තිබෙන බුද්ධ රූපය හෝ රූප දැකගන්න නැත්තේ ඇයි ?

      ඒ වගේමයි ආශිර්වාද කරන ආකාරයෙන් හෝ විවිධ මුද්‍රාවලින් දෙපසට විහිදා ඇති අනෙක් බෝසත් රූපවල ආකාරයට නොව වන්දනා කරනා ආකාරයෙන් මේ ප්‍රතිමාවේ දෑත් තබා ඇත්තේ ඇයි ?

      ඒ කරුණුවලින් මේක බෝසත් ප්‍රතිමාවක් කියලා නිගමනය කිරීම සැකසහිතයි කියලායි මගේ අදහස

      Delete
  2. ස්තුතියි..මේ පිළීමය ගැන මෙතරම් විස්තර දැනගත්තේ අද..
    ගිහිල්ලම බලන්න ඕන.....
    මිනිස්සුන්ගේ විශ්වාස ඇදහිලි නිර්මාණ ශක්තිය එක්ක මුසුවූ විට ලැබෙන ප්‍රථිඵලය අපූරුයි..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      අනිවාර්යයෙන්ම වෙලාවක් ලැබුණු ගමන් ගිහින් බලන්න අක්කේ.

      මුල් කාලීනව සොබාවික වස්තූන්වලට වන්දනා කරමින් ඒවාට දේවත්වයෙන් ආරෝපණය කරමින් ක්‍රමයෙන් දේව සංස්ථාව ගොඩ නගමින් ඒ සම්බන්ධව මිනිසා කටයුතු කළ ආකාරය හැම ශිෂ්ටාචාරයක් තුළම තියෙන කතාත් හරිම අපූරුයි

      Delete
  3. හොඳ ලිපියක් . මෙහෙතියෙන බෝධිසත්ව රුප ටිකක් එවන්න බලන්නම්

    ReplyDelete
    Replies
    1. @ Bindi

      අක්කලා ඉන්න රටවල තදින්ම බෝධිසත්ව වන්දනාව ක්‍රියාත්මක වෙනවා නොවැ.. ලංකාවේ මේ විදිහට කිසියම් දේශීය හුරුවක් යටතේ බෝසත් පිළිම අතීතයේ නිර්මාණය වුනත් වර්තමානයේ බෝසත් වන්දනාව කරන අය කරන්නේ විදෙස් රටකින් ආනයනය කරපු ප්‍රතිමාවකට වන්දනා කරන එකනේ

      Delete
  4. අද නම් ලංකාවේ ථෙරවාද රණකාමීන්ගේ (සුළුතරය) දැඩි විරොදයක් තියෙනවානේ මහායානයට.. මේ පිළිම වලින් පැහැදිලිවෙන්නේ අපේ මුතුන් මිත්තෝ දැන් ඉනා අයට වඩා පුළුල් විදිහට හිතන්න පුළුවන් මිනිස්සු බවයි.. හැම බවුද්දයෙක්ම බෝදිසත්වයෙක් වෙන්න ඕන තමයි.. ධර්ම විශාරදයෙක් උන අපවත් වූ කිරින්දේ ධම්මානන්ද හාමුදුරුවෝ කිවුවේ එහෙමයි.ලොවුතුරා බුදු පසේ බුදු මහ රහත් යන බෝදීන් තුනෙන්ම නිවන් දකින්න වීරිය කරන කෙනෙකුට තහනම් කරලා නැහැනේ. එකනේ කියයන්නේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකින්න කියල.. ඒ තුන් අආකරයෙන් කොයි ආකාරයට හරි පත්වෙන්න කෙනෙක් බෝධි සත්වයෙක් වෙන්න ඕනා . පෙරුම් පුරන්න ඕනා. හැම බවුද්දයෙකුගේම ප්‍රාර්ථනය වෙන්න ඕන බෝධිසත්වයෙක් වෙන එක කියන එක ඒ නිසා වැරදි නැහැ. ඔබේ ලිපියට බොහොම තුති.. අපේ රටේ බුද්ධ දර්ශනය ටිකින් ටික සිඳී යනවා. අන්තිමට ලොකු පිළිම දාගැබ් නම් ඉතිරිවෙයි සංස්කෘතික වස්තු හැටියට.. ආගමික යුද්ද කිරීම අන් ආගම් හා සටන් කිරීම ඉඩකඩම් දේපල වලට ගහ මරා ගැනීම වගේ බුදුන් හෙලාදුටු දේ කරමින් ඉන්නවා මිස පෙරුම් පිරීම මුල්කර නොගත් සංග පරම්පරාවක් කොහොමද බුද්ධ ධර්මය බුද්ධ දර්ශනය ඉදිරියට ගෙනියන්නේ ?

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      මිනිස්සු තමන්ගේ ආගම වෙනුවෙන් හැමදේම කළත් නොකරන්නේ ආගමට අනුව ජීවත් වීම කියනවනේ. ලංකාවේ වෙන දේවල් එක්ක ඒවා හොඳටම පැහැදිලියි.

      කොහොම නමුත් හින්දු මූලයකින් හටගත්තු දෙවිවරුන් [එයාලගේ මෝඩකම්, කපටිකම්, රාගික හැසිරීම් වගේ දේවල් ගැන අපි දන්නවනේ] වන්දනා කරනවාට වඩා බෞද්ධ මූලයක් තිබෙන මතු බුදුවන්නට පෙරුම් පුරන බෝධිසත්වරයෙක් වන්දනා කිරීම සාධාරණයි කියලයි මගේ හැඟීම.

      ඒ නැතත් නියමාකාරයෙන් බුදු දහමේ කටයුතු කරනවා නම ඒකයි විය යුත්තේ

      Delete
  5. ඉතාම වටිනවා මල්ලි. පොත් 10 කින් හොයාගන්න වෙන කරුණු ඔයා මේ විදියට එක සටහනකට දක්වලා තියනවා දක්ද්දි, ඉතිහාසයට ආදරේ කරන කෙනෙක් විදියට මගෙ ආසාව දෙතුන් ගුණයකින් වැඩි වුණා. ඇත්තමයි, මේ වගේ විෂයන් හදාරන්න හිතෙන්නෙත් පින් කරපු මිනිස්සුන්ට

    ReplyDelete
    Replies
    1. @ සිඳු

      ස්තුතියි අක්කේ...

      ඉතිහාසය හදාරන්නේ පින් කරපු අය කියලා කියනවාටත් වඩා මම නම් කැමති සංසාරයේ හුරුවක් තියෙන අය කියලා කියන්න. ඉතිහාසය හුඟක් අය හැදෑරුවත් ඒ තුළ ආශාවෙන් රැඳිලා ඉන්නේ සංසාරය පුරාම ඒ විෂයත් එක්ක බද්ධ වෙලා හිටපු අය

      Delete
  6. ඉතාම වටින පෝස්ට් එකක්. මමත් දෙපාරක්ම කුෂ්ටරාජගල පිළිමය බලන්න ගිහින් තියෙනවා. මේ තරම් විස්තරයක් දැන ගත්තේ අදයි.

    ReplyDelete
    Replies
    1. @ Dilshan

      සතුටුයි. ඊළඟ වතාවක යද්දී වීරයා වගේ අනිත් අයටත් කරුණු කාරණා කියාදෙන්න ඔයාටත් පුලුවන් වේවි

      Delete
  7. තාම නම් ගිහින් නෑ.. ඒත් බලාපොරොත්තුවක් නම් තියෙනවා.. බලමුකෝ!!

    ReplyDelete
    Replies
    1. @ රැංගෝ

      ඔයාලගේ ගම් පළාතේ නේද ?? අනිවාර්යයෙන්ම ගිහින් බලන්න

      Delete
  8. හොඳ විස්තර වාර්තාවක්නෙ. මම දැන හිටියෙ නැහැ බෝධිසත්ව වන්දනාව මේ තරම්ම අපේ ජන ජීවිතයට කා වැදිලා තිබුණු බව. කුෂ්ඨරාජගල ප්‍රතිමාව හුඟක්ම ලස්සනයි. බොහොම ස්තුතියි තොරතුරුවලටත් ඡායාරූපවලටත්

    ReplyDelete
    Replies
    1. @ නලිනි චන්දිමා

      බෝධිසත්ව වන්දනාව අපේ අතීත ජන දිවියට බැඳිලා තිබුණා වගේම වර්තමාන දිවියට තදින්ම බැඳිලා තිබෙන බව පේනවා. මම දන්න කීඅප දෙනෙක්ම ඉන්නවා දෙවිවරුන්ට වන්දනා කරන්නේ නැති ඒත් බෝසත්වරුන්ට වන්දනා මාන කරන...

      ස්තුතියි ප්‍රතිචාරයට

      Delete
  9. මේ ලිපිය මෙන්ම ඔබේ මුලු බ්ලොග් එකම අපූරුයි හසිත. ගොඩක් වටිනවා. විද්‍යා විශයන් හැදැරුව කෙනෙක් වුනත් මම ඉතිහාසයට ගොඩක් ආදරෙයි. සාමාන්‍ය පෙල අතිරේක විශයක් විදිහට ඉතිහාසය තෝර ගත්තෙත් ඒ නිසාමයි, ඒ මුවාවෙන් උසස් පෙලට නියමිත ඉතිහාසය පොතුත් කියෙව්වා. රටක ජාතියක අභිමානයට බලපාන ප්‍රධාන සාධකයන් තමයි ඉතිහාසය හා කලාව. ඒ අතින් අපේ මේ පුංචි රට ලොකේ කිසිම රටකට දෙවෙනි වෙන්නෙ නැහැ නේද. අවාසනාවකට ඉතිහාසයේ කලාවේ වටිනාකම තේරුම් ගන්න පුලුවන් අය එන්න එන්නම අඩු වී ගෙන යනවා. ඒ වගේ යුගයක ඔබේ මේ වෑයම අමිලයි! මේ බ්ලොග් එක හමු වීම ගැන මට ගොඩක් සතුටුයි. තව තවත් ලියන්නට ඔබට ශක්තිය දහිරිය නොඅඩුව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      …ස්තුතියි ඔබේ අගය කිරීමට. ඒක සැබවින්ම මට ශක්තියක්. ඉදිරියේදී ඊ අටුවාව සමඟ එකතු වෙන්න :)

      Delete
  10. Replies
    1. @ ruwan ranasinhe

      ස්තුතියි

      Delete
  11. මේ රටක් වටින තොරතුරු බ්ලොග් එකකින් කියවන්න ලැබීම වාසනාවක්. හසිත, කවදා හරි මේ බ්ලොග් ටික එකතු කරලා වටිනා පොතක් හැටියට මුද්‍රණය කරන්නත් පුලුවන් වෙයි.

    පුතා, මට පැරණි ප්‍රතිමා දකිනකොට ඇතිවෙන හැඟීම තමයි ඒවා නෙලාපු කලා කරුවො ඒ ප්‍රතිමා නෙලන්න කොයි තරම් කාලයක්, උපරිම අවධානයෙන් ගත කරන්න ඇතිද කියලා. එක මිටි පාරක් වැරදුනානම් කරපු සේරම ඉවරයි. ඒවා තොග ගානට හදලා මහපාර අයිනෙ තියාගෙන විකුණපුවා නෙමෙයි නේ.

    ReplyDelete
    Replies
    1. @ Gaminie Vijith Samarakoon

      ඉදිරියේදී මේ සටහන් එකතු කරලා පොතක් කරන්න අදහසක් තියෙනවා. බලමුකෝ. එහෙම එකක් වුණොත් ඔයාලත් ඒකේ ආරාධිතයෝ. මොකද මේ තරමට මට ලියන්න සවියක් වෙන්නේ ඔයාලා.....

      අවසානයට ඔබ කියපු කතාවට මමත් එකඟයි. හිතන්න අවුකන පිළිමයේ තියෙන සියුම් සිවුරු රැලි. කොපමණ සංයමයක් තියෙන්න ඕනේද ඒ වගේ නිර්මාණයක් කරන්න. ඒත් අභාග්‍යය තමා ඒ මුතුන් මිත්තන්ගේ වර්තමාන පුරුක් වෙන අපිට ඉවසීමක්, සංයමයක් තියෙනවාද කියන එක :(

      Delete
  12. අමතක වෙලායන අපේ අතීත උරුමය, සංස්කෘතිය හැම කෙනෙකුටම තේරෙන විදිහල පැහැදිලි කරල තියනව. බෝධිසත්ත්ව වන්දනාව ගැන අහල තිබ්බට මේ තරම් විස්තරයක් දැන ගත්තෙ මේ පෝස්ට් එකෙන්. මමත් ආස කරන විෂයක් තමයි ඉතිහාසය. මේ වගේ දේවල් දිගටම ලියන්න.. ඔබට ජය..

    ReplyDelete
    Replies
    1. @ Chandana D M

      අපේ උරුමය මතු පරපුරට අපි හරියට දායාද කළේ නැත්නම් අපේ මුතුන් මිත්තෝ අපිට සාප කරයි අපි ඒ කරපු වැඩේ දැකලා. ඒක නිසා අපි ඒ කටයුත්ත කළ යුතුමයි. ඉතිහාසයට තියෙන ඇල්ම ඒ විදිහටම තියාගන්න.

      …ස්තුතියි ඔබට :)

      Delete
  13. අදමයි මේ පැත්තට ආවෙ‍‍‍.. බොහොම අපූරු ලිපියක්. ගොඩක් වැදගත්. ඒත් පුංචි කොස්සක් දැනුනා ආපු ගමන්ම. මේ ටෙම්ප්ලේට් එක. මම කැමතියි කළු පසුබිමක සුදු අකුරු නැතුව සුදු පසුබිමක කළු අකුරු එක් කරනවා නම්. ඇහැටත් ප්‍රියයි. අනිත් එක තමා මේ පෝස්ට් එකේ ඉඩ ඇහැරිලා තියන නිසා අනවශ්‍ය විදිහට පෝස්ට් එක දිග වෙන එක. මම පෞද්ගලිකව කැමතියි එහෙම වෙනවා නම්‍.

    හරි හි වට්එවර්.. මේ වගේ දේවලි දිගින් දිගටම ඉදිරිපත් කරන්න කියලා සුභ පතනවා‍.

    ReplyDelete
    Replies
    1. @ ආගන්තුක යා

      ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න ඕනේ කියලා ටික කාලෙක ඉදන් හිතේ තිබුණත් කම්මැලිකම තමා හරහට හිටියේ. ඔයාගේ යෝජනාවත් එක්ක කැම්මැලිකම පැත්තකට දාලා වැඩේ පටන් ගත්තා. බොහොමත්ම ස්තුතියි ලබාදීපු හයියට :)

      Delete
  14. අපේ ඉතිහාසය ගැන අපිට මතක් කරපු එක ගැන මම ගොඩාක් සතුටුයි. දැන් කාලේ අපි අපේ ඉතිහාසේ අපිට අමතක වෙන කොට කවර කතාද?

    ReplyDelete
    Replies
    1. @ ගයාන් KG

      ඉතිහාසයම නොවැ නැවත නැවතත් සිද්ධ වෙන්නේ........... ස්තුති මේ පැත්තේ ආවාට :)

      Delete
  15. http://helayugaya.blogspot.com/2011/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. @ Char

      ස්තුතියි දැනුවත් කළාට. මම ඒ සටහන කියෙව්වා වගේම මගේ අදහස් කීපයකුත් එකතු කළා...

      Delete
  16. මේ ලිපිය නම් කියෙව්වේ නෑ.. නිවී සැනසිල්ලෙ කියවන්නම්..

    ආගිය කතා හා මේකෙ වෙනස මොකක්ද?

    ReplyDelete
  17. @ හරී

    ආගිය කතා කියන්නේ හරියට සලාදයක් වගේ. ඒකේ මම දකින, අහන, දන්න හැමදේම කතා කෙරෙනවා. ඒත් ඊ අටුවාවෙන් මම කතා කරන්න අපේ අප්‍රකට උරුමයන් ගැන වඩාත් සවිස්තරාත්මකව

    ReplyDelete
  18. ඔයාගේ මේ සයිට් එක නම් මාර වටිනවා. හරිම වැදගත්. මගේ සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. @ Naleen Dilruksha

      ස්තුතියි ඔබේ අගය කිරීමට. කාලෙකින් ලිපියක් ලියන්නත් බැරිවුණා. මේ මාසය ඉවර වෙන්න කලින්වත් ලිපියක් ලියන්න ඕනේ කියලා ඔබේ ප්‍රතිචාරය නිසාම මට හිතුණා. ස්තුතියි..

      Delete
  19. ඇත්තටම ඔව්.හරිම වටිනා ලිපි එකතුවක් තියෙනවා..මං මේ හැම ලිපයක්ම කියවනවා.ගොඩක් වටිනවා... මට සතුටියි නිකන් වචන දෙකක් පටලලා කවියක් ලියනවට වඩා මේ වගේ සයිට් එකක් තියෙන එක.එළ කිරි.දිට්‍ගටම ලියන්න.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. @ ධමිමික ස‍‍දරුවන්

      එක එක අයගේ රසාස්වාදය වෙනස් නොවැ මිත්‍රයා :) ස්තුතියි සුභාශිංසනයට

      Delete
  20. මේකට කලින් කොමෙන්ට් කලාද මන්දා.. කමක් නෑ දෙපරක් වැඩි වෙන්නෙ නෑනෙ, මල් මල් කතා අතර මේව ගොඩක් වටිනවා මලයා..
    මටත් ගොඩක් ප්‍රයෝජනවත්, මේවයෙ මම ගත්තු ෆොටෝ දාද්දි විස්තර ටිකක් උස්සනවා :ඩී
    කීප් ඉට් අප්!

    ReplyDelete
    Replies
    1. @ FOX Creationz

      කිසිම ගැටළුවක් නැහැ අයියා. දැනුම කියන එක පුලුවන් තරම් සංසරණය වෙනවා නම් කොච්චර දෙයක්ද :)

      Delete
  21. මටත් මේක ටිකක් නිවීහැනහිල්ලේ කියවන්න ඕන... අපූරු ලිපියක්... අදනම් වැඩිදුර කියවන්න බැරි වුණා... ආයෙමත් ඇවිල්ලා කියවන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. @ අළුත් මල්ලි

      ඔව් ඔව් නිවී හැනහිල්ලේ කියවලා ඔළුවටම දාගන්න. ඒක වටිනවා..

      Delete
  22. නවය වසරේ චිත්‍රවලට ඉ‍ගෙනගත්තට පස්සෙ ආයෙම මතකය අලුත් වුණා.විභාගය ඉවර වුණාට පස්සෙ යන්න ඕනේ ඔය පැත්තෙ රවුමක් දාන්න.

    ReplyDelete
    Replies
    1. @ වැසි දැරිය

      ඒ පැත්තේ යන ගමන් තෙල්වත්තේ තොටගමු රාජ මහා විහාරයටත් යන්න අමතක කරන්න එපා. බොහොම වටිනා කියන තැනක්

      Delete
  23. කුෂ්ටරාජගල තියෙනවා තව ඉන්ටෙරෙස්ටින්ග් දෙයක් . දහනව වෙනි සියවසේ මුල් කාලේ වගේ පදි0චිවෙලා හිටි සුදු ජාතිකයෙක්ගේ ගලින් කල කුරුසයක් කොටපු සොහොන .ඔහුට මේ බිම් කඩ අයිතිවෙලා තිබිලා තියෙනවා .ඒ වගෙම ඔහු ඉතා හොඳින් බුදු දහම ඇදහූකෙනෙක්

    ReplyDelete
    Replies
    1. @ TG

      ස්තුතියි අයියා තොරතුරුවලට. කුෂ්ටරාජගල තවත් ෆොටෝස් බලන්න තියෙන ලින්ක් එකෙන් ගියා නම් ඒ සොහොනේ ඡායාරූපයකුත් එකතු කරලා තියෙන්නේ. ඒ සුදු ජාතිකයාගේ නම් Thomas H.D. Cauder. ඔහු මිය ගිහින් තියෙන්නේ 1907 අගෝස්තු මාසේදී

      Delete