ශ්‍රී ලංකාව වගේ පුරාවිද්‍යා උරුමයන්ගෙන් පොහොසත් වන රටවල් හරි දුලබයි කියලා තමා මට හිතෙන්නේ. ඒ විදිහට පුරාවිද්‍යා උරුමයන් විශාල වශයෙන් තිබ්බත් ඒවා සංරක්ෂණය කිරීමක් මතු පරම්පරාවලට දායාද කිරීමක් හරි විදිහකට වෙනවද කියලා සැක සහිතයි. ඉතින් පුරාවිද්‍යා උරුමයක් වගේම ආගමික අතිනුත් වැදගත් වෙන පුදබිමක් ගැන තමා කියන්න යන්නේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටලා තියෙන මුහුදු මහා විහාරය ගැන තමා අද e - අටුවාවේ අවධානය යොමු වෙන්නේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටලා තියෙන මුහුදු මහා විහාරය ගැන තමා අද e - අටුවාවේ අවධානය යොමු වෙන්නේ.
Google maps මඟින් ගත් ප්‍රදේශයේ ඡායාරූපයක් [අරුණ රණවක මහතාගේ facebook ගිණුමෙන්]
ලංකාව අතීතයේ සිටි රජ දරුවෝ ලංකාව වටා පිහිටලා තිබුණු වරායවල්, තොටුපොළවල් ආශ්‍රිතව ආගමික ස්ථාන ඉදිකිරීමක් කරලා තියෙනවා. ඒකෙන් ඒ නැව්තොටවල්වලට එන විදේශිකයන්ට මේ රටේ තියෙන ආගම්, ඇදහීම් ගැන අවබෝධයක් ලබාදෙන්න උත්සාහයක් ගත්තා වෙන්න පුලුවන්.
උදාහරණ විදිහට ත්‍රිකුණාමලය හෙවත් අතීතයේ ගෝකණ්ණ විදිහට හැඳින්වුණු වරායේ තියෙන ගෝකණ්ණ විහාරය, දෙවිනුවර ප්‍රදේශයේ තියෙන උපුල්වන් දේවාලය, දඹකොළ පටුනේ තියෙන බෞද්ධ විහාරය වගේ ඒවා දක්වන්න පුලුවන්.
ඒ විදිහටම ඉදි කරපු ජූජනීය ස්ථානයක් විදිහට මේ මුහුදු මහා විහාරයත් දක්වන්න පුලුවන්. ජනප්‍රවාදවල එන විදිහට ක්‍රි.පූ 2 වන සියවසේදී විතර කැලණි රාජධානියට ඇතිවෙන සුනාමි තත්වයෙන් මිදෙන්න කැලණි රාජධානියේ පාලකයා වුණු කැලණිතිස්ස රජතුමා තමන්ගේ දූ කුමරිය වෙන දේවි කුමරියව මුහුදට බිලි දෙනවා.
ඒ කියන්නේ කුමාරිව ඔරුවක දාලා මුහුදට පා කරලා හරිනවා. ඒ විදිහට මුහුදට බිලි දෙන දේවි පා වෙලා ගිහින් ගොඩ බහින්නේ මේ මුහුදු මහා විහාරය පිහිටලා තියෙන ස්ථානයටයි.
නමුත් ප්‍රසිද්ධ මතය වෙන්නේ දකුණු පළාතේ පිහිටලා තියෙන කිරින්ද ප්‍රදේශයට තමා දේවි කුමාරි ගොඩ බැස්සේ කියලා. ඒත් මට හිතෙන දෙයක් තමා කිරින්ද වගේ ගල් කුළු හුඟාක් තියෙන මුහුදු රළ හුඟාක් තියෙන ස්ථානයකට ඔරුවක් කොහොමද එන්නේ කියලා.
ඉතින් හුඟාක් දුරට දේවි කුමාරි ගොඩ බැස්සේ මුහුදු මහා විහාරය පිහිටලා තියෙන ප්‍රදේශයට වෙන්න ඕනේ කියලා හිතෙන අනික් කාරණේ තමා ඒ ආසන්නයේ ලාහුගල ප්‍රදේශයේ පිහිටලා තියෙන මඟුල් මහා විහාරය කියන ස්ථානයේ තියෙන ගල්වලින් කරපු නිර්මාණය කාවන්තිස්ස විහාර මහ දේවි දෙදෙනාගේ විවාහයට භාවිත කරපු මඟුල් පෝරුව කියලා විශ්වාස කරන එක.
ජනප්‍රවාද වගේම නොයෙක් මති මතාන්තර තිබුණත් පුරාවිද්‍යා කැණීම්වලින් පස්සේ දක්වන අදහස වෙන්නේ මේ සිද්ධස්ථානය ගොඩනගලා තියෙන්නේ මහා දාඨික මහානාග රජ දවසේ කියලා. ඒ කියන්නේ කාවන්තිස්ස රජ සමයෙන් වසර 200 කට විතර පස්සේ කියලා. ඒ වගේම මහාවංශයේ 34 වෙනි පරිච්ඡේදයේ රුහුණු රට ලංකා විහාරය විදිහට මේ විහාරය හඳුන්වලා තියෙනවා කියලා සොයාගෙන තියෙනවා.
මේ ස්ථානය වර්තමානයේදී සොයා ගෙන තියෙන්නේ 1960 දශකයේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතානයන් විසින්. එතුමා මේ භූමිය පුරාවිද්‍යා සංරක්ෂිතයක් බවට පත් කරලා තියෙනවා. ඒකත් එක්කම මේ විහාරය අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකායට අයත් පන්සලක් බවට පත්වෙලා තියෙනවා.
ඒ යටතේ මේ විහාරයේ මෑතකාලින් ඉතිහාසයේ ප්‍රථම විහාරාධිපති විදිහට කටයුතු කරලා තියෙන්නේ තංගල්ලේ සිරි සුනන්ද අනුනායක හිමිපාණන් වහන්සේයි.
වර්තමානයේ මේ විහාරස්ථානයේ තියෙන ගොඩනැගිලි ආදි දේ ගැන කතා කළොත් භික්ෂූන් වහන්සේලාගේ විනය කර්මවලට භාවිතා කරපු සීමා මාලකයක් වගේම මුහුදු වැල්ලෙන් වැසිගියපු චෛත්‍යයකුත් දැකගන්න පුලුවන්. තවත් පාදා නොගත්තු පුරාවස්තු රැසක් මේ බිම පුරා විසිරිලා තියෙනවා. ඒ වගේම විහාර මහා දේවිය පැමිණි ඔරුව මේ අසළ නිදන් කර ඇති බවකුත් කියවෙනවා.
සීමා මාලකය ගැන කතා කළොත් හිටි බුදු පිළිමයක් වගේම තවත් හඳුනා නොගත්තු පිළිම දෙකකුත් සීමා මාලකයේ තැන්පත් කරලා තියෙනවා. ඒ ගැන මත කීපයක්ම පලවෙලා තියෙනවා. ඒවා අවලෝකිතේශ්වර බෝසත් පිළිම බව එක් මතයක්. තවත් මතයක් වෙන්නේ ඒවා කාවන්තිස්ස රජතුමාගෙයි විහාර මහා දේවියගෙයි පිළිම බවයි.
මේ පිළිම බොහෝවිට බෝසත් පිළිම වන්නට පුළුවන්. ඒකට උදාහරණයක් විදිහට වැලිගම කුෂ්ඨරාජගල ඇති අවලෝකිතේශ්වර බෝසත් පිළිමයේ හා මේ අවසාන පිළිමයේ තියෙන සමානකම දක්වන්න පුලුවන්.
ඒ වගේම මුහුදු වැල්ලෙන් වැසිලා තියෙන චෛත්‍යයේ මේ වනවිට දකින්න ලැබෙන්නේ ගල් කණු කීපයක් විතරයි. ඒකට හේතුව කිසියම් කණ්ඩායමක් විසින් ඒ ස්ථානය ඩෝසර් කිරීමයි.
ඒ වගේම මුහුදු වැල්ලෙන් වැසිලා තියෙන චෛත්‍යයේ මේ වනවිට දකින්න ලැබෙන්නේ ගල් කණු කීපයක් විතරයි. ඒකට හේතුව කිසියම් කණ්ඩායමක් විසින් ඒ ස්ථානය ඩෝසර් කිරීමයි.
ඩෝසර් කර ඇති චෛත්‍යයේ දැනට ඉතිරි කොටස්
මේ වෙනකොට මුහුදු මහා විහාරය මුහුණ දෙන විශාලම ගැටළුව වෙන්නේ නියමිත පරිදි සීමා ලකුණු නොකිරීම නිසා විවිධ කණ්ඩායම් පුරාවිද්‍යා රක්ෂිතයේ තමන්ගේ ගෙවල් තනාගෙන සිටීම. 1960 දශකයේ මුහුදු මහා විහාරය පුරාවිද්‍යා සංරක්ෂිතයක් බවට පත් කරද්දී අක්කර 73 ක් භූමියක් පැවති බවත් එය මේ වෙද්දී අක්කර 3 ක් දක්වා අඩුවෙලා තියෙනවා.
මේ විහාරයට අටුවාකරුට යන්න හැකිවුණේ මේ වසරේ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ වාර්ෂික චාරිකාව අම්පාර ප්‍රදේශය මූලික කරගෙන පිටත්වුණු නිසා. ඉතින් වර්තමාන මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන් වෙන වරකාපොල ඉන්දසිරි හාමුදුරුවෝ විහාරය මුහුණ පාලා තියෙන ගැටළු ගැන සාධක ඇතිවම විස්තර කළා.
මේ විදිහට පුරාවිද්‍යා උරුමය වැනසෙන්නට ඉඩ නොදී ඒවා ආරක්ෂා කරන්න කටයුතු කරන එක හැමෝගෙම වගකීම වෙනවා.
ලිපිය ලියන්න පාදක වුණේ 2010 ඔක්තෝබර් 17 වෙනි ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවුණු "ඩෝසරයට යටවුණු මුහුදු මහා විහාරය" ලිපිය
පොතුවිල් මුහුදු මහා විහාරයේ තවත් ඡායාරූප බලන්න මෙතන කොටන්න.
පොතුවිල් මුහුදු මහා විහාරයේ තවත් ඡායාරූප බලන්න මෙතන කොටන්න.
http://www.facebook.com/note.php?note_id=491499835195
ReplyDeleteකියාගන්න බැරි තරම් වටිනා විස්තරයක් අයියේ..මේ කරන වැඩේ නම් මිල කරන්න බෑ...සෑහෙන්න වටිනවා..දිගටම ලියන්න...මොන දේ උනත් නවත්තන්න එපා.....
ReplyDeleteඅපි පොඩි කාලෙ ඔය කතාව අහල තියෙන්නේ කැලනි තිස්ස රජතුමා (මගේ මතකය හැටියට ) හාමුදුරු නමක් තෙල් කටාරමක ගිල්වලා මරණයට පත් කලාට පස්සේ තමයි ඔය මුහුද ගොඩ ගැලීම ඇති උනා කියන්නේ. මේ මුහුද ගොඩ ගැලීම නවත් වන්න නම් රාජතුමාට ලේ නෑකම් කියන කෙනෙකුව මුහුදට බිලි දෙන්න ඔනෙ කියලා පඩිවරු කිවුවලු. ඊට පස්සේ තමන්ගේ රටයි ජාතියි බේර ගන්න දේවි කියන රජතුමාගේ දූ කුමරිය කැමැත්තෙන්ම ඉදිරිපත් උනාලු. ඊට පස්සේ මේ කුමරියව නැවක නංවලා මුහුදේ පාකර හැරි යා ලූ. නැව කිරින්දට (ඔබ කියන පරිදි මුහුදු මහා විහාරයට ) ලං වෙද්දි එවකට ලංකාවේ රුහුණු රටේ රජකම් කරපු කාවන්තිස්ස රජුගේ හේවායෙක් රජුට මේ බව සැල කලා ලු. ඊට පස්සෙ රජු පිරිවරත් සමග පැමිණ මේ කුමරියව බේර ගත්ත ලු. සද්ධා තිස්ස , දුටුගැමුණු වැනි රජවරුන්ට මව උනෙත් මේ දේවි කුමරිය.
ReplyDeleteමෙහෙමයි අයියේ.. කිරින්දට දේවී කුමරිය කොහොමද ගොඩ බැස්සේ කියලා කිරින්දට ගිය වෙලාවක මටත් හිතුනා.. ඒත් දැනට ශතවර්ෂ ගාණකට කලින්.. එතන වෙරලක් තියෙන්න ඇති නේද..? මුහුදු කාදනය නිසා වෙන්න බැරිද අපිට ඒක දකින්න නැත්තේ..? අනික් එක තමා ඔයා මුහුදු විහාරෙ ගැන ලිවුව එක ගොඩක් හොඳයි.මමත් එතනට ගියා.. සුනාමියෙනුත් බේරුන තැනක්.ඔව් එතනට ආවා කියලා හිතන්නත් පුළුවන්.. දැන් ඒ පන්සලට කොච්චර කරදරද වටේ මුස්ලීම් අයගෙන්.. අනේ ඇත්තට..
ReplyDeleteඔයා ලියන දේවල් ගොඩක් වටිනව.. ස්තුතියි මහන්සි වෙලා මෙහෙම වටිනා දෙයක් අපිත් එක්ක බෙදා ගන්නවට.. අතිතයක් දන්නැත්තම් කොහොමද අපි අනාගතයක් ගැඅන හිතන්නේ..
Aneee Ape urumaya ta wena dewal gana duka hithenwa ... api hama paththenma bata kanwa.. Muslim aya ape urumaya winasa karanawa... Muslims destroy our heritage... Very good Article.. May triple gem Bless u...
ReplyDeleteෂා නියමයි කතා හසීයෝ.....
ReplyDeleteමගේ යාළුවෙක් ළගත් ඇති පොත් මේවගේ අපේ ඉතිහාසය ගැන...හම්බවෙන වෙලාවක ඉල්ලන් ගෙනත් දෙන්නම්කෝ......
දිගටම ලියන්න.....සුභ පතනවා....
මයියා ත් මුහුදු මහා විහාරයට ගිය අවුරුද්දේ ගියා, පන්සල වටා ඉන්න මුස්ලිම් වරු පන්සලේ භූමිය අත්පත්කරගේන අතිබවක් හැගී යනවා...මේතනට ගියාම , විහාර මහා දේවීය ගොඩ බැහැලා තියෙන්නෙ මෙතැනයි කියන්න ඔනතරම් සාක්ශි තියෙනවා..ඒ සදහා කිරින්දට මේතරම් පුරාවිද්‍යා සාක්ශි නැතැයි කියලයි මයියා ට හිතෙන්නේ
ReplyDeleteහසිත, මයියා දැන් තමයි මේ බ්ලොග් එකේ හතර මායිම් හා අයිතිකරුවා ගැන කියෙව්වේ...කියෙව්වට පස්සෙ ඔයාගේ උත්සහය අගේ නොකර යැමට මයියා ට හිත දුන්නේ නැ...ඉතිහාසය විශය හැදැරීම හා ඒ සම්බන්ද ක්‍රියාකාරී උත්සහය මයියා බෙහෙවින් අගය කරනවා..ඔබ වැනි තරුණයන් මේ විශය හැදැරීමට හා එය අන්තර්ජාලය හ මුසු කිරීමට දරා ඇති උත්සහයට මයියා සුබ පතනවා
ReplyDeleteAnonymous
ReplyDeleteමම හිතන විදිහට මේ චානක අයියා වෙන්න ඕනේ. ස්තුතියි අයියා කරුණු එක් කලාට........
ර ත් ග ම යා
ReplyDeleteස්තුතියි මලේ. මම දන්නවා රත්ගමයා එළ කොල්ලෙක් කියලා. සෙට් එකේ ඉන්න චූටිලා කලූලා කට්ටිය අරන් යන්න වෙයිද දන්නේ නැහැ ඉස්සරහට මේ පැත්තට :))
මධුරංග
ReplyDeleteස්තුතියි අයියා කරුණු එකතු කිරීමක් කලාට. මේ ගැන නොදන්නා අය අවබෝධයක් ගන්න ඇතියි කියලා හිතනවා..............
ප්‍රාර්ථනා
ReplyDelete"ඒත් දැනට ශතවර්ෂ ගාණකට කලින්.. එතන වෙරලක් තියෙන්න ඇති නේද..? මුහුදු කාදනය නිසා වෙන්න බැරිද අපිට ඒක දකින්න නැත්තේ..? "
ඒක නම් සමහර විට ඇත්ත වෙන්න පුලුවන්.
ඒත්
මම අන්තිමට කිරින්දට ගියේ මම ඉස්කෝලේ 8 වසරේ වගේ ඉන්න කාලේ. ඒක නිසා කිරින්ද ගැන ලොකු මතකයක් මට නැහැ.
කිරින්දෙන් ඓතිහාසික කාලයට අයත් වෙන නිර්මාණ හරි වෙනත් සාධක හරි හම්බවෙලා තියෙනවාද ? මට මතක විදිහට කිරින්දේ තියෙන ඔක්කෝම වගේ නිර්මාණ මෑත කාලේදී ඉදි කරපුවා.
"දැන් ඒ පන්සලට කොච්චර කරදරද වටේ මුස්ලීම් අයගෙන්.. අනේ ඇත්තට.."
ඇත්තටම එතනට ගිය අයට තේරෙනවා ඒ හාමුදුරුවරු කොච්චර අමාරුවෙන්ද ඒ ස්ථානය ආරක්ෂා කරන් ඉන්නේ කියලා...........
Vathsala
ReplyDeleteඅපි හැම පැත්තෙනම බැට කනවා කියලා අධෛර්යමත් වෙලා හරියන්නේ නැහැ අක්කේ. ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. අනික් අයව ඒ ගැන දැනුවත් කරන්න ඕනේ.
මම දන්නා තරමින් ඔයත් ඒ වගේ අපේ උරුමය රැකගන්න අනික් අයව දැනුවත් කරන කටයුතු කරනවානේ :)
෴ හසියා ෴
ReplyDeleteස්තුතියි අයියා දෙන සප් එකට. තවත් අළුත් යමක් ලියන්න ඒක උපකාරී වෙයි මම හිතන විදිහට............
මයියා
ReplyDeleteස්තුතියි අයියා අගය කිරීම ගැන. හැමදාම එකම තැටි වාදනය කරන්නේ නැතිව අළුත් යමක් ගැන කතා කරන මයියාගේ බ්ලොග් එක ගැනත් අටුවාකාරයාට තියෙන්නේ ලොකු පැහැදීමක්.
ඒ වගේම මුහුදු මහා විහාරය ගැන මයියා දරණ මතය තමා අටුවාකරුත් දරන්නේ. විධිමත් පුරාවිද්‍යා ගවේෂණයක් මුහුදු මහා විහාරයේ කරන්න කාලය දැන් එළඹිලා තියෙන්නේ...............
මාරම වටින විස්තරයක් මම බලන්න පරක්කු උනා ..කමක් නෑ දැං දැක්කනේ
ReplyDeleteජයවේවා !!
හිස් අහස
ReplyDeleteවිස්තරේ බලන්න නම් ඔයා පරක්කු නැහැ අයියේ. ඒත් සමස්තයක් වශයෙන් ජාතියක් විදිහට ගත්තාම අපි තාමත් පරක්කුයි අපේ උරුමය රැකගන්න ඉදිරිපත් වෙන්න.
This comment has been removed by the author.
ReplyDeleteඇත්තටම සිරාම වැඩක්... :-)
ReplyDeleteදිගටම කරගෙන යන්න සුබ පතනව!
අනික අපේ කොල්ලෙක් නෙ
Pasan Buddhika
ReplyDeleteදීපු හයියට ස්තුතියි මිත්‍රයා.......
ඇත්තම කියනවා නම් මට ඔය කතාව අම්ම කීවම මම හිතුවේ ගොතපු කතාවක් කියල. සුනාමි ආපු වෙලාවේ තමයි මම ඇත්තටම එක පිළිගත්තේ. මහා මෝඩයෙක් මං !
ReplyDeleteසරත් ලංකාප්‍රිය
ReplyDeleteසමහර දේවල් ගැන කවුරුන් කොහොම කිව්වත් ඒ ගැන අපිම අත් විඳින්නේ නැතිව අපි පිළිගන්නේ නැහැ. ඒක මනුස්සයන්ගේ හැටි වෙන්න ඇති
හිතවත් හසිත මල්ලී, ඔයාෙග් බිෙලාග් අඩවිය මෙග් හිතට අැල්ලුවා. ෙමය ඉතා පරිශ්‍රමයක් දරා කරපු ෙහාද වැඩක්.
ReplyDeleteෙමම කටයුතු ඉදිරියට කරෙගන යන්න ඔයාට ශක්තිය ලැෙබන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.
ඔව්. මේක ගොඩාක් හොඳ බ්ලොග් එකක්. මගේත් සුභ පැතුම්. මෙහෙම ලිපියක් හිතලා ලියන්න බෑ නේ. ගොඩාක් කරුණු හොයන ලියන්න ඕන. සෑහෙන්න මහන්සි වෙලා..
ReplyDeleteමං මේ ලියන්නේ මගේ කුහුල සන්සින්දුවගන්නයි. දැන් අපේ බොහොමයක් ගල් පිළිම කලාකෘතිවල ගරුත්වය ජනප්‍රිය වාදීන් දීල තියෙන්නේ සිහල කලාකරුවාටනේ. එත් මේ නිර්මාණ කල අය අතරේ වෙනත් ලාංකීය ජාතීන් සහ විදේශිකයින් වීමට ඉඩ තිබුනද ? එහෙම දේ ගැන සාක්ෂි ගවේෂණය කරලා තියෙනවද ? මට මේ කුහුල ඇතිවෙන්නේ අපේ කුරුණෑගල පැත්තේ නිර්මානයවෙන ලෝකේ විශාලම ගලින් නෙලන් බුදු රුව හදන්නේ ඉන්දියානු ජාතියකයින් නිසයි..
ReplyDeleteමෙය සිංහල අයට නිර්මනය කරන්න දුන්න එත් ඔව්න් ලොකු ගනක් ඉල්ලනව අඩහ සමජයෙ සුද්ද ගොලියකරනය කරයින් පස්සෙ මනුශ්ය්කමටහ් වඩ ලොකුම දෙ සල්ලි අද මිනිස්සුනට සල්ලි ලොකු නිස හම දෙයකම සල්ලි මත යපෙනව
ReplyDeletepothpath.com
ReplyDeleteබොහොම ස්තුතියි අයියා දීපු හයියට :)
රවින්
ReplyDeleteඇත්ත මහන්සි වුණා නම් තමයි. කොහොම වුනත් මේ ලිපියෙන් ප්‍රයෝජනයක් වුනා නම් සතුටුයි :)
සරත් ලංකාප්‍රිය
ReplyDeleteබුදු පිළිම නිර්මාණය කිරීමේ කලාව එක්ක ආපු ගන්ධාර, මථුරා සහ අමරාවතී සම්ප්‍රදායක් තිබුණු නිසා සමහර විට මේ ඉන්දියානු සම්ප්‍රදායන් ඔස්සේ ඉන්දියානුවන් බුදු පිලිම නිර්මාණය කළා වෙන්න පුලුවන්.
කුරුණෑගල බුදු පිළිමය නිර්මාණය කරන ස්ථපති මහතාගේ පරපුර ලංකාවත් එක්ක සම්බන්ධයක් තිබෙන පරපුරක්. ලංකාතිලක විහාරය නිර්මානය කරපු ස්ථපති රායර් ශිල්පියාගේ පරපුරෙන් තමා ඔහු පැවත එන්නේ
Shanika
ReplyDeleteමාත් ඒ කතාව කොහෙන් හරි ඇහුවා. ශ්‍රී ලාංකික ශිල්පියෝ මේ පිළිමය නිම කරන්න ලොකු ගාණක් ඉල්ලපු නිසයි ඊට වඩා අඩු ගණනකට මේ ඉන්දියානු ශිල්පියා එකතු කරගත්තේ කියලා. කොහොම නමුත් ගම්පොළ යුගයේ ඉදන් මේ ශිල්පියාගේ පරපුර ලංකාවේ විහාර නිර්මාණයට එක්වෙලා තියෙනවා
Sirage kamare nisa tami dangata maket oyage kiyala..Hasithage lepi etin ela...kiyala api danwane,
ReplyDeleteJayawewa,
Sajith Mensis.
@ Sajith Mensis.
Deleteස්තුතියි අගය කළාට :)