
සුමන සමන් දෙවියන් කියලා පිළිගන්නේ ශ්‍රී පාද කන්දට අධිපතිව වැඩ වාසය කරන සෝවාන් වුණු ඒ වගේම ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි කෙනෙක්ව.
ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්.
ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්.

- ලාංකික වංශකතාවල කියන්නේ කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රික නායකයෙක් වුණු සුමන සමන් බුදු හාමුදුරුවෝ ප්‍රථම වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඒ කියන්නේ යක්ෂයින් දමනය කරන්න මහියංගණයට වැඩම කරපු අවස්ථාවේ දහම් අහලා සෝවාන් වුණු බවත්, මහියංගණ දාගැබ ඉදි කරපු බවත්, ඊට පස්සේ බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට කැලණියට වැඩම කරපු අවස්ථාවේ සුමන සමන්ගේ ආරාධනයෙන් එයාගේ වාසස්ථානය වුණු සමනළ කන්දට වැඩම කරලා සිරි පතුල පිහිටෙව්වා කියන එක.
- සුමන සමන් යනු යම බව දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතයත්
- රාමායණයේ එන රාමගේ සොයුරු ලක්ෂ්මණ කුමරු සුමන සමන් ලෙස වන්දනාවට පාත්‍ර වුනා කියන අදහසත්

- මහායන පිළිගැනීම්වල දක්වන ධ්‍යානි බෝසත්වරු [මහාස්ථාම ප්‍රාප්ත ඒත් නැත්නම් ත්‍රෛලෝක්‍යවිජයී] අටදෙනාගෙන් එක් අයෙක් වෙන සමන්ත භද්‍ර බෝධිසත්වයින් සුමන සමන් දෙවියන් ලෙස ලාංකිකයන් වන්දනා කරන බවත් ප්‍රසිද්ධ මත කීපයක්.
කොහොමින් කොහොම හරි මාතෘකාව සුමන සමන් දේව පුරාණය ගැන කතා කිරීම නෙමෙයි මාතෘකාවට ප්‍රවේශයක් ගන්න තමා ඒ ගැන කතා කළේ. මගේ උවමනාව ලංකාවේ තියෙන අප්‍රකට සුමන සමන් දේවාලයක් ගැන කතා කිරීම.
සුමන සමන් දේවාල කියපුවාම අපේ මතකට නැගෙන්නේ රත්නපුරයේ පිහිටලා තියෙන සබරගමු මහ සමන් දේවාලයයි.
ඒත් සිරිපා මළුවේ පිහිටා තිබෙන සමන් දේවාලය මුල් කරගෙන හතර දිශාවට සමන් දේවාල 4 ක් ඉදිකර තියෙන බවයි කියන්නේ. ඒ කියන්නේ රත්නපුරේ තියෙන සබරගමු මහ සමන් දේවාලය ඇරුණාම තවත් සමන් දේවාල 3 ක් තියෙනවා කියන එකනේ.
ඒ එක සමන් දේවාලයක් බලංගොඩ, බොල්තුඹේ ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. බලංගොඩ ඉදන් පින්නවල හරහා බගවන්තලාවට වැටිලා තියෙන පාරේ කිලෝමීටර් 14 ක් විතර ගියාම මේ කියන බොල්තුඹේ සමන් දේවාලයට එන්න පුලුවන්.
මේ ප්‍රදේශයට භාවිතා වෙන බොල්තුඹේ කියන ග්‍රාම නාමය හැදුණු ආකාරය ගැන මත 2 ක් දැකගන්න පුලුවන්. එකක් තමා මේ දේවාලය ආසන්නයේ තියෙන වෙල් යායේ අස්වැන්න ගත්තු එක් අවස්ථාවක බොල් තුඹක් [?] විතරක් ඉතුරු වෙලා තිබුණු නිසා බොල්තිඹේ කියලා ව්‍යවහාර වෙලා පස්සේ බොල්තුඹේ කියලා සකක් වුණා කියලා.

අනෙක් මතය අපි කතා කරන්න යන මාතෘකාවලට අදාළයි. ඒ මතය තමා රාමා රාවණා ගැටුමේදී රාම කුමරයා එවපු ඊතල පහරකින් රාවණා රජු මියගිය බවත් ඊතල පාර නිසා රාවණා රජුගේ හිස වලවේ ගඟ ආසන්නයේ තියෙන ඕලු ගංතොට ප්‍රදේශයේ වැටුණු බවත්, කවන්ධය බොල්තුඹේ දේවාලය පිහිටලා තියෙන බිමට වැටුණු බවත්ය.
ඉතින් ඒ ප්‍රදේශයේ මිනිස්සු හිස නැති රාවණා රජතුමාගේ කඳ කොටස විශාල පස් ගොඩක් දමා වැසූ බවත් ඒ නිසා බහලතුඹ නමින් ව්‍යවහාර වෙලා බොල්තුඹේ වුණා කියන එකයි.
මේ දේවාලයත් සබරගමුවේ මහ සමන් දේවාලයේ ආකෘතියටම සකස් කරපු එකක්. ඒ සඳහා මූලික වුණේ සීතාවක රාජසිංහ රජතුමා බවත් එතුමාගේ නියෝග පරිදි මෙම දේවාලයේ ගොඩනැගිලි හදලා ගම් බිම් පුදලා බොල්තුඹේ සමන් දේවාලය කියලා මේ දේවාලය නම් කරලා සබරගමු මහ සමන් දේවාලයට අයිති දේවාලයක් බවට පත් කරපු බව සබරගමු මහ සමන් දේවාලයේ පැරණි ලිපි ලේඛනවල දකින්න පුලුවන්.
ඒ වගේම සබරගමු මහ සමන් දේවාලයට පර සතුරු උවදුරක් වුණොත් දේවාභරණ වගේම වටිනා වස්තුව බොල්තුඹේ සමන් දේවාලයේ තැන්පත් කළ යුතුයි කියලා රජතුමා නියෝග කරලා ඉතාමත් ශක්තිමත් ආකාරයෙන් මේ දේවාලය සකස් කරා කියලා දක්වනවා.
ඒක නිසා බොල්තුඹේ සමන් දේවාලය සබරගමු මහ සමන් දේවාලයේ කඳුකර දේව ගබඩාව විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශවාසීන්ගේ මතය වෙන්නේ සමන් දෙවියන්ගේ අඩවිය වන ශ්‍රී පාදයේ ඉදන් ඉතාමත්ම ආසන්නයෙන් මේ දේවාලය පිහිටලා තියෙන නිසා සමන් දේව බැල්ම බොල්තුඹේ දේවාලයේ වැඩි බවයි.
නමුත් සීතාවක රාජසිංහ රජතුමාගේ කාලෙටත් බොහෝ කාලෙකට ඉස්සර ඉදන් මේ ස්ථානයේ දේවාලයක් තිබුණු බවත් එය රාවණා රජතුමා වෙනුවෙන් ඉදිකර තිබුණු බවත් ජනවහරේ දැක්වෙනවා. මේ ප්‍රදේශයට නම සෑදෙන්නත් මේ රාවණා රජතුමා මුල් වුණා කියලා මම මුලින් කිව්වේ. ඉතින් මේ ආසන්නයේ තියෙන දෙතනගල කන්ද ආසන්නයේ රාම රාවණ ගැටුම වුණු බවත් එය සිහිවීමට මේ දේවාලය කරවූ බව බොල්තුඹේ සමන් දේවාලයේ කපුරාළගේ යාතිකාවේ දැක්වෙනවා.
ඒ වගේම මේ දේවාලයේ අභ්‍යන්තරයේ රාවණා රථය හා රාවණා රජුගේ කොඩිය තැන්පත් කරලා තියෙනවා කියලා කියනවා. දේවාලයේ තියෙන සාම්ප්‍රදායික චාරිත්‍රවලට අනුව එය කිසිවෙකුටත් නොපෙන්වන බවත් ඉංග්‍රීසි පාලන කාලේ සබරගමුවේ ආදායම් පරීක්ෂක නිලධාරියා දේවාලය පරීක්ෂා කරන්න ඇවිත් දේවාලයේ ඇති සියළුම භාණ්ඩ එළියට ගත් බවත් දේවාලය ඇතුළත තියෙන රාවණා රථය හා කොඩිය ඉවතට ගන්න ගිය බවත් එසේ කළොත් විපතක් වෙනවා කියලා කපු මහත්තයා සුදු නිලධාරියාට දන්වලා තියෙනවා.
නමුත් ඒවා නොතකා එම භාණ්ඩ එළියට ගත් බවත් ඒ අවස්ථාවේදීම හෙණ හතක් පුපුරා ගිහින් එක දිගට දවස් 7 ක් වැහැලා මේ සුදු නිලධාරියාට ආපසු යන්න බැරිව ඇතෙක් ගෙන්වලා ඇතා පිටින් ආපසු ගිය බවත් ඒ ඇතාගෙත් කරවටක් වෙනකම් වතුරෙන් ඒ ප්‍රදේශය යටවෙලා තිබුණු බවයි ජනප්‍රවාදවල කියන්නේ.
කොහොම වෙතත් මේ වෙද්දී රාවණා රජතුමාගේ රුවක් තියෙන කොඩියක් මේ දේවාලයේ වගේම සොරගුණේ, උග්ගල් අළුත් නුවර දේවාලවල පෙරහැරවල්වලදී රැගෙන යාමක් කරනවා.
ඒ වගේම තාමත් මේ ප්‍රදේශයෙන් ඊතල හැඩයේ ලෝහ කැබලි හමුවෙන බවත් ඒවා දේවාලයට භාරදීමක් ගැමියන් සිදු කරනවා. ගැමියන් විශ්වාස කරන්නේ ඒවා රාම රාවණා යුද්ධයේදී වැටුණු ඊතල විදිහටයි.
වර්තමානය වෙද්දී දේවාල බිමේ තිබෙන ගොඩනැගිලි ගැන විස්තරයක් කළොත් ප්‍රධාන දේවාලය ඇතුළු වැඩසිටින මාළිගාව, ඒකට දකුණු දෙසින් චෛත්‍යය හා විහාර ගෙයත්, වම් පසින් පත්තිනි දේවාලයත්, පහත මළුවේ දේව රථය නවත්වන ස්ථානයත් සිංහාසන ගොඩනැගිල්ලත් පිහිටා තිබෙනවා.








ඉතින් මේ ඉපැරණි සමන් දේවාලයේ වාර්ෂිකව ඇසළ පෙරහැර මංගල්‍යයක් සෑම වසරකම අගෝස්තු මාසයේ පවත්වනවා. මේ ඇසළ පෙරහැරේ සුවිශේෂී ලක්ෂණයක් තමා අලි ඇතුන් මේ පෙරහැරේ ගමන් නොකිරීමයි. ඒක ගැන මටත් පුදුම හිතුණා. සමන් දෙවියන්ගේ වාහනය වෙන්නෙත් සුදු ඇතෙක් වෙන නිසා. ඒත් දැනගන්න ලැබුණේ අලි ඇතුන් දේවාල භූමියට අරගෙන ආපුවාම සන්සුන් කරන්න අමාරු විදිහට කුලප්පු වෙන බවයි.
පසුගිය වසරේ පැවැත්වුණු ඇසළ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙන්න මට පුලුවන් වුණා. [ඒකට මුල්වුණේ මම ආගිය කතාවලදී හුඟාක් වෙලාවට කියන අපේ A/L Logic මිස්. එයාගේ පංතියට මේ දේවාලයේ බස්නායක නිලමේතුමාගේ දියණිය ආවා. ඒ යටතේ තමා අපිටත් අවස්ථාවක් හම්බුණේ මේ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙන්න] වසර ගාණකට පස්සේ පැවැත්වුණු මේ ඇසළ පෙරහැර මංගල්‍යය පවත්වන්න දැඩි වෙහෙසක් ගත්තේ අළුතින් බස්නායක නිළමේවරයා විදිහට පත්වුණු මිගාර ජයසුන්දර මැතිතුමා.
ඔයාලටත් හැකියාවක්, වෙලාවක් තියෙන වෙලාවක බලන්න යන්න මේ බොල්තුඹේ ප්‍රදේශයේ පිහිටලා තියෙන ඓතිහාසික සුමන සමන් දේවාලය.
ලිපිය ලියන්න පාදක වුණේ,
- 2007 මැයි 13 ඉරිදා ලක්බිම පුවත්පතේ "රාවණා රජුගේ දඬු මොණරය අදත් බලංගොඩ ප්‍රදේශයේ" ලිපිය
- 2009 බොල්තුඹේ සමන් දේවාලයේ ඇසළ මහා පෙරහැර වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපය
Ela kiri... mey wagey ewa thawa post karanna... :)
ReplyDelete-Sachira
eththatama hoda lipiyak.mara wedagath
ReplyDeletesacsphotography,
ReplyDeleteහැමදාම වගේ අදත් දීපු සහයෝගයට හයියට ස්තුතියි අයියා.
-------------------------------------------------
TL LANKA WEB,
හා හා පුරා කියල ගොඩවැදුණු ඔයාටත් ස්තුතියි
නියමයි සහෝදරයා.....ඇත්තටම නියමයි....නොදන්න ගොඩක්දේවල් දැනගත්තා.....ඉදිරියටත් ලියන්න ශක්තිය ධෛර්යය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....
ReplyDeleteඅයියණ්ඩිය..ගොඩක් ස්තූතියි... අතීතය දන්නැත්තම් අපි ඉදලා වැඩක් නෑ මේ බිමේ. මම දැනන් හිටියේ රත්නපුර සමන් දේවාලේ ගැන විතරයි අයියා..
ReplyDeleteඅළුත් වැඩක්... සුභ පැතුම් හසිත...
ReplyDeleteලබන සතියෙ ඒ පැත්තෙ යන්න හිතුවා, ස්තුතියි..!
ReplyDeleteවටිනවා. සුභ පැතුම් සාර්ථක අනාගතයකට.
ReplyDeleteපොඩි අදහසක්, ඉතිහාසය ගැනම තිබෙන නිසා, පොඩ්ඩක් අඩවියේ නම හා විස්තරය ටිකක් වෙනස් කළොත් හොඳයි නේද?
නියමයි අයියෙ.. විශිෂ්ඨයි!
ReplyDelete෴ හසියා ෴
ReplyDeleteස්තුතියි හසි අයියා. ඔයාලා හැමතිස්සම උදව්වට ඉන්නවා කියන එක මතක් වෙද්දී එක ලොකු හයියක් මට :)
ප්‍රාර්ථනා
ReplyDeleteඑහෙමනම් මගේ මහන්සියේ ප්‍රයෝජන තියනවානේ නංගී. ඒක ගැන මටත් සතුටුයි. ඒ වගේම
"ඒත් සිරිපා මළුවේ පිහිටා තිබෙන සමන් දේවාලය මුල් කරගෙන හතර දිශාවට සමන් දේවාල 4 ක් ඉදිකර තියෙන බවයි කියන්නේ."
දැනට අපි දන්නේ සමන් දේවාල 2 ක් ගැන විතරනේ. අනික් දෙක ගැනත් විස්තර හොයාගන්න තමා මම උත්සාහ කරන්නේ. හොයා ගත්ත ගමන් ඔයාලට විස්තර කියන්නම්කෝ.
පුතා
ReplyDeleteස්තුතියි අයියා හැමදාමත් වගේ දෙන හයියට :)
Dee
ReplyDeleteනියමයි මිත්‍රයා. හොඳ 4tos ටිකක් වගේම මට මග හැරුණු විස්තර තියෙනවා නම් ඒවත් අපිත් එක්ක බෙදා ගනියි කියලා විශ්වාස කරනවා. පරිස්සමෙන් ගිහින් එන්න :)
Madhawa Habarakada
ReplyDeleteස්තුතියි අයියා සුභ පැතුමට. මුලින්ම් මේ හම්බුණු අවස්ථාවේ ඔයාට ස්තුතියක් කරන්න ඕනේ.
මේ post එකට දාලා තියෙන 4tos වල හුඟාක් අවුල් එහෙම තියෙනවා පේනවා ඇති.
උදාහරණයක් විදිහට කිව්වොත් "දේව රථය වගේ ඒවායේ අග්ගිසි වගේ ඒවා කැපිලා තියෙනවා නේ " ඒත් හරියට 4to එකක් ගන්නේ කොහොමද කියන එක මම හුඟාක් ඉගෙන ගත්තා ඔයාගේ බ්ලොග් එකෙන් ඒක නිසා. ඔයා දන්න දේ අපිත් එක්ක බෙදා හදා ගත්තාට ස්තුතියි
"ඉතිහාසය ගැනම තිබෙන නිසා, පොඩ්ඩක් අඩවියේ නම හා විස්තරය ටිකක් වෙනස් කළොත් හොඳයි නේද? "
මේක ගැන ඔයාගේ අදහස කියන්න අයියා මට ටිකක් හිතලා බලන්න :)
Hasitha ජයසූරිය
ReplyDeleteස්තුතියි හසි මලයා හැමදාම වගේම ලබා දෙන දිරි ගැන්වීමට :)
වැදගත් ලිපියක්.... ඡායාරූප නිසා ලිපියේ වැදගත්කම තවත් වැඩිවෙලා තියේනවා කියලඉ මට හිතෙන්නේ.............
ReplyDeleteniyamaiiiii godaak nodanna karunu danaganna labuna.. thanx ekanemei Hasitha mata podi prashnayak thiyenawa.. ara Rama Rawana satanedi Rama Rawanata iithalen widina photo 1 Rawanage rupe olu 6k thiyena widiyata adala thiyenne ai??
ReplyDeletesashi
මේක නම් නියම ලිපිය . මම ඔය ඉතිහාසගත දේවල් වලට මාර කැමතියි . දැන් ඉතින් නිතරම මේ පැත්ත පලාතේ ඇවිල්ල රවුමක් දාල යන්න එන්නම් .
ReplyDeleteකොහොමත් මම රාවනා ගැන කියලා තියන දේවල් වලට මාරම කැමතියි . රාවනා ගැන වෙනම පෝස්ට් එකක් දාන්න පුළුවන්ද ? පුලුවන්නම් දාන්න . මම අනිවා බලනවා .
ජයවේවා !!
නිර්මල
ReplyDeleteස්තුතියි ඔබේ අදහසට. හුඟාක් වෙලාවට දෙයක් විස්තර කරද්දී පුලුවන් තරම් රූප සටහන්, සැලසුම් වගේම ඡායාරූප වගේ ඒවා ඇතුල් කරන එකෙන් ඒක තේරුම් ගන්න පහසු වෙනවා කියන එක මම අත්දැකීමෙන්ම අවබෝධ කරගත්තු එකක්.
sashi
ReplyDeleteඑතන රූපයේ වැරැද්දක් හරි මොකක් හරි ඇති. ඒත් සාමාන්‍යයෙන් පොත්පත්වල තියෙන්නේ රාවණා රජතුමාට හිස් 10 ක් තිබුණා කියලා.
ඒත් එහෙම හිස් 10 ක් එතුමාට තිබ්බේ නැති බවත් රාවණාට භාවිතා කරපු දසිස් එහෙමත් නැත්නම් එතුමාගේ රූපය අඳිද්දී හිස් 10 ක් අඳින එකෙන් අදහස් කෙරුනේ එතුමා රාජ්‍යයන් 10 ක් පාලනය කරා කියන එක තමා එක මතයක්.
තවත් මතයක් තමා එතුමා එකිනෙකට වෙනස් විෂය ක්ෂේත්‍ර 10 ක් පිළිබඳව ප්‍රවීණයෙක් වෙලා හිටියා කියන එක.
හිස් අහස
ReplyDeleteස්තුතියි මිත්‍රයා කරපු දිරි ගැන්වීමට. එහෙම නම් ඔයා මේ පැත්තේ එනකම් බලන් ඉන්නවා.
රාවනා රජතුමා ගැන කියන්න නම් හුඟාක් කරුණු කාරණා තියෙනවා. කලිනුත් එක්කෙනෙක් රාවණාගේ ඔළු 10 ගැන අහලා තිබ්බ ඔයා දකින්න ඇති නේ.
ඒක නිසා රාවණා ගැනත් යමක් ලිව්වොත් හොඳයි කියලා හිතෙනවා. ඉදිරියේදී එහෙම නම් රාවණා ගැන post එකක් බලාපොරොත්තුවෙන් ඉන්න.
මට වටපිට වගතුගට ඔබ දෙන්නේ පුදුම සහයක්. නමුත් මුලින්ම සමාව ගන්නවා. ඔබේ බ්ලොග් එක කියවන්න සෙට් වුනේ අද. මුලින් ආවත් පස්සේ මග හැරුනා. බොරු නොකියා ඇත්තම කියන එකනේ හොද.
ReplyDeleteමීට පස්සේ අනිවාර්යෙන් දිගටම එනවා.වටපිට වගතුග ඔස්සේ මෙතැන ලින්ක් කරනවා. එහි මගේ උත්සහය හා ඔබේ මෙම උත්සහය බොහොම ළග බවයි මට පෙනෙන්නේ.
මම ඉදිරිපත්කල රාවණ කොඩිය සොරගුනේ දේවාලයේ තිබුන කොඩිය කියල මම අහලා තියෙනවා. එහි තියෙන්නේ රාවණ රුව බවයි පිළිගැනීම. එය අතීතයේ හේවාහැට කොඩිය ලෙසයි පිළිගැනීම.
මහනුවර පෙරහැරේ රටවල් පහේ කොඩිවලින් හතරක් පමණයි අද රැගෙන යන්නේ. අප්‍රකටව තිබූ හේවාහැට කොඩිය විදිහට සලකනිනේ මා ඉදිරිපත් කල කොඩිය. එය මහනුවර පෙරහැරට සම්බන්ධ කරන්න මම දන්න තරමින් උත්සහයත් පවතිනවා. ඒ බව පාතහේවාහැට සංස්කෘතික උත්සවයේදී සගම විහාරාධිපති නාපානේ විජිත හිමියන් විසින් පැවසුනා.
විකී
ReplyDeleteස්තුතියි අයියා දක්වපු ප්‍රතිචාරයට. ඔයා කියපු විස්තරයත් වටිනවා.
මට මේක කියවද්දී හිතුණු එකක්. රාවණා රජතුමා භාවිතා කළ කොඩියක් වගේම රාවනා රජතුමා වන්දනා කරපු පිරිස් භාවිතා කරපු කොඩියක් කියලා කොඩි 2 ක් තියෙනවා.
ඒකෙන් බොල්තුඹේ සමන් දේවාලයේ තැන්පත් කරලා තියෙනවා කියන්නේ රාවණා රජතුමා භාවිතා කරපු කොඩිය. ඒකට රාවණා රජතුමාගේ රුවක් ඇතුළත් වෙන්න ඉඩකස අඩුයි මට හිතෙන විදිහට.
මේ වෙද්දී බොල්තුඹේ සමන් දේවාලයේ, සොරගුණේ, උග්ගල් අළුත් නුවර දේවාල වල අරන් යන්නේ රාවණා රජතුමා සිහිපත් වෙන්න සකස් කරපු කොඩියක්.
ඒක ගැන ඔයාගේ අදහස කොහොමද ?
වැදගත් ලිපියක් සහොදරයා. මේ ලිපියට කලින් මම බොල්තුඹේ සමන් දේවලය කියන නම විතරයි අහල තියෙන්නේ. මේ ලිපියෙන් තමයි ඒ ගැන වැඩි විස්තරයක් දැන ගත්තේ. දිගටම මේ වගේ ලිපි ලියන්න සහෝදරයා.
ReplyDeleteසිංහල අපේ අයට අවේ මුතුන් මිත්තන් අපට දායද කරපු දෙවල් ගැන කියවා සතුටු වෙන්න පුලුවන්. ඒ වගේම අපි දීන ජාතියක් නොවන බවට මේ අතීතය හොද නිදසුන්. මෙවයින් අපි පාඩම් ඉගෙන ගෙන රටටත් ජාතියටත් සේවයක් කරන්න පුලුවන් නම් එදාට ඔබ වගේම අපිත් දිනුම්. ජය වේවා !!!
Hasitha. රාවණා රජු ගැන කතාකරනවනම් ටිකක් හොදින් ලියන්න ඕනේ. හදිසියේ ලියන්න අමාරුයි. අනිවාර්යයෙන් මේ සතිය අවසානයට කොමෙන්තුවක් දාන්නම්.
ReplyDeleteමධුරංග
ReplyDeleteබොහොම ස්තුතියි අයියා කරපු අගය කිරීමට. මම ඔයා රත්නපුර මහ සමන් දේවාලය ගැන ලියපු ලිපියත් කිව්වා. තවත් එවැනිම ලිපි ලියන්න ඔබට හැකිවෙන්න කියලා පතනවා.
විකී
ReplyDeleteඔයා ලියන රාවණා රජතුමා ගැන ලිපිය බලාපොරොත්තුවෙන් ඉන්නේ..........
This comment has been removed by the author.
ReplyDeleteමං දන්න විදිහට මෙහෙමයි කතාව. ඔය යුද්ධයේ දි රාවනා රජතුමා මුහුනු හයක් මවා ගන්නවලු. මොකද රාවනා කියන රජතුමාව මරන්න ඔනෙ නම් නලලට හීයක් විදින්න ඕනෙලු නැත්නම් මරණයට පත් වෙන්නෙ නැහැලු. ඉතින් එක මුහුණක් තිබ්බම රාමා එක පාරින්ම නළලට හීය විදිනවනේ. අන්න ඒකට උපක්‍රමයක් විදිහට තමයි ලු ඔය විදිහට මුහුණු හයක් මවා ගන්නේ. නමුත් රාමා හොදටම කල්පනා කරලා එක හියකින්ම රාවණාව මැරුව ලු. රාමා කලේ රාවණගේ මුහුනු හයේ ඉරියව් වලින් ඇස් පිල්ලම් ගහන්නේ ඇත්තම මුහුනෙ නේ. ඉතින් මේ මුහුනට හීය විද්ද ලු. මං අහලා තියෙන්නේ ඔහොමයි. හසිත මල්ලි ඔන්න මම ශශි ට පිලිතුරක් දුන්නා. මේ කතා ජනප්‍රවාදයේ තියෙන ලේඛන ඉතිහාසයේ නැති කරුනු හින්දා වෙනස් වෙන්නත් පුලුවන්. මොකද එක එක්කෙනා දන්න ජනප්‍රවාද එකිනෙකට වෙනස් නේ. (පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන උන හින්දා කලින් කොමෙන්ටුව Delete කරන ලදී. )
ReplyDeleteමධුරංග
ReplyDeleteස්තුතියි කරුණු බෙදා ගන්නට වගේම කරුණු කියාදෙන්නට එකතු වුනාට............
thank you very much Hasitha nodanna deyak dangaththa....
ReplyDeletesashi
ගොඩක් පරක්කු වෙලා කොමෙන්‍ටුවක් දැම්මට සමාවෙන්න... අදයි දෙක්කේ..
ReplyDeleteඅපේ ඉතිහාසය නම් මාරයි... ගොඩක් දෙවල් දෙනගත්තා... දිගටම ලියන්න.. සුභ පැතුම්!!
ඔයාගේ බ්ලොග් එකට අටුවාව කියල නම දාපු එක හොඳයි.. එක අපුරුවට ගැලපෙනවා.. අපහු සැරයක් මේ ලිපි ඔක්කොම නිවී හැනහිල්ලේ කියවන්න ඕන
ReplyDeletesashi
ReplyDeleteස්තුතියි යාළුවා වුණු හයියට......
සනා
ReplyDeleteපරක්කු වෙලා හරි දැක්ක ගැන සතුටුයි. අපේ ඉතිහාසට ගැන නම් ඉතින් කොච්චර නම් කතා කරන්න පුලුවන්ද ??? ඒත් කණගාටුවට කරුණ දැන් හුඟාක් අය ඒ ඉතිහාසය පාගා දාන්න හරි අමතක කරන්න හරි උත්සහ කරන එක
සරත් ලංකාප්‍රිය
ReplyDeleteස්තුතියි අයියා. මේ ලිපි නිවී සැනසිල්ලේ කියවන්න. අනිත් අයත් එක්කත් බෙදා ගන්න. ඒකෙන් අපේ උරුමය රකින්න මොකක් හරි සවියක් ලැබේවි
patta....... serawatama watinawa. mewage ewwa thawa hoyagena dapan.
ReplyDeletewish you all the best macho!!!!!!!!!
Asela
ReplyDeleteස්තුතියි සහෝ දීපු හයියට :)
කියල වැඩක් නැහැ . හොඳම හොඳයි. තාත්තගේ පැත්තෙන් ගත්තොත් අපිත් සමන් දෙවි අඩවියේ දරුවන්. තරමකට අදේව වාදී වුනත් කැලණියේ විභීෂණ දෙවියන්ට වගේම රත්නපුරේදී සමන් දෙවියන්ට මගේ විශේෂ භක්තියක් තියෙනවා. පුංචි කාලේ ඉඳන් ඔලුවට වැටුණු ලස්සන කතා නිසා වෙන්න ඇති. ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් ලියනවට. මට අක්කගේ පොඩ්ඩන්ට මේ ලින්ක් එක දෙන්න ඕන. ඒත් මේක කියවල නතර නොවී එයාල අන්තර්ජාලයේ පිනුම් ගහන්න යයි කියලයි ටිකක් බය. නරකද පොත් පිංචක් වගේ දෙයක් ගැහුවොත්.
ReplyDeleteBindi
ReplyDeleteබොහෝම ස්තුතියි අක්කේ. ගොඩ කාලෙක ඉදන් මගේ පෝස්ට්වලට හයියක් දෙන කෙනෙක් හැටියට ඔයාගේ අදහස ගොඩක් වටිනවා.
පොත් පිංචක් ගහන්න කියලා ඔයා යෝජනා කළේ පොඩ්ඩක් ඒක මට පැහැදිලි කරන්න මොකක් වගේ දෙයක්ද කරන්න කියලද ඔයා කියන්නේ කියලා ???
හුඟාක් ගුනාත්මක බවින් ඉහල post 1ක්... :-bd
ReplyDeleteමේ වැඩේට හුඟක් මහන්සිවෙන පාටයි......
මට මතකයි මීට අවුරුදු 2 කට විතර කලින් අපේ තිප්පොලේදි අයියා ඔය දේවාලෙ ගැන අපිට විස්තර කලා.....අර රාවණාගෙ කරත්තෙ කතාවෙන් තමයි මට මතක් උනේ....
palamuwennma obata stuthi wanta wenawa mee gana kewata............
ReplyDeleteobata bhoma Pinn mewa keyala denawata....
budu saranaii
Jayawewa....................... !
Turcy
ReplyDeleteඒ කාලේ ඉදන්ම මේ ගැන උනන්දුවක් තිබ්බා තමා. මලයගේ මීටරේ හොඳා :))
Ruwan Sampath Wickramathilaka
ස්තුතියි ඔබටත් :))
හොඳ විස්තරයක් හසිත මල්ලි.. වෙහෙස වෙලා වටිනා යමක් දෙන්න ගන්න උත්සාහයට බොහොම ස්තුතියි.
ReplyDeleteමේ තියන්නේ ටිකක් ඈත ඉඳල ගත්ත දෙතනගල කන්දේ ෆොටෝ එකක්..
http://1.bp.blogspot.com/-gYNGyZaoiys/UAEuqmxAmVI/AAAAAAAAAMI/6tsYdmX1PFU/s1600/Dethanagala+view+at+Gurubavila.jpg
@ Chandana
Deleteස්තුතියි අයියා මහන්සිය අගය කළාට වගේම පින්තූරෙට
තව එකක් දැරණියගල.
ReplyDelete