Thursday, January 24, 2013

ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්මාරකය - Engraved Portuguese Coat of Arms Boulder in Colombo


මීට පෙර ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සිර කුටිය ගැන සටහනින් වගේම වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව ගැන සටහනිනුත් අවධානය යොමු කළේ කොළඹ පිහිටලා තියෙන ඓතිහාසික වශයෙන් වැදගත් වෙන ස්ථාන සහ නිර්මාණ ගැන. ඉතින් අදත් අටුවාවේ අවධානය කොළඹ නගරයේ පිහිටලා තිබෙන තවත් ඓතිහාසික අතින් වැදගත් වෙන ස්මාරකයක් සම්බන්ධව කතා කරන්න.

අද කතා කරන ස්මාරකය ගැන කතා කරන්න ප්‍රවේශයක් ගත්තොත්පෙරදිග ප්‍රදේශවල තමන්ගේ ආදිපත්‍යය පතුරවමින් හිටිය පෘතුගාලය තමන්ට එරෙහිව කටයුතු කරපු මුස්ලිම්වරුන්ගේ නැව්වලට වගේම මුස්ලිම්වරුන්ගේ ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරමින් හිටියා. ඉන්දියාව මුල් කරගෙන පෙරදිග ඉන්දියාවේ පාලන කටයුතු කරගෙන ගිය පෘතුගාලය ලංකාව කියන කුඩා දූපත ගැනත් විමසිලිමත් වෙමින් හිටියේ.


මේ අතරවාරයේ මුස්ලිම් වෙළෙඳ නැව් මංකොල්ල ඉන්දියාවේ පෘතුගීසි ප්‍රතිරාජයා වුණු දොන් ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුතා වුණු දොන් ලෝරෙන්සෝ ද අල්මේදා ඇතුළු පෘතුගීසී භට කණ්ඩායමක් 1505 මාර්තු 25 පිටත් වෙනවා. මේ කණ්ඩායම දකුණු ඉන්දියාවේ ක්වින්ලොන් නගරයට ආපුවාම දැනගන්න ලැබෙනවා මාලදිවයින හරහා රතු මුහුද බලා යන මුස්ලිම් නැව් කණ්ඩායමක් ගැන. 

ඒ පිරිස පසුපස හඹාගෙන යන පෘතුගීසි නැව් කණ්ඩායම කුණාටුවකට හසුවෙලා අවසානයේදී ගාලු බොක්කට ගොඩ බහිනවා. ඊට පස්සේ පෘතුගීසීන් කණ්ඩායම 1505 ඔක්තෝබර් 15 කොළඹ වරායේ නැංගුරම් දානවා. [පෘතුගීසීන් පැමිණියේ 1505 නෙමෙයි 1506 කියලත් මතයක් තිබෙනවා.] 

පස්සේ පරංගියා කෝට්ටේ ගියා වගේ කතා ඔක්කෝම වෙලා අවසානයේදී පෘතුගීසි දූතයන් සහ කෝට්ටේ රජතුමා අතර වුණු සාකච්ඡාවලින් වෙළෙඳ කටයුතු පිළිබඳව වගේම සතුරු ආක්‍රමණවලින් වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂා කරන්නත් පෘතුගීසීන් එකඟ වෙනවා. මේ සඳහා වාර්ෂිකව කුරුඳුවලින් දීමනාවක් දෙන්න රජතුමා එකඟ වෙනවා. 

පෘතුගීසී සමයේ කොළඹ වරාය

මේ සාකච්ඡා අවසන් වෙලා පෘතුගීසි පිරිස නැවත වරක් ඉන්දියාව බලා පිටත් වෙන්න කලින් තමන් කොළම් තොටට පැමිණෙද්දී මුලින්ම දැකපු වරාය ආසන්නයේ වුණු කුඩා කඳු ගැටය තමන්ගේ ආරක්ෂක ශාන්තුවරයා වුණු ශාන්ත ලෝරන්ස් නමින් නම් කරපු පෘතුගීසීන් එහි මුහුදට ආසන්න බිම් තීරුවේ වෙළෙඳ ගබඩාවක් ඉදි කරලා ඒ අසළින්ම පල්ලියකුත් ගොඩනංවනවා. ඒ පල්ලියත් කැප කරන්නේ ශාන්ත ලෝරන්ස් මුනිඳු වෙනුවෙන් [පෘතුගීසි කණ්ඩායමේ නායකයාගේ නමත් ලෝරන්ස් වීම මේකට තවත් හේතුවක්]

ඒ වගේමයි ඔවුන්ගේ ලංකාගමනය සිහිපත් කරලා ගල් පර්වතයක ඒ බව සඳහන් කරන්න කෝට්ටේ රජතුමාගෙන් අවසර ගන්නවා. මේ ක්‍රියාවේ අරමුණ වෙන්නේ මේ ප්‍රදේශයට පළමුවරට පැමිණි යුරෝපා ජාතිය තමන් බව හඟවලා ඒ සඳහා පෘතුගීසි අයිතිවාසිකම පෙන්වන්න. 

ඉතින් මේ නිර්මාණය සම්බන්ධව තමා අද e-අටුවාවෙන් විස්තර කතා කෙරෙන්නේ. 

පෘතුගීසි ආදිපත්‍ය බිඳ වැටිලා ලන්දේසී ආදිපත්‍ය වෙරළබඩ කලාපයේ පැතිරීමත් එක්ක මේ ආසන්නයේ තිබුණු ශාන්ත ලෝරන්ස් පල්ලිය කඩා බිඳ දැමෙනවා වගේම මේ නිර්මාණය ගැනත් ජනතාවට අමතක වෙලා යනවා. පෘතුගීසීන් මේ නිර්මාණය කරලා සියවස් ගණනකට පස්සේ 1875 දී කොළඹ වරායේ මේ ප්‍රදේශය නිරිතදිග දිය කඩනයට සම්බන්ධ කරද්දී පොදු වැඩ දෙපාර්තමේන්තුවේ කම්කරුවන් මේ නිර්මාණය දකිනවා.

මේකේ තිබුණු සුවිශේෂීත්වය වටහා ගන්න බ්‍රිතාන්‍ය රජය 1898 දී මේ නිර්මාණය තිබෙන ටොන් 20 ක් පමණ බර වුණු ගල් කුට්ටිය එතනින් කඩලා ඉවත් කරලා වරායේ රේගු ගොඩනැගිල්ල අසළින් තබලා තියෙනවා. 1912 දී මේ ගල් කුට්ටිය කොළඹ කොටුවේ රැජිණ මන්දිරය අසළ තිබෙන ගෝර්ඩන් උද්‍යානයේ තැන්පත් කරනවා. 

පෘතුගීසී ස්මාරකය ගෝර්ඩන් උද්‍යානයේ තැන්පත් කර තිබූ අයුරු

මීට වසර කීපයකට කලින් වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව ඉවත් කළා වගේම මේ ස්මාරකයත් ගෝර්ඩන් උද්‍යානයෙන් ඉවත් කරනවා. මේ පෘතුගීසි ස්මාරකය කොළඹ වරාය පරිශ්‍රයට නැවත වරක් ගෙන එනවා. වර්තමානය වෙද්දී කොළඹ වරාය පරිශ්‍රයේ මෙය තබා තිබෙනවා.

 වර්තමානයේ මෙම පෘතුගීසි ස්මාරකය කොළඹ වරායේ තබා ඇති ආකාරය
[ඡායාරූපය ඉරන්ත කරුණාරත්න මහතාගෙනි]
මේ නිර්මාණය තිබුණු දේ විස්තර කළොත් පෘතුගාල රජතුමාගේ රාජකීය ලාංඡනය සහ ඊට ඉහළින් කුරුසයත් කොටා තිබෙනවා දැක ගන්න පුලුවන්.

පෘතුගීසින් පිහිටවූ ස්මාරකය  

පෘතුගාල රාජකීය ලාංඡනයේ ප්‍රධාන පළිහට ඉහළින් පෘතුගාල රජුගේ ඔටුන්නත් ප්‍රධාන පළිහ ඇතුළේ තිබෙන කුඩා පලිහේ කුරුසයක හැඩයට තබලා තියෙන Quninas නමින් හැඳින්වෙන පලිහවල් 5 ක් දැකගන්න පුලුවන්. ඒ Quninas පලිහවල් ඇතුළේත් bezants නමින් හැඳින්වෙන රන් කාසි 5 බැගින් කතිර හැඩයකට තබා තිබෙනවා.

මේවායින් සංකේතවත් කරන්නේ ජේසුතුමා කුරුසයේ තබ ඇණ ගැසීමෙන් පස්සේ එතුමාගේ ශරීරයේ ඇතිවුණු තුවාල 5. මෙවැන අර්ථ නිරූපණයක් සහිත සංකේත පෘතුගාල රාජ්‍ය ලාංඡනය පැමිණීමට හේතුව වෙලා තියෙන්නේ වර්ෂ 1139 දී සිදුවුණු Ourique හි ප්‍රාතිහාර්යය නමින් හැඳින්වෙන සිදුවීම. 

Ourique හි ප්‍රාතිහාර්යය

ඒ වසරේ සිදුවුණු Ourique හි සටනට කලින් ඒ සටන සඳහා මුල්වුණු වංශාධිපති අෆොන්සු හමුවට එන මහලු තවුසෙක් පවසනවා මේ සටනින් ඔහු ජයගන්නා බවත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔහු සමඟ වන බවත්. පස්සේ ඒ දෙවියන්ගේ පණිවුඩය රැගත් පුද්ගලයාගේ උපදෙස් පරිදි හුදෙකලාව ඇවිද යද්දී වංශාධිපති අෆොන්සු දකිනවා ජේසුතුමා කුරුසප්‍රාප්ත වෙලා ඉන්න සිදුවීම ඔහු ඉදිරියේ මැවිලා තියෙනවා. 

ඒ අවස්ථාවේදී ඔහුට ඇහෙනවා ජේසුතුමා පොරොන්දු වෙනවා ඔහු සටනින් ජයගන්නවා වගේම ඔහු පරපුරේ අය දේශ දේශාන්තරවල තමන්ගේ ආදිපත්‍යය පතුරනවා කියලා. මේ සිද්ධියත් සමඟ අතිශය සතුටට පත්වෙන වංශාධිපති අෆොන්සු අනාවැකිය විදිහටම මූර්වරුන් සමඟ කරපු සටනින් ජය අරගෙන  I අෆොන්සු නමින් පෘතුගාලයේ රජකමට පත්වෙනවා. 

පෘතුගාල රාජකීය ලාංඡනය

ඊට පස්සේ ජේසුතුමා කරන ගෞරවයක් විදිහට කුරුසයේදී එතුමාට සිදුවුණු තුවාල 5 සංකේතවත් කරලා Quninas පලිහවල් 5 ක් කුරුසයක් ආකාරයට තබලා තම ලාංඡනය නිර්මාණය කරනවා. ඒ Quninas පලිහවල් 5 න් වංශාධිපති අෆොන්සු සටනින් පරාජය කරපු මූර් නායකයන් 5 දෙනාවත් සංකේතවත් කරනවා. 

Quninas පලිහවල් ඇතුළේ තිබෙන bezants හෙවත් රන් කාසිවලින් ජේසුතුමා පාවා දීම වෙනුවෙන් ජුදාස් ලබා ගත් කාසි 30 සංකේතවත් කරනවා [මැද Quninas පලිහේ කාසි ගණන දෙවරක් ගණන් අරගෙන] කුඩා පලිහ වටා බලකොටු 7 ක් දැකගන්න පුලුවන්. අෆොන්සු රජතුමා විසින් මූර්වරුන් පරදවා අල්ලා ගත්තු බලකොටු 7 එයින් නිරූපණය කෙරෙන බවයි කියවෙන්නේ.

පෘතුගාල රාජකීය ලාංඡනයත් ඉහළින් කුරුසය ඇති අතර මේ කුරුස ආකෘතිය Protuguese Cross Of Order of Christ නමින් හඳුන්වනවා. මේ ආකාරයෙන් රාජකීය ලාංඡනයට ඉහළින් දක්වා තිබීමෙන් දෙවියන් වහන්සේගේ සර්වබලධාරීත්වය නිරූපණය කෙරෙනවා. 

පෘතුගීසින් පිහිටවූ ස්මාරකයේ සිතුවමක්

පෘතුගාල රාජකීය ලංඡනයට දකුණු පසින් පහළට වන්නට JSOI කියන අකුරු 4 දැකගන්න පුලුවන්. මේක 1501 වශයෙන් අදහසක් ඉදිරිපත් වුණත් මේ අකුරු 4 JSOI කියලා පිළිගන්න එක වඩාත් විශ්වාසනීයයි. මේ අකුරු 4 න් කියවෙන්නේ Jesus Salvator Orientalium Indiorum හෙවත් නැගෙනහිර ඉන්දියාවේ ගැලවුම්කරුවා ජේසුතුමා කියන අදහස.

පෘතුගාල රාජකීය ලාංඡනයට පහළින් තිබෙන එකට බැඳිලා තිබෙන G.G අකුරු දෙකෙන් මේ ලාංඡනය කොටන ලද නිර්මාණකරුවා වන ගොන්සාලෝ ගොන්සාල්වේස්ව දක්වනවා.

පෘතුගීසීන් විසින් අලුතෙන් ගවේෂණය කළාට පස්සේ ඒ ප්‍රදේශයේ පර්වතයක මේ ආකාරයෙන් සටහනක් තබන එක සිරිතක් විදිහට පැවතුණු බව පෙනෙනවා. ඒ සිරිතේ අවධි 3 ක් දැකගන්න පුලුවන්. ආරම්භයේදී ශක්තිමත් ලීයකින් කරපු කුරුසයක් තමන් අලුතෙන් ගවේෂණය කරපු ප්‍රදේශය ස්ථාපනය කරලා තියෙනවා.


 අප්‍රිකාවේ කොංගෝ ගඟ අසළ යෙලාලා පර්වතයේ පිහිටි පෘතුගාල දේශ ගවේෂණ සටහන

දෙවෙනි අවස්ථාව විදිහට තමා අලුතෙන් ගවේෂණය කරපු ප්‍රදේශයේ ගල් පර්වතයක පෘතුගාල රාජකීය ලාංඡනය, කුරුසය, ගවේෂණය සිදු කළ කපිතාන්ගේ නම, ගවේෂණය කළ වර්ෂය සටහන් කරලා තියෙන්නේ.

 පෘතුගාලයේ Fortaleza de Sagres ප්‍රදේශයේ තිබෙන දේශ ගවේෂණ කුළුණක්

අවසාන අවධිය තමා Padrao නමින් හැඳින්වෙන ගල්වලින් කරපු කුළුණක ඉහත විස්තර සටහන් කරන එක.

ලංකාවෙන් හමුවෙන පෘතුගීසි සටහන මේ අවධි තුනෙන් දෙවෙනි අවධියට අයත් වුණත් එහි ගවේෂණය කළ වර්ෂය සහ ගවේෂණය සිදුකළ කපිතාන්වරයාගේ නම සටහන් කර නොතිබීම ගැටලුවක්. සමහර විට මේ අවධිය ආරම්භ වුණු මුල් කාලයේදී එවැන්නක් නොතිබුණා හෝ එහෙමත් නැත්නම් ඒ විස්තර සටහන් කර තිබූ කොටස විනාශ වෙලා වෙන්නත් පුලුවන්.

පෘතුගාලයේ Guarda දිස්ත්‍රික්කයේ පිහිටි Good Castle හි කොටා ඇති පෘතුගීසි රාජකීය ලාංඡනය

ඉතින් බ්‍රිතාන්‍යයන් වේවා වෙනත් යුරෝපා ජාතියක් නිර්මාණය කළා වේවා මේ නිර්මාණය දැන් ලංකාවේ ඉතිහාසයත් එක්ක බැඳුණු දේවල්. දෙයක්. කලින් සටහනෙන් කිව්ව විදිහට වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව කොළඹ ගෝර්ඩන් උද්‍යානයෙන් ඉවත් කරලා ජාතික කෞතුකාගාර භූමියේ තැන්පත් කළා වගේ මේ ස්මාරකයත් ගෝර්ඩන් උද්‍යානයෙන් ඉවත් කරලා කොළඹ වරාය ආසන්නයට ගෙනවිත් දමලා තියෙන්නේ. 

ගෝර්ඩන් උද්‍යානයේ තිබූ වික්ටෝරියා ප්‍රතිමාව සහ පෘතුගීසි ස්මාරකය
විහාරමහාදේවි උද්‍යානයේ සහ වරාය අසළ දමා තිබූ අයුරු

අපේ රජ දරුවන් නිර්මාණය කරපු දේවල්වලටත් කුඩම්මාගේ සැළකිලි අත්වෙන කාලෙක මේ නිර්මාණවලට වෙන දේවල් ගැන හිතන්න දේකුත් නැහැ වගේ

කතාව ලියන්න පාදක කරගත්තේ පෝල් ඊ. පීරිස්ගේ ලංකාව-පෘතුගීසී යුගය, ආර්.එල්. බ්‍රෝහියර්ගේ කොළොම්පුර පුරාවෘත්තය, එස්.පී. පෙරේරා පියතුමාගේ ලංකා ඉතිහාසය-පෘතුගීසි යුගය ග්‍රන්ථ සහ පහත දක්වලා තියෙන අන්තර්ජාල මූලාශ්‍ර

http://www.twcenter.net/forums/showthread.php?t=343094&page=2
http://archives.dailymirror.lk/2003/07/09/feat.html
http://www.thesundayleader.lk/archive/20060521/spotlight.htm
http://www.crazylanka.com/portuguese.htm
http://kermeey.blogspot.com/2006/02/colombo-fort.html

38 comments:

  1. රටවල් අල්ලන්න සූරයා!
    මුලු ලෝ හොල්ලන්න වීරයා!

    ReplyDelete
    Replies
    1. @ තිස්ස දොඩන්ගොඩ

      පෘතුගීසිකාරයා හොල්ලලා විතරක් හිටියේ නැහැනේ අයියා. එකේකේවා දාලත් ගියා මේ වගේ :D

      Delete
  2. ගොඩක් අළුත් දේවල් දැනගත්තා මලයෝ.. ස්තූතියි මේ විස්තර බෙදාගත්තට...

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      මේවා අපේ වගකීම් නොවැ අයියා

      Delete
  3. හොද පර්යේෂණාත්මක ලිපියක්.....දිගට ලියන්න

    ReplyDelete
    Replies
    1. @ manorama

      අනිවාර්යෙන්ම :)

      Delete
  4. ඉතාමත්ම වටිනවා මේ ලිපිය. නොදන්න තොරතුරු බොහොමයි.. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. @ Naleen Dilruksha

      ඉදිරියටත් මෙවැනි ලිපි ලියවේවි

      Delete
  5. මේ පැත්තට ආවම නොදන්නා දෙයක් දැනගෙන යන්නේ හැමදාම. පෘතුගීසින් නේද ගෙරි හමක ඉඩ ප්‍රමාණයක් ඉල්ලලා පස්සේ ගෙරි හම තීරු වලට කපල ලනුවක් හදල විශාල ප්‍රදේශයක් වට කර ගත්තා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි කොටුව කියන්නෙ

      Delete
    2. @ Chandana

      ඔව් ඔව් කොළඹ කොටුව හදාගන්න කෝට්ටේ රජතුමා පෘතුගීසීන් එහෙමලු ඉඩ ලබාගත්තේ

      Delete
  6. අද යුරෝපයේ දුප්පත්ම රටක් උනාට පෘතුගීසිය කොහොම තිබ්බ රටක්ද? මොනා උනාත් කාලා බීලා ආතල් එකේ ඉන්න ජාතියක්.....

    ලිපිය ලිවීමට ගත් උත්සහයට ස්තූතියි...ජය වේවා...

    ReplyDelete
    Replies
    1. @ Mayya

      පෘතුගාලයේ පිරිහීමට හේතුව මම දන්න විදිහට නම් කාලේ තාලේ හැටියට වෙනස් නොවුණු එක. ඒක නිසා අන්තිමට ලන්දේසීන්ටත් පරාද වෙන්න සිද්ධ වුණා

      Delete
  7. කාලා බීලා ආතල් එකේ ඉන්න ගොහින් තමයි පෘතුගීසි කාරයෝ හිඟන්නෝ වෙලා තියෙන්නේ. :-P
    සිරා ආටිකල් එක හසිත.
    හසිත තමයි නේ අපේ ඉතිහාස ගුරුජී. එතුමාගෙන් නැතුව අපි කාගෙන් මෙහෙම ඉතිහාස පුවත් අහන්නද?

    ReplyDelete
    Replies
    1. @ Chamara Sumanapala

      මයියාටත් කිව්වා වගේ වැඩිය ආතල් ගන්න ගියා වගේම කාලේ තාලේ හැටියට වෙනස් නොවුණු නිසා පෘතුගීසීකාරයන්ට වැඩ වැරදුණා.

      ඉතිහාස ගුරුජී කියලා කියද්දිත් නිකල් ලැජ්ජයි ලැජ්ජයි වගේ :D

      Delete
  8. මමත් ආසම විෂයක් තමයි ඉතිහාසය.ඔයා කරන්නෙ මේ සමාජ සේවයක්.හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. 8 වසරෙ ඉන්නව කිව්ව මල්ලි නෙද මේ?

      Delete
    2. @ A.G.Yasiru Udana Ransara

      ස්තුතියි. මේක සමාජ සේවයකටත් වඩා මගෙන් වෙන්න ඕනේ වගකීම.

      Delete
  9. හැමදාම වගෙ නොදන්නා කරුනු ගොඩායි.. නියමයි :))

    ReplyDelete
    Replies
    1. @ සමී

      ස්තුතියි ස්තුතියි. මේ විදිහට හරි මහජනතාව දැණුවත් කරන එකෙන් මේවාට වෙන හානිය කිසියම් ආකාරයකට අවම කරගන්න පුලුවන්

      Delete
  10. මා නොදත් දෑ බොහෝය

    ReplyDelete
    Replies
    1. @ Gayan Kuruppu

      නොදත් දේ හැකි පමණ අවම කිරීම මගේ වෑයමයි :)

      Delete
  11. නොදත් දෑ බොහෝ තිබෙනවා. ඒ වාගේම මේ සියලු ආක්‍රමණිකයෝ රටේ පරිහානියට අඩු සහිතව දායක වූවා.

    ReplyDelete
    Replies
    1. @ Nirmala Madushani

      ආක්‍රමණිකයෝ පරිහානියට හේතුවුණු බව හෑබෑව. ඒත් යුරෝපා ආක්‍රමණිකයන් නිසා අද අපි යම් තරමකට ආර්ථික වාසි ලබනවා. වැවිලි කර්මාන්තෙන් වගේම සංචාරක ව්‍යාපාරයෙන්. ඔවුන් කළ පරිහානිය හැකි පමණ පියවා ගන්න පුලුවන් මේ ක්ෂේත්‍රවල අපි ඇති කරගන්නා දියුණුවෙන්

      Delete
  12. මාතර කොටුව ලංදේසිද කොහෙද.. මං තාම කොළඹ කොටුවට ගියේ නෑ.. කොටුව ස්ටේෂම නම් දන්නවා:D

    ReplyDelete
    Replies
    1. @ යසිත්ගේ සිතුවිලි

      වෙරළාසන්නව තිබෙන හුඟක් බලකොටු මුල් අවස්ථාවේදී ඉදිකළේ පෘතුගීසීන් විසින් පස්සේ ඒවා ලන්දේසීනුත් ඊටත් පස්සේ ඉංග්‍රීසීනුත් පාවිච්චි කළා. ඒක නිසා වර්තමානයේ බොහෝ විට දැකගන්න පුලුවන් වෙන්නේ ඉංග්‍රීසී සමයේ නවීකරණය කෙරුණු බලකොටු.

      කොළඹ කොටුව නම් 19 සියවස අග භාගයේදී කඩා දැමෙනවා මම දන්න විදිහට. ඒත් තවමත් සුළු වශයෙන් කොටස් දැකගන්න පුලුවන්

      Delete
  13. අගේ ඇති ලිපියක් මල්ලි .

    ReplyDelete
    Replies
    1. @ Bindi

      ස්තුතියි අක්කේ

      Delete
  14. 1. නියම ලිපියක් හසිත කියලා වැඩක් නෑ..

    2."පෙරදිග ඉන්දියාවේ පාලන කටයුතු කරගෙන ගිය පෘතුගාලය ලංකාව කියන කුඩා දූපත ගැනත් විමසිලිමත් වෙමින් හිටියේ. " මම මෙච්චරකල් හිතන් හිටියෙ පරංගින් මෙහෙ ආවෙ අහම්බෙන් කියලා..

    3."තමන්ගේ ආරක්ෂක ශාන්තුවරයා වුණු ශාන්ත ලෝරන්ස් නමින් නම් කරපු පෘතුගීසීන්" ශු. ලෝරන්ස් තුමා නමින් කැප කළේ නැවේ කපිතාන්ගේ නාම සාන්තුවරයා හින්දා බවයි මම හිතාගෙන හිටියෙ,..

    4."බර වුණු ගල් කුට්ටිය එතනින් කඩලා ඉවත් කරලා වරායේ රේගු ගොඩනැගිල්ල අසළින් තබලා තියෙනවා. " ඒ කියන්නේ පිහිටි පර්වතයකයි කොටලා තියෙන්නෙ

    5."මැද Quninas පලිහේ කාසි ගණන දෙවරක් ගණන් අරගෙන" තව පොඩ්ඩෙන් කියනවා 5X5 25යි කියලා.. :)

    6. මෙච්චර ලස්සනට කොටපු ලාංඡනයක JSOI අකුරු ඕනෑවට එපාවට ගැහුවෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. @ හරී

      1. ස්තුතියි ස්තුතියි

      2. ඉන්දියන් සාගරයේ මධ්‍යගත පිහිටීම, ස්වභාවික වරායන්, කුළුබඩු වගේ දේවල් නිසා පෘතුගීසීන් ලංකාව ගැන ටච් එකේ තමා හිටියේ. ඒ කියන්නේ ලංකාව එයාලගේ ඉදිරි ඉල්ලක්කයක් වුණු බව පැහැදිලියි. කොහොම හරි ලොරෙන්සෝ ද අල්මේදා ලංකාවට ගොඩ බහින්නේ නම් මුස්ලිම් නැව් පස්සේ හඹා යන්න ගිහින් අහම්බෙන්

      3. ඒ හේතූන් දෙකම නිසා කියලා තමා කියන්නේ.

      4. ඔව්. මුහුදු වෙරළ ගාව තිබුණු පිහිටි ගලක තමා මේක කොටලා තියෙන්නේ.

      5. :D

      6. ඒ විදිහ ඒ කාලේ අකුරු ලියපු ස්ටයිල් එකක් වෙන්න පුලුවන්.

      Delete
  15. උදේ යන්තමට කියවල ගියාට ආයේ කියෙව්වේ දැන් . පෘතුගීසි රාජ්‍ය ලකුණ හරිම නිර්මාණශීලි අදහසක් නේද .
    අන්තිමට කිව කතාව හරි . මේවා අපේ ඉතිහාසය නිසා අපි අනාගත පරපුරට ආරක්ෂා කර තියන්න ඕන .

    ReplyDelete
    Replies
    1. @ Bindi

      ඇත්තටම අක්කේ පෘතුගීසි රාජ්‍ය ලාංඡනය ගැන හොයන්න ගිහින් දැනගත්තු විස්තර නිසා ලන්දේසි, ඉංග්‍රීසි රාජ්‍ය ලාංඡන ගැනත් ඉදිරියේදී යමක් ලියන්න හිතුණා. ඒවා අතීතයේ නිර්මාණය කරන්න පාදක වුණු කතා හරි රසවත් නිසාමයි එහෙම හිතුණේ.

      කලින් සටහනෙනුත් ඉංග්‍රීසි රාජ්‍ය ලාංඡනය ගැණ සුළුවෙන් කතා කරලා තියෙන්නේ. බලමුකෝ ඉතුරුවා ගැනත් යමක් ලියන්න.

      මේ සටහනෙන් කීපයේදීම අන්තිමට ඒ කතාව කිව්වේ සමහරු බොහොම අන්තගාමී ප්‍රතිපත්තියක ඉන්නවා අපේ සිංහල රජ දරුවෝ කරපු නිර්මාණ විටහ්‍රයි අපි ආරක්ෂා කරන්න ඕනේ කියලා.

      Delete
  16. හැමදාමත් වගේ ඉතාම සාරගර්භ ලිපියක්. ස්තුතියි නොදැන සිටි බොහෝ දේ ගෙනාවාට.

    ඊළඟ පෝස්ට් එක එනකම් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. @ ගාමිණී විජිත් සමරකෝන්

      ස්තුතියි අයියා. හැබැයි ඊළඟ පෝස්ට් එක එනකම් බලාගෙන ඉන්නවාය කිව්වාට තාම මොකුත් අදහසක් නැහැ අලුත් දෙයක් ගැන. ඒත් වැඩිය බලාගෙන ඉන්න නම් දෙන්නේ නැහැ ඕන් :D

      Delete
  17. මේ ගැන මීට ඉස්සර අහලා තිබ්බට, සවිස්සරව දැන ගත්තේ අදයි. ඔය ස්මාරකය ජනාධිපති මන්දීරය ගාව තිබ්බා කියලා තමා දැනගෙන හිටියේ, දැන් තමා දන්නේ ඒක කොළඹ වරායට ගෙනගියා කියලා.

    ස්තූතියි ලිපියට.

    ReplyDelete
    Replies
    1. @ Gihan (ගිහාන්)

      ජනාධිපත් මන්දිරය එහෙමත් නැත්නම් රජ ගෙදර උද්‍යානායේ තිබුණු මේ ස්මාරකය වගේම වික්ටෝරියා ප්‍රතිමාවත් එකම කාලයේදී තමා ඉවත් කෙරුණේ. හුඟක් දෙනා මේ වගේ දේවල් ගැන දැනුවත් නැති නිසාමයි මේ ගැන ලිව්වේ.

      ස්තුතියි සහෝදරතුමාගේ අදහස්වලටත්

      Delete
  18. බොහොම අගෙය් ලිපිය.. පත්තර වල යන කුණුත් එක්ක බලපුවම මේවා අගය කරන්න ඕනැ වැඩ

    ReplyDelete
    Replies
    1. @ Awantha Atigala

      මාධ්‍යවේදියෙක් විදිහට ඔබ කරපු අගය කිරීම මට බොහොම වටිනවා. ස්තුතියි

      Delete