Thursday, March 14, 2013

රත්නපුර මහ සමන් දේවාලයේ පිහිටි පෘතුගීසි නිර්මාණය - Stone Sculpture of Portuguese Captain & Jaffna King


කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන තිබෙන ඓතිහාසික අතින් වැදගත් වෙන විජාතික නිර්මාණ පිළිබඳව e-අටුවාවේ පසුගිය ලිපි කීපයෙන්ම අවදානය යොමු කෙරුණු නිසා අදත් සූදානම කොළඹ නගරයෙන් බැහැරව පිහිටලා තියෙන වැදගත් පෘතුගීසී නිර්මාණයක් පිළිබඳව කරුණු කියන්න.  

ඊතලෙන් දක්වා තිබෙන්නේ මේ නිර්මාණය පිහිටා තිබෙන ස්ථානය

මේ නිර්මාණය පිහිටලා තියෙන්නේ ප්‍රකට රත්නපුර මහ සමන් දේවාල පරිශ්‍රයේ. ප්‍රධාන දොරටුවෙන් දේවාල භූමියට ඇතුල් වුණාම දිග් ගෙයට ඇතුල් වීම සඳහා තිබෙන පඩි පෙළට දකුණු පසින් තිබෙන දිගු ගොඩනැගිල්ලේ තමා මේ නිර්මාණය තියෙන්නේ. අඩි 4 ක් පමණ උස අඩි 2 ක් පමණ පළල කළුගල් පුවරුවක සංග්‍රාමීය අවස්ථාවක් දැකගන්න ලැබෙනවා වගේම ඊට පහළින් පෘතුගීසි බසින් ලියපු වාක්‍ය පේළි 4 ක් පමණ දැකගන්න ලැබෙනවා.

මේ නිර්මාණය කුමක්ද කියලා කිව්වොත් රණවිරුවන් වෙනුවෙන් ස්මාරක ඉදි කරන එක වර්තමානයේ සුලභව දැකගන්න පුලුවන්. තිස් වසරක් පුරා ලංකාවේ තිබුණු ත්‍රස්තවාදය නිමා කරපු රණවිරුවන් සිහිපත් කරන්න ත්‍රස්තවාදය පැතිර තිබූ ප්‍රදේශවල වගේම අනෙක් ප්‍රදේශවලත් තිබෙන රණවිරු ස්මාරක ඔයාලත් දැකලා ඇතිනේ. මේ නිර්මාණයත් ඒ ආකාරයෙන්ම වසර 620 කට පමණ කලින් පෘතුගීසීන් විසින් පිහිටවපු රණවිරු ස්මාරකයක්. 

පෘතුගීසී නිර්මාණයක් මෙතනට ආවේ කොහොමද කියන ගැටලුවත් එක්ක මේ නිර්මාණය සම්බන්ධ ඉතිහාසය පිළිබඳව මුලින්ම කතා කරමු. ලංකාවට පෘතුගීසීන්ගේ ආගමනයත් එක්ක ක්‍රමයෙන් කෝට්ටේ රාජධානිය ඇතුළේ තමන්ගේ ආදිපත්‍ය පතුරුවන්න ඔවුන් සමත් වෙනවා. 

අවසානයේදී කෝට්ටේ අවසන් පාලකයා වුණු ධර්මපාල රජතුමා කතෝලික දහම වැළඳගෙන දොන් ජුවන් පෙරිය බණ්ඩාර නමින් බෞතිස්ම වෙනවා පමණක් නෙමේ තමන්ගෙන් පස්සේ රාජ්‍යයට උරුමකරුවෙක් නැති නිසා 1580 අගෝස්තු 12 වෙනිදා තෑගි ඔප්පුවක් මඟින් කෝට්ටේ රාජධානිය පෘතුගාල රජතුමාට පවරනවා.

කැලණි රාජ මහා විහාරය විනාශ කරන පෘතුගීසීන්

මේ සිදුවීම වගේම 1597 මැයි 27 ධර්මපාල රජතුමා මියයාමත් එක්ක කෝට්ටේ රාජධානියේ එකම උරුමකරුවා වීමත් එක්ක තමන්ගේ බලය හැකිතාක් අනෙක් ප්‍රදේශවලට ව්‍යාප්ත කරන්න ඔවුන් කටයුතු කරනවා වගේම කතෝලික දහම ව්‍යාප්ත කරන්නත් කටයුතු කරනවා. 

1580 ඉදන් වගේම ඊටත් කලින් ඉදන්ම පෘතුගීසීන් දියත් කරපු කතෝලික දහම ව්‍යාප්ත කිරීම වගේම බෞද්ධ හින්දු ආගමික ස්ථාන කඩා බිඳ දැමීම යටතේ රත්නපුර මහ සමන් දේවාලයත් කඩා බිඳ දැමෙනවා. ඒ ස්ථානයේ පෘතුගීසීන් තමන්ගේ බලකොටුවක් වගේම ශාන්ත සැල්වදෝර් නමින් පල්ලියකුත් ඉදි කරනවා.  

ඒ කාලෙදී සමන් දෙවියන්ගේ දේවාභරණ ආරක්ෂාවට තැන්පත් කර තැබුණා කියන්නේ බොල්තුඹේ සුමන සමන් දේවාලයේ. මුල්ම e-අටුවා සටහන වෙන් වුණේ බොල්තුඹේ සුමන සමන් දේවාලය ගැන කතා කරන්න.  

බොල්තුඹේ සුමන සමන් දේවාලය

පසුව දෙවන රාජසිංහ සමය වෙද්දී නැවත වරක් පෘතුගීසී බලකොටුව වගේම පල්ලිය බිඳ දමලා රත්නපුර මහ සමන් දේවාලය ඉදි කළත් මේ පෘතුගීසි නිර්මාණය ඒ ස්ථානයේම තිබෙන්නට හැරියා කියලා හිතන්න පුලුවන්. 


අඩි 4 ක් පමණ උඩ අඩි 2 ක් පමණ පළල මේ නිර්මාණය කළුගලින් නිමවූවක්. ඉහළින්ම ගල් කට්ටයක් කපා තිබෙනවා. ඊට පසුව පෘතුගීසී සොල්දාදුවෙක්ගේ නිල ඇඳුමකින් සැරසුණු අයෙක් අසිපතක් සහ පලිහක් දරාගෙන සිටින ආකාරයත් ඔහුගේ පයට පෑගි සිටින ධෝතියක් වැනි ඇඳුමකින් සැරසුණු උඩුකය නිරුවත් හිසේ ජටාවක් වැනි යමක් පැළැඳ සිටින අයෙක් දැකගන්න පුලුවන්. 

බිම වැටී සිටින පුද්ගලයාගේ අසිපත සහ පලිහ පසෙකින් වැටී තිබෙන ආකාරය පෙනෙනවා. ඔහු දකුණු අතින් පෘතුගීසී සොල්දාදුවාගෙන් එල්ල වන පහරක් වළකන ආකාරයක් පෙනෙනවා.


ඊට පහළින් පහත දැක්වෙන පෘතුගීසී ලේඛනය දැකගන්න පුලුවන්.  

COM-ESTA-RENDI ESTE-HA 2-3
ANNOS-QUANDO-NA-INDIA-E
HA-16-QUE-SIRVO-DE-CAPITAO
-E-AOQUE-OS-PEIS-VEDES-HE-
O-REI-DE  IAFANAPATAO-EU-
SIMEN-PINHAO-C-VENCI

එහි අර්ථය විදිහට අරගෙන තිබෙන්නේ 

"මින් (මේ කඩුවෙන්) මම මොහු මර්දනය කළෙමි. මා ඉන්දියාවට පැමිණ දැන් වසර 23 කි. ඉන් වසර 16 ක් කපිතාන්වරයෙක් ලෙස සේවය කළෙමි. මා පාමුල වැටී සිටිනු ඔබට පෙනෙනුයේ යාපා පටුනේ රජතුමාය. මම සයිමන් පිඤ්ඤෝ ඔහුව පරාජය කළෙමි"

යාපනයේ ආර්ය චක්‍රවර්ති මාළිගාව

මේ කතාව මොකක්ද කියලා පැහැදිලි කළොත් 15 වන සියවසේ මැද භාගයේ විතර ඉදන් ආර්ය චක්‍රවර්තීන් නමින් හඳුන්වපු පාලකයන් යටතේ යාපනයේ ස්වාධීන පාලනයක් ඇතිවෙනවා. පෘතුගීසීන් මුල් කාලයේ යාපනය ගැන එතරම් අවදානයක් යොමු නොකළත් පස්සේ ඒ ගැන අවදානය යොමු කරන්න පටන් ගත්තේ 16 වන සියවසේ මුල භාගයේ යාපනයේ පාලකයා වුණු සංකිළි යාපන රාජ්‍යයට අයිති වෙරළාසන්න ප්‍රදේශ ආසන්නයේ විනාශ වෙන පෘතුගීසී භාණ්ඩ නෞකාවල භාණ්ඩ අත්පත් කරගැනීම සිදු කිරීමත් එක්ක.  

මේ නිසා 1543 දී සංකිළිට විරුද්ධව මාර්ටින් අපොන්සු ද සූසා යටතේ ආක්‍රමණයක් දියත් කරනවා. මේ සටන නිසා පෘතුගීසී පාලනය සංකිළි පිළි අරගෙන කප්පම් ගෙවන පාලකයෙක් බවට පත් වෙනවා. ඒත් ඊට පස්සේ අවුරුද්දේදී ෆ්‍රැන්සිස් ක්ෂේවියර් පියතුමා මන්නාරමේ ධීවරයන් පිරිසක් බෞතිස්ම කිරීමත් එක්ක සංකිළි ඒ ප්‍රදේශවාසීන්ට නැවත වරක් පැරණි ආගමට එන්න කියලා නියෝග කරනවා. මේකත් එක්ක ආයි පාරක් පෘතුගීසීන් එක්ක ගැටුමක් ඇතිවෙනවා. 

මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී සංකිළිගෙන් පස්සේ රජ වෙන එයාගේ පුතා පුවිරාජ පණ්ඩාරම්ට විරුද්ධව කාසි නයිනර් කැරළි ගහලා පාලන බලය ලබාගන්නවා. ඊට පස්සේ එයාව බලයෙන් පහ කරලා පෘතුගීසි සහය මත පෙරිය පුල්ලේ කියන පුද්ගලයා චෙගරාජසේකරන් කියලා රජවෙනවා. 

සංකිලි රජු තම පිය රජු සහ සොයුරන් සමඟ

ඔහුගෙන් පස්සේ නැවත රජවෙන පුවිරාජ පණ්ඩාරම් කැලිකට් පාලක සැමොරින්ගේ උදව් අරගෙන පෘතුගීසීන් අල්ලාගෙන මන්නාරම ප්‍රදේශයට පහර දෙනවා වගේම කතෝලිකයන්ටත් හිරිහැර කරනවා. මේ නිසා 1591 දී සයිමන් පිඤ්ඤෝ කියන පෘතුගීසී කපිතාන්වරයා යටතේ සේනාවක් යාපනය ආක්‍රමණය කරලා පුවිරාජ පණ්ඩාරම මරා දාලා නැවත වරක් යාපනයේ පෘතුගීසී බලය පිහිටවනවා. 

ඒත් සෘජුවම යාපනයේ බලය තමන්ගේ අතට නොගත්තු පෘතුගීසීන් ඒ වෙද්දී ජීවත් වෙලා හිටිය පෙරියපුල්ලේ හෙවත් චෙගරාජසේකරන් රජතුමාගේ පුත්‍රයාව හෙන්දර්මනසිංහ නමින් රාජ්‍යත්වයට පත් කරනවා. 

ආර්ය චක්‍රවර්තීන්ගේ රාජකීය ලාංඡනය

ඉතින් 1591 දී සිද්ධ වුණු යාපන ආක්‍රමණයේදී පෘතුගීසි කපිතාන් සයිමන් පිඤ්ඤෝ යාපනයේ රජතුමා වුණු පුවිරාජ පණ්ඩාරම්ව යටත් කරගන්න ආකාරය තමා මේ ආකාරයෙන් සමන් දේවාල පරිශ්‍රයේ තිබෙන පෘතුගීසි නිර්මාණයෙන් දැක්වෙන්නේ. 

සයිමන් පිඤ්ඤෝ සිදුකරන ලද වීර ක්‍රියාව සිහිපත් වෙන්න මේ නිර්මාණය කරවලා රත්නපුරයේ පිහිටි ඔවුන්ගේ පල්ලියේ තැන්පත් කරවන්න සයිමන් පිඤ්ඤෝම හරි එහෙමත් නැත්නම් පෘතුගීසී බලධාරීන් හරි කටයුතු කරන්න ඇති. 

මේ සයිමන් පිඤ්ඤෝ ගැන විස්තර කියන ෆර්නාඕ ද ක්වේරෝස් රචනා කරපු Conquista Temporale Espiritual da Ceylao, Ordenado pelo Pedre Fernao de Queyroz Da Companhia de Jesus, Da Provincia De Goa, Com muytas outras proveytozas noticias pertencentes a dispocicao e gouverno de Estado de India කෘතියේ ඔහු දක්වන්නේ 

"....පෘතුගාලයේ පුන්හේටාවල ඉපැදී, ක්සෙරෙස් හා ටාගුස් හි මුහුදුවල පන්නරය ලබා සිටි මේ රණශූරයා ඒ වන විට සතළිස් වියේ පසු වූ, ඉතා ශක්ති සම්පන්න සිරුරකට හිමිකම් කියූ අයෙක් විය. රාජතාන්ත්‍රිකයෙකුට වඩා ඔහු රණශූරයෙක් විය. එක ඇසක් අහිමිව තිබුණේ සටනකදී ලන්ස පහරක් එල්ල වීම නිසාය. හිස වටකුරුය. සිරුර දුඹුරු පැහැතිය. පාංශු දේහදාරීය. දිගු යටි රැවුල තඹ පැහැතිය. විසල් උඩු රැවුලක්ය. මනා ශාරීරික ශක්තියකින් යුතු වූ ඔහු නිරතුරුවම අවදිව සටනට සූදානම්ව සිටියේය. කිසිම විටෙක පසුපසට නොඟිය ඔහු දිවයිනේ වඩාත්ම ප්‍රචලිත සටන් ක්‍රමය වූ සැඟවී සිර පහර එල්ල කිරීමේ සහජ හැකියාවක් ඇත්තෙක් විය. ඔහු නිර්ලෝභීය. කතාබහ ඉතා අඩුය. කෝපාවිෂ්ඨ වූ විට රාක්ෂයෙකු බඳුය. තම ආගමට මහත් ලැදිය. එමෙන්ම ඔහුගේ විශේෂිත ලක්ෂණයක් වූයේ ඔහු කාමුකයෙක් නොවීමයි....."

කෝට්ටේ රාජධානියේ ධර්මපාල රජතුමා ජීවත්ව සිටි සමයේ ඉදන්ම සිංහල හමුදාවේ වික්‍රමසිංහ හෙවත් සේනාධිපති ධූරය දරන්නේ සයිමන් පිඤ්ඤෝ. ඒ වෙද්දී කෝට්ටේ රාජධානියේ උසස් නිලයක් දරපු එකම පෘතුගීසි ජාතිකයා විදිහටයි ඔහු සැලකෙන්නේ.

ඒ වගේමයි මීට පෙර Arts Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා කියන සටහනේදී කිව්ව විදිහට සීතාවක රාජසිංහ රජතුමාගේ අනුප්‍රාප්තිකයෙක් වුණු නිකපිටියේ බණ්ඩාර කුමාරයාගේ සහෝදරිය වුණු දෝන මරියා පෙරේරාව විවාහ කරගන්නේ සයිමන් පිඤ්ඤෝ. ඒක නිසා ලංකාවේ සිහසුනටත් ඔහුට හිමිකමක් තිබුණු බව කියන්න පුලුවන්. 

 මායාදුන්නේ රජ පවුලේ පවුල් සටහන

1603 දී සිදුවුණු බලන සටන වගේ උඩරට I විමලධර්මසූරිය රජතුමා සමඟ පෘතුගීසීන් සිදු කරපු ප්‍රබල සටන්වලදීත් සයිමන් පිඤ්ඤෝ තමන්ගේ දායකත්වය ලබාදීලා තියෙනවා. ඒ අවස්ථාවේදී රජතුමා සයිමන් පිඤ්ඤෝ තමන්ගේ පාර්ශවයට ගන්න උත්සහ කළත් උපායශීලී වුණු පිඤ්ඤෝ රජතුමාව රවට්ටලා රජතුමාව මරා දමන්න කටයුතු කළත් ඒ උපාය අසාර්ථක වුණු බව තමා කියවෙන්නේ. 

නැවතත් ප්‍රධාන කතාවට ආවොත් මේ පෘතුගීසි නිර්මාණය පෘතුගාල සොල්දාදුවෙක් සිංහල භටයෙක්ව පරාජය කරන ආකාරය කියලා වගේම සිංහල සොල්දාදුවෙක් පෘතුගාල භටයෙක්ව පරාජය කරන ආකාරය කියලාත් මත ඉදිරිපත් වෙලා තිබෙනවා. 


ඒත් මේ නිර්මාණය දිහා සැලකිල්ලෙන් බලද්දී සිටගෙන සිටින පුද්ගලයාගේ හිස් වැස්ම, මුහුණ පුරා වැවුණු රැවුල, සන්නාහය, දකුණු අතේ තිබෙන අසිපත වගේම පැළඳගෙන ඉන්න බූට් යුගල නිසා මේ සිංහල සොල්දාදුවෙක් නොව පෘතුගාල සොල්දාදුවෙක් බව පැහැදිලියි. ඒ වගේමයි පහතින් තිබෙන විස්තරයෙන් වගේම ක්වේරෝස් සයිමන් පිඤ්ඤෝ ගැන කරන විස්තරයෙන් මේ සයිමන් පිඤ්ඤෝ බව සිතාගන්න පුලුවන්. 

කතාව ලියන්න පාදක කරගත්තේ

පෝල් ඊ. පීරිස්ගේ ලංකාව - පෘතුගීසි යුගය, ටිකිරි අබේසිංහයන්ගේ පරංගි කෝට්ටේ, එස්.ජී. පෙරේරා පියතුමාගේ ලංකා ඉතිහාසය - පෘතුගීසී යුගය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලංකා ඉතිහාසය - තුන්වන කොටස කියන කෘති

37 comments:

  1. අහා මගේ ගම ගැන ලියලා තියෙන්නේ අයියා...
    එල එල.....
    මම ඊයෙත් මේ ගල් පුවරුව ගාවට ගිහන් ආවා. ෆට්ටම ෆට්ට කතාව..

    ReplyDelete
    Replies
    1. @ Darshana Prabhath

      ගමේ දේවල් පරිස්සම් කරගෙන අනාගත පරම්පරාවට දායාද කරන එක මල්ලිලාගේ වගකීම. ඒ නිර්මාණය ගාව විස්තර පුවරුවක්වත් නැති එක හරි අඩුවක්

      Delete
    2. කොහෙද මේකේ ඉන්න එවුන්ට කියල වැඩක් නෑ. ෆොන් එක අතේ තියන් ඉන්නවා දැක්කොත් ෆොටෝ ගන්න එපා කියන්න හොඳට දන්නවා. වහල දිරලා වරිච්චි බිත්තිය හේදෙන්න පටන් අරන් තියෙනවා. ටික දවසකින් මේ හෙදීයම වැඩිවෙනවා ෂුවර් එකටම . අර කවුද කොමසාරිස් නිදිද දන්නේ නෑ.. හොහැ හොහැ හොහැ හොහැ .....

      Delete
    3. @ Darshana Prabhath

      මම පත්තරේකින් කියවපු විදිහට නම් බස්නායක නිලමේතුමා ලොකු වැඩ කොටස්ක් කරනවාලු නේද ?? දේව මාළිගාව රන් ආලේපිත දොරක් සවි කරන එක. උඩු මහලට අලුත් උළු දාන එක වගේ වැඩක් ගොඩක් එයා කරලා තියෙනවා නේද ??

      Delete
  2. අපේ බල ප්‍රදේශය නොවැ. ආයේ එන වෙලාවක කලින් කියන්න.

    ReplyDelete
    Replies
    1. @ රාමා

      කතරගම ගිහින් එමින් ගමන් හදිසියේම තමා සමන් දේවාලේ වැද පුදා ගන්නත් ආවේ. එද්දී හවස 5.30 විතර වුණා. ආයේ එන දවසක කියන්නම්කෝ අයියා. රත්නපුරේ මැණික් කෞතුකාගාරය වගේම එකී මෙකී නොකී ස්ථාන ඔක්කොම බලා කියාගෙන යන්න තමා ඊළඟ පාර එන්නේ :D

      Delete
  3. දේවාලෙට කීප වතාවක් ගියත් මෙහෙම එකක් තියනවා කියල දන්නේ නෑනේ. මේ ගැන වැඩි දෙනෙක් දන්නේ නැතුව වගේ. දැන් නම් ආයේ ගිය වෙලාවක සියැසින් බලා කියාගෙන එන්න පුළුවන්. විස්තරයට ස්තුතියි මල්ලි..

    ReplyDelete
    Replies
    1. @ Chandana

      ඒක නිසාමයි මේ ගැන ලියන්න හිතුවෙත්. මොකද දකුණු පැත්තට වෙන්න මුල්ලක් මේක තියෙන නිසා ඒ පැත්තට මිනිස්සු යැවෙනවාත් අඩුයි අයියා

      Delete
  4. ජයවේවා...


    නියම කතාව

    ReplyDelete
    Replies
    1. @ edulanka

      ස්තුතියි :)

      Delete
  5. මමත් ඔය කිට්ටුව... ඔතැනට ගිහින් තියෙනව උනත් මෙ කියන නිර්මානය දැක නෑ... මට මතක " ගල් පැලය " කියා එකක් තිබෙන බව විතරයි... ආයි ගිය වෙලාවක බලන්න ඕනැ...

    ReplyDelete
    Replies
    1. @ සපතේරු උන්නැහේ

      ගල් පැලේ තියෙන්නේ දේවාලය ඇතුළේනේ. මේක තියෙන්නේ දේවාලයට පිවිසෙන්න තියෙන පඩි පෙළට දකුණු පැත්තට වෙන්න. ආයි ගිය දවසක බලන්නකෝ

      Delete
  6. හසිතගේ බ්ලොග් පොස්ට් ටික පොතක් විදිටට එලි දක්වන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. @ සු දී ක

      කාලෙකට කලින් නම් එහෙම අදහසක් තිබුණා. බලමුකෝ අයියා :)

      Delete
  7. 1. සමන් දේවාලයට ගියත් ඔහොම එකක් දැක්කෙ නෑ. දැනුවත් කළාට ස්තුතියි. ආයෙ පාරක් ගියොත් බලන්න ඕනා..

    2. යාපන ජයග්‍රහණය සමරන්නට පිළිමයක් රත්නපුරයේ ඉදිකළ හේතුව හොයාගන තිබෙනවාද?

    3. "දෝන මරියා පෙරේරාව විවාහ කරගන්නේ සයිමන් පිඤ්ඤෝ. ඒක නිසා ලංකාවේ සිහසුනටත් ඔහුට හිමිකමක් තිබුණු බව කියන්න පුලුවන්. " විවාහ වීමෙන් රජකමට උරුමය ලැබෙන හැටි පැහැදිලි කරන්ඩ පුළුවන්ද?

    4. "මේ පෘතුගීසි නිර්මාණය පෘතුගාල සොල්දාදුවෙක් සිංහල භටයෙක්ව පරාජය කරන ආකාරය කියලා වගේම සිංහල සොල්දාදුවෙක් පෘතුගාල භටයෙක්ව පරාජය කරන ආකාරය කියලාත් මත ඉදිරිපත් වෙලා තිබෙනවා. " එහෙම හිතලා මේ නිර්මාණය ඉතිරිකළා වෙන්නත් පුළුවන්..

    5. දැන් නම් ප්‍රශ්න අහන්නත් බයයි..

    ReplyDelete
    Replies
    1. @ හරී

      1. අනිවාර්යෙන්ම බලන්න. මේක තියෙන තැනත් එක්ක එච්චර අවදානයට යොමු වෙන්නේ නැහැ.

      2. සයිමන් පිඤ්ඤෝ කියන්නේ පෘතුගිසී කාලයේ හිටිය ප්‍රබල කපිතාන්වරයෙක් වගේම පෘතුගීසීන් සෘජුවම රජතුමෙක් පරාජය කරපු අවස්ථාවක් තමා ඒක. ඒක නිසා ඒක විශේෂ සිද්ධියක් විදිහට සැලකුවා වෙන්න ඕනේ. රත්නපුරේ පෘතුගීසීන් කරපු බලකොටුවේ හෝ පල්ලියේ මේ සිදුවීම සටහන් කරන්න ඇත්තේ පිඤ්ඤෝට කරන ගෞරවයක් නිසා හරි එහෙමත් නැත්නම් පිඤ්ඤෝ භාරව හිටියේ මේ ප්‍රදේශය නිසා වෙන්න ඇති.

      3. රාජකීය උරුමය තියෙන කාන්තාවක් සරණ පාවා ගැනීමෙන් උරුමය ලැබෙන විදිහ පැහැදිලි කරන්න කියන උදාහරණවලින්ම දක්වන්නම්කෝ. මුගලන් රජතුමාගේ නැගණිය සරණ පාවා ගෙන හිටිය අසිග්ගාහක සිලාකාල පස්සේ අඹහෙරණ සලමෙවන් නමින් රජවෙනවා. මහානා රජතුමාගේ දියණිය සරණ පාවා ගත්තු ලමැනිතිස්ස පස්සේ රජ වෙනවා. ඒ වගේමයි මෑත් කාලයේ කුසුමාසන දේවියව සරණ පාවා ගත්තු විමලධර්මසූරිය වගේම සෙනරත් දෙසොයුරන් රාජ්‍ය උරුමය ලබනවා.

      4. ඔව් වෙන්න පුලුවන්

      5. අයියණ්ඩිය බිය නොවන්න පිළිතුරු දෙන සැටි මං පෙන්වන්නම් :)

      Delete
    2. 3. මට ප්‍රශ්නය වුනේ රටේ ජනතාව මේක පිළිගන්නවාද කියන එක? මේ විදිහට බෑණලාට රජකම යන්නෙ පුතුන් නැති වුනාමද? නැතිනම් පුතුන් හිටියත් දියණිය වැඩිමල් නම් රජකම ලැබෙනවාද?

      ස්තුතියි..

      Delete
    3. @ හරී

      3. දියණිය වැඩිමහල් වූ පමණින්ම එහෙම වෙන්නේත් නැහැ. බෑණලාගේ බලවත්කම මත තමා මේක රැඳිලා පවතින්නේ

      Delete
  8. ඇත්තටම මේවා බලන්න යන්න වටිනවා. රසවත් ලිපියක්!

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      අනිවාර්යෙන්ම යන්න ඕනේ

      Delete
  9. ගොඩක් දේ දැන ගත්තා හසිත

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      සන්තෝෂයි සන්තෝෂයි :)

      Delete

  10. ඒ වගේම සහෝදරයා රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ නවිමල හාමුදුරුවන්ගේ සපරගමුවේ පැරණි ලියවිලි පොතේ තියෙන්නේ බිම වැටි සිටින සිංහල සෙබලා කහවත්තේ රත්නැකරාල වෙන්න පුළුවන් කියලා.
    ඒ වගේම තව මත තියෙනවා.පෘතුගීසින්ට එරෙහි සටන මෙහෙයවූ හෙන්දරමානසිංහම් කියන ද්‍රවිඩ කුමාරයා විය හැකි බවටත් මතයක් තියෙනවා.(බිම වැටි සිටින)

    ReplyDelete
    Replies
    1. @ දඩබ්බරී

      ස්තුතියි තොරතුරුවලට. කවුද මේ කහවත්තේ රත්නැකරාල. විස්තරයක් මොකුත් තියෙනවාද ?

      //..පෘතුගීසින්ට එරෙහි සටන මෙහෙයවූ හෙන්දරමානසිංහම් කියන ද්‍රවිඩ කුමාරයා විය හැකි බවටත් මතයක් තියෙනවා...//

      මේ මතය නම් බැහැර කරන්න පුලුවන්. හෙන්දරමානසිංහම් එහෙමත් නැත්නම් එදිරිමානසිංහම් කුමාරයා තමා 1591 දී පෘතුගීසීන් විසින් පරරාජසේකරම් නමින් යාපනයේ රාජ්‍යත්වයට පත් කරන්නේ. 1616 ඔහු මියයනකම්ම පෘතුගීසීන්ට හිතවත්ව හිටියා කියලා තමා කියවෙන්නේ.

      ඒ වගේමයි පහළින් තිබෙන ලේඛනයේ මේ කතාව පැහැදිලිව තිබෙන නිසා ගැටලු ඇතිවීම අවමයිනේ

      Delete
  11. සමාවෙන්න, කහවත්තේ රත්නැකරාල පිලිබදව නම් කිසිත් නොදනිමි.
    හෙන්දරමානසිංහම් නම් මෙතන සිටින්නේ ඔබතුමාට ප්‍රශ්නයක් එන්නේ නැතිද යාපනයට තුඩු දෙන මේ සිද්දිය සදහන් ගල් පුවරුව සබරගමුවට ඇතුල් කලේ මොකද කියල?

    ReplyDelete
    Replies
    1. @ දඩබ්බරී

      මේ ප්‍රශ්නයටම කලින් මගේ අදහස එකතු කළා. මේ ගැන මම හිතන්නේ මෙහෙම දෙයක්

      සයිමන් පිඤ්ඤෝ කියන්නේ පෘතුගිසී කාලයේ හිටිය ප්‍රබල කපිතාන්වරයෙක් වගේම පෘතුගීසීන් සෘජුවම රජතුමෙක් පරාජය කරපු අවස්ථාවක් තමා ඒක. ඒක නිසා ඒක විශේෂ සිද්ධියක් විදිහට සැලකුවා වෙන්න ඕනේ. රත්නපුරේ පෘතුගීසීන් කරපු බලකොටුවේ හෝ පල්ලියේ මේ සිදුවීම සටහන් කරන්න ඇත්තේ පිඤ්ඤෝට කරන ගෞරවයක් නිසා හරි එහෙමත් නැත්නම් පිඤ්ඤෝ භාරව හිටියේ මේ ප්‍රදේශය නිසා වෙන්න ඇති.



      Delete
  12. හසිතට මටත් කියන්න තියෙන්නෙ සුදීක කියපු එකමයි.

    හැබැයි මගෙ නඩුවක් තියෙනවා.
    ලාංකික නොවන අය විසින් කර ඇති පවුරාණික වැදගත්කමක් ඇති දේ ගැන ලියන්න කියල මං ඉල්ලුවෙ බොහොම කාලෙකට ඉස්සර. අපේ මිනිස්සු හැම කෘතියක්ම සිහල කලාකරුවාට කැප කලාට ලෝකෙ ලොකුම පිලිමයක් කුරුනෑගල නිමවෙන්නෙ ඉන්දියන් ජාතිකයෙක් අතින්..
    මේක කරන්න ඔයා හැර වෙන කෙනෙක් ගැන මට හිතන්න බැහැ..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      ස්තුතියි අයියා අගය කළාට.

      //..ලෝකෙ ලොකුම පිලිමයක් කුරුනෑගල නිමවෙන්නෙ ඉන්දියන් ජාතිකයෙක් අතින්..//

      මේ ගැන නම් මගේ අදහස මේකයි අයියා.

      කුරුණෑගල රම්බොඩගල්ල ප්‍රදේශයේ නිර්මාණය කරන මේ ප්‍රතිමාවේ නිර්මාණ ශිල්පියා එම්.එම්. ස්ථපති වගේම එයාගේ පරම්පරාවේ අය ලංකාවට ආගන්තුකයන් නෙමෙයි. මේ පරම්පරාවේ පූර්වගාමීනුත් මේ ආකාරයේම වැඩ කොටසක් ලංකාවේ කරලා තියෙනවා.

      ගම්පොළ රාජධානි සමයේ ගඩලාදෙණි විහාරය ඉදි කරන්නේ ඒ පරම්පරාවේ ස්ථපති ගණාධිපති ගණේශ්වරාචාරීන්. ලංකාතිලක විහාරය ඉදි කරන්නේ ඒ පරම්පරාවේම ස්ථපති රායර්.

      //..මේක කරන්න ඔයා හැර වෙන කෙනෙක් ගැන මට හිතන්න බැහැ..//

      අයියා කියන වැඩේ ගැන මට හරියට තේරුණේ නැහැ. ටිකක් පැහැදිලි කරමුකෝ

      Delete
  13. ස්තූතියි මේ වගේ විස්තර ගෙන එනවට.

    මට ආපු ගැටළුවකට හරී ට පිළිතුරු දීලා තියෙනවා. ඒ මේ නිර්මාණය මොකද රත්නපුරේ තියෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. @ Gihan (ගිහාන්)

      සන්තෝෂයි සහෝදරතුමා :)

      Delete
  14. මලේ වෙනදා වගේම එක දිගට කියවාගෙන යන්න පුලුවන් හරබර විස්තරයක්. ඉතිහාසය හැදෑරීම හැමදාමත් ලොකු සතුටක්.

    ReplyDelete
    Replies
    1. @ ගාමිණී විජිත් සමරකෝන්

      ස්තුතියි අයියා අගය කළාට. ඉතිහාසය හදාරන එක මගේ සතුට. ඒ වගේමයි ඒක තවත් අය එක්ක බෙදාගන්න එකත් මගේ සතුට

      Delete
  15. හසිත මස්සිනේ, මාර විදිහෙ රිසර්ච් එකක් කරලා මේ හදල තියෙන වාර්තා ටික පත්තරෙකට දාමුද? හරිම වටිනවා වැඩේ. අන්තර්ජංජාල නැති පාඨකයින්ට ත් වැදගත්. අපේ පත්තරයක් තියෙනවා ‘රන්බිම‘ කියලා. අධ්‍යාපනික එකක්. තවම පටන් ගෙන අවුරුද්දයි. නැගලා යනවා. fmabhaya ෆොන්ට් එකෙන් ලියලා ඊමේල් කරන්න. පළවෙනි එක මට එවන්න (drackey@gmail.com). මම ඒකෙ කර්තෘ මණ්ඩලේ ඉන්නවා. ඒක මං ප්‍රධාන කර්තෘට දාලා, ඕකේ කරලා දෙන්නම්. දිගටම ලියමු. ඔබට ජය!

    අපේ උරුමය ගැන මේ තියෙන උනන්දුවයි කැපවීමයි දැක්කම ඇත්තටම පපුවට ම දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. @ ඩ්‍රැකී

      ස්තුතියි ඔයාලගේ පත්තරෙන් මට අවස්ථාවක් ලබා දෙනවාට. මම කැමතියි වැඩේට. ඔයාට මම මේල් එකක් එවලා ඇති පොඩ්ඩක් බලන්න

      Delete
  16. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  17. මගේ නමත් තියනවනේ ජයසූරිය :-)

    ReplyDelete
  18. මට තියෙනවා ප්‍රශ්න වගයක් ...........

    වීදිය බණ්ඩාර මායාදුන්නේ ගේ දියණියව විවාහ ගන්නේ සමුද්‍ර දේවියගේ මරණින් පස්සේ ද ?
    එතකොට නිකපිටියේ බණ්ඩාර ද්‍රවිඩ සම්භවයක් සහිත කෙනෙක් ද ?
    සීතාවක රාජසිංහ ගේ බිසව ගැන අපැහැදිලිද ?
    සීතාවක පරපුර ඔයිට වඩා තවත් ප්‍රසාරණය කල හැකිද ?

    ReplyDelete