ශ්‍රී ලංකාව වගේ පුරාවිද්‍යා උරුමයන්ගෙන් පොහොසත් වන රටවල් හරි දුලබයි කියලා තමා මට හිතෙන්නේ. ඒ විදිහට පුරාවිද්‍යා උරුමයන් විශාල වශයෙන් තිබ්බත් ඒවා සංරක්ෂණය කිරීමක් මතු පරම්පරාවලට දායාද කිරීමක් හරි විදිහකට වෙනවද කියලා සැක සහිතයි. ඉතින් පුරාවිද්‍යා උරුමයක් වගේම ආගමික අතිනුත් වැදගත් වෙන පුදබිමක් ගැන තමා කියන්න යන්නේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටලා තියෙන මුහුදු මහා විහාරය ගැන තමා අද e - අටුවාවේ අවධානය යොමු වෙන්නේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටලා තියෙන මුහුදු මහා විහාරය ගැන තමා අද e - අටුවාවේ අවධානය යොමු වෙන්නේ.

Google maps මඟින් ගත් ප්‍රදේශයේ ඡායාරූපයක් [අරුණ රණවක මහතාගේ facebook ගිණුමෙන්]
ලංකාව අතීතයේ සිටි රජ දරුවෝ ලංකාව වටා පිහිටලා තිබුණු වරායවල්, තොටුපොළවල් ආශ්‍රිතව ආගමික ස්ථාන ඉදිකිරීමක් කරලා තියෙනවා. ඒකෙන් ඒ නැව්තොටවල්වලට එන විදේශිකයන්ට මේ රටේ තියෙන ආගම්, ඇදහීම් ගැන අවබෝධයක් ලබාදෙන්න උත්සාහයක් ගත්තා වෙන්න පුලුවන්.
උදාහරණ විදිහට ත්‍රිකුණාමලය හෙවත් අතීතයේ ගෝකණ්ණ විදිහට හැඳින්වුණු වරායේ තියෙන ගෝකණ්ණ විහාරය, දෙවිනුවර ප්‍රදේශයේ තියෙන උපුල්වන් දේවාලය, දඹකොළ පටුනේ තියෙන බෞද්ධ විහාරය වගේ ඒවා දක්වන්න පුලුවන්.
ඒ විදිහටම ඉදි කරපු ජූජනීය ස්ථානයක් විදිහට මේ මුහුදු මහා විහාරයත් දක්වන්න පුලුවන්. ජනප්‍රවාදවල එන විදිහට ක්‍රි.පූ 2 වන සියවසේදී විතර කැලණි රාජධානියට ඇතිවෙන සුනාමි තත්වයෙන් මිදෙන්න කැලණි රාජධානියේ පාලකයා වුණු කැලණිතිස්ස රජතුමා තමන්ගේ දූ කුමරිය වෙන දේවි කුමරියව මුහුදට බිලි දෙනවා.
ඒ කියන්නේ කුමාරිව ඔරුවක දාලා මුහුදට පා කරලා හරිනවා. ඒ විදිහට මුහුදට බිලි දෙන දේවි පා වෙලා ගිහින් ගොඩ බහින්නේ මේ මුහුදු මහා විහාරය පිහිටලා තියෙන ස්ථානයටයි.
නමුත් ප්‍රසිද්ධ මතය වෙන්නේ දකුණු පළාතේ පිහිටලා තියෙන කිරින්ද ප්‍රදේශයට තමා දේවි කුමාරි ගොඩ බැස්සේ කියලා. ඒත් මට හිතෙන දෙයක් තමා කිරින්ද වගේ ගල් කුළු හුඟාක් තියෙන මුහුදු රළ හුඟාක් තියෙන ස්ථානයකට ඔරුවක් කොහොමද එන්නේ කියලා.
ඉතින් හුඟාක් දුරට දේවි කුමාරි ගොඩ බැස්සේ මුහුදු මහා විහාරය පිහිටලා තියෙන ප්‍රදේශයට වෙන්න ඕනේ කියලා හිතෙන අනික් කාරණේ තමා ඒ ආසන්නයේ ලාහුගල ප්‍රදේශයේ පිහිටලා තියෙන මඟුල් මහා විහාරය කියන ස්ථානයේ තියෙන ගල්වලින් කරපු නිර්මාණය කාවන්තිස්ස විහාර මහ දේවි දෙදෙනාගේ විවාහයට භාවිත කරපු මඟුල් පෝරුව කියලා විශ්වාස කරන එක.
ජනප්‍රවාද වගේම නොයෙක් මති මතාන්තර තිබුණත් පුරාවිද්‍යා කැණීම්වලින් පස්සේ දක්වන අදහස වෙන්නේ මේ සිද්ධස්ථානය ගොඩනගලා තියෙන්නේ මහා දාඨික මහානාග රජ දවසේ කියලා. ඒ කියන්නේ කාවන්තිස්ස රජ සමයෙන් වසර 200 කට විතර පස්සේ කියලා. ඒ වගේම මහාවංශයේ 34 වෙනි පරිච්ඡේදයේ රුහුණු රට ලංකා විහාරය විදිහට මේ විහාරය හඳුන්වලා තියෙනවා කියලා සොයාගෙන තියෙනවා.
මේ ස්ථානය වර්තමානයේදී සොයා ගෙන තියෙන්නේ 1960 දශකයේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතානයන් විසින්. එතුමා මේ භූමිය පුරාවිද්‍යා සංරක්ෂිතයක් බවට පත් කරලා තියෙනවා. ඒකත් එක්කම මේ විහාරය අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකායට අයත් පන්සලක් බවට පත්වෙලා තියෙනවා.
ඒ යටතේ මේ විහාරයේ මෑතකාලින් ඉතිහාසයේ ප්‍රථම විහාරාධිපති විදිහට කටයුතු කරලා තියෙන්නේ තංගල්ලේ සිරි සුනන්ද අනුනායක හිමිපාණන් වහන්සේයි.
වර්තමානයේ මේ විහාරස්ථානයේ තියෙන ගොඩනැගිලි ආදි දේ ගැන කතා කළොත් භික්ෂූන් වහන්සේලාගේ විනය කර්මවලට භාවිතා කරපු සීමා මාලකයක් වගේම මුහුදු වැල්ලෙන් වැසිගියපු චෛත්‍යයකුත් දැකගන්න පුලුවන්. තවත් පාදා නොගත්තු පුරාවස්තු රැසක් මේ බිම පුරා විසිරිලා තියෙනවා. ඒ වගේම විහාර මහා දේවිය පැමිණි ඔරුව මේ අසළ නිදන් කර ඇති බවකුත් කියවෙනවා.


සීමා මාලකය ගැන කතා කළොත් හිටි බුදු පිළිමයක් වගේම තවත් හඳුනා නොගත්තු පිළිම දෙකකුත් සීමා මාලකයේ තැන්පත් කරලා තියෙනවා. ඒ ගැන මත කීපයක්ම පලවෙලා තියෙනවා. ඒවා අවලෝකිතේශ්වර බෝසත් පිළිම බව එක් මතයක්. තවත් මතයක් වෙන්නේ ඒවා කාවන්තිස්ස රජතුමාගෙයි විහාර මහා දේවියගෙයි පිළිම බවයි.

මේ පිළිම බොහෝවිට බෝසත් පිළිම වන්නට පුළුවන්. ඒකට උදාහරණයක් විදිහට වැලිගම කුෂ්ඨරාජගල ඇති අවලෝකිතේශ්වර බෝසත් පිළිමයේ හා මේ අවසාන පිළිමයේ තියෙන සමානකම දක්වන්න පුලුවන්.
ඒ වගේම මුහුදු වැල්ලෙන් වැසිලා තියෙන චෛත්‍යයේ මේ වනවිට දකින්න ලැබෙන්නේ ගල් කණු කීපයක් විතරයි. ඒකට හේතුව කිසියම් කණ්ඩායමක් විසින් ඒ ස්ථානය ඩෝසර් කිරීමයි.
ඩෝසර් කර ඇති චෛත්‍යයේ දැනට ඉතිරි කොටස්

ඒ වගේම මුහුදු වැල්ලෙන් වැසිලා තියෙන චෛත්‍යයේ මේ වනවිට දකින්න ලැබෙන්නේ ගල් කණු කීපයක් විතරයි. ඒකට හේතුව කිසියම් කණ්ඩායමක් විසින් ඒ ස්ථානය ඩෝසර් කිරීමයි.

මේ වෙනකොට මුහුදු මහා විහාරය මුහුණ දෙන විශාලම ගැටළුව වෙන්නේ නියමිත පරිදි සීමා ලකුණු නොකිරීම නිසා විවිධ කණ්ඩායම් පුරාවිද්‍යා රක්ෂිතයේ තමන්ගේ ගෙවල් තනාගෙන සිටීම. 1960 දශකයේ මුහුදු මහා විහාරය පුරාවිද්‍යා සංරක්ෂිතයක් බවට පත් කරද්දී අක්කර 73 ක් භූමියක් පැවති බවත් එය මේ වෙද්දී අක්කර 3 ක් දක්වා අඩුවෙලා තියෙනවා.
මේ විහාරයට අටුවාකරුට යන්න හැකිවුණේ මේ වසරේ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ වාර්ෂික චාරිකාව අම්පාර ප්‍රදේශය මූලික කරගෙන පිටත්වුණු නිසා. ඉතින් වර්තමාන මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන් වෙන වරකාපොල ඉන්දසිරි හාමුදුරුවෝ විහාරය මුහුණ පාලා තියෙන ගැටළු ගැන සාධක ඇතිවම විස්තර කළා.

මේ විදිහට පුරාවිද්‍යා උරුමය වැනසෙන්නට ඉඩ නොදී ඒවා ආරක්ෂා කරන්න කටයුතු කරන එක හැමෝගෙම වගකීම වෙනවා.
ලිපිය ලියන්න පාදක වුණේ 2010 ඔක්තෝබර් 17 වෙනි ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවුණු "ඩෝසරයට යටවුණු මුහුදු මහා විහාරය" ලිපිය
පොතුවිල් මුහුදු මහා විහාරයේ තවත් ඡායාරූප බලන්න මෙතන කොටන්න.
පොතුවිල් මුහුදු මහා විහාරයේ තවත් ඡායාරූප බලන්න මෙතන කොටන්න.