tag:blogger.com,1999:blog-64097614329617261232024-03-14T12:11:01.294+05:30e - අටුවාවඉතිහාසයට විද්‍යුත් අටුවාවක්Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6409761432961726123.post-27924336695140727662013-03-14T19:00:00.000+05:302013-03-14T19:00:04.300+05:30රත්නපුර මහ සමන් දේවාලයේ පිහිටි පෘතුගීසි නිර්මාණය - Stone Sculpture of Portuguese Captain & Jaffna King
කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන තිබෙන ඓතිහාසික අතින් වැදගත් වෙන විජාතික
නිර්මාණ පිළිබඳව e-අටුවාවේ පසුගිය ලිපි කීපයෙන්ම අවදානය යොමු කෙරුණු නිසා
අදත් සූදානම කොළඹ නගරයෙන් බැහැරව පිහිටලා තියෙන වැදගත් පෘතුගීසී නිර්මාණයක්
පිළිබඳව කරුණු කියන්න.
ඊතලෙන් දක්වා තිබෙන්නේ මේ නිර්මාණය පිහිටා තිබෙන ස්ථානය
මේ නිර්මාණය පිහිටලා තියෙන්නේ ප්‍රකට රත්නපුර මහ සමන් දේවාල පරිශ්‍රයේ. ප්‍රධාන දොරටුවෙන් දේවාල භූමියට
ඇතුල් වුණාම දිග් ගෙයට ඇතුල් වීම සඳහා තිබෙන පඩි පෙළට දකුණු පසින් තිබෙන
දිගු ගොඩනැගිල්ලේ තමා මේ නිර්මාණය තියෙන්නේ. අඩි 4 ක් පමණ උස අඩි 2 ක් පමණ පළල කළුගල් පුවරුවක සංග්‍රාමීය අවස්ථාවක් දැකගන්න ලැබෙනවා වගේම ඊට පහළින් පෘතුගීසි බසින් ලියපු වාක්‍ය පේළි 4 ක් පමණ දැකගන්න ලැබෙනවා.
මේ නිර්මාණය කුමක්ද කියලා කිව්වොත් රණවිරුවන් වෙනුවෙන් ස්මාරක ඉදි කරන එක වර්තමානයේ සුලභව දැකගන්න පුලුවන්. තිස් වසරක් පුරා ලංකාවේ තිබුණු ත්‍රස්තවාදය නිමා කරපු රණවිරුවන් සිහිපත් කරන්න ත්‍රස්තවාදය පැතිර තිබූ ප්‍රදේශවල වගේම අනෙක් ප්‍රදේශවලත් තිබෙන රණවිරු ස්මාරක ඔයාලත් දැකලා ඇතිනේ. මේ නිර්මාණයත් ඒ ආකාරයෙන්ම වසර 620 කට පමණ කලින් පෘතුගීසීන් විසින් පිහිටවපු රණවිරු ස්මාරකයක්.
පෘතුගීසී නිර්මාණයක් මෙතනට ආවේ කොහොමද කියන ගැටලුවත් එක්ක මේ නිර්මාණය සම්බන්ධ ඉතිහාසය පිළිබඳව මුලින්ම කතා කරමු. ලංකාවට පෘතුගීසීන්ගේ ආගමනයත් එක්ක ක්‍රමයෙන් කෝට්ටේ රාජධානිය ඇතුළේ තමන්ගේ ආදිපත්‍ය පතුරුවන්න ඔවුන් සමත් වෙනවා.
අවසානයේදී කෝට්ටේ අවසන් පාලකයා වුණු ධර්මපාල රජතුමා කතෝලික දහම වැළඳගෙන දොන් ජුවන් පෙරිය බණ්ඩාර නමින් බෞතිස්ම වෙනවා පමණක් නෙමේ තමන්ගෙන් පස්සේ රාජ්‍යයට උරුමකරුවෙක් නැති නිසා 1580 අගෝස්තු 12 වෙනිදා තෑගි ඔප්පුවක් මඟින් කෝට්ටේ රාජධානිය පෘතුගාල රජතුමාට පවරනවා.
කැලණි රාජ මහා විහාරය විනාශ කරන පෘතුගීසීන්
මේ සිදුවීම වගේම 1597 මැයි 27 ධර්මපාල රජතුමා මියයාමත් එක්ක කෝට්ටේ රාජධානියේ එකම උරුමකරුවා වීමත් එක්ක තමන්ගේ බලය හැකිතාක් අනෙක් ප්‍රදේශවලට ව්‍යාප්ත කරන්න ඔවුන් කටයුතු කරනවා වගේම කතෝලික දහම ව්‍යාප්ත කරන්නත් කටයුතු කරනවා.
1580 ඉදන් වගේම ඊටත් කලින් ඉදන්ම පෘතුගීසීන් දියත් කරපු කතෝලික දහම ව්‍යාප්ත කිරීම වගේම බෞද්ධ හින්දු ආගමික ස්ථාන කඩා බිඳ දැමීම යටතේ රත්නපුර මහ සමන් දේවාලයත් කඩා බිඳ දැමෙනවා. ඒ ස්ථානයේ පෘතුගීසීන් තමන්ගේ බලකොටුවක් වගේම ශාන්ත සැල්වදෝර් නමින් පල්ලියකුත් ඉදි කරනවා.
ඒ කාලෙදී සමන් දෙවියන්ගේ දේවාභරණ ආරක්ෂාවට තැන්පත් කර තැබුණා කියන්නේ බොල්තුඹේ සුමන සමන් දේවාලයේ. මුල්ම e-අටුවා සටහන වෙන් වුණේ බොල්තුඹේ සුමන සමන් දේවාලය ගැන කතා කරන්න.
බොල්තුඹේ සුමන සමන් දේවාලය
පසුව දෙවන රාජසිංහ සමය වෙද්දී නැවත වරක් පෘතුගීසී බලකොටුව වගේම පල්ලිය බිඳ දමලා රත්නපුර මහ සමන් දේවාලය ඉදි කළත් මේ පෘතුගීසි නිර්මාණය ඒ ස්ථානයේම තිබෙන්නට හැරියා කියලා හිතන්න පුලුවන්.
අඩි 4 ක් පමණ උඩ අඩි 2 ක් පමණ පළල මේ නිර්මාණය කළුගලින් නිමවූවක්. ඉහළින්ම ගල් කට්ටයක් කපා තිබෙනවා. ඊට පසුව පෘතුගීසී සොල්දාදුවෙක්ගේ නිල ඇඳුමකින් සැරසුණු අයෙක් අසිපතක් සහ පලිහක් දරාගෙන සිටින ආකාරයත් ඔහුගේ පයට පෑගි සිටින ධෝතියක් වැනි ඇඳුමකින් සැරසුණු උඩුකය නිරුවත් හිසේ ජටාවක් වැනි යමක් පැළැඳ සිටින අයෙක් දැකගන්න පුලුවන්.
බිම වැටී සිටින පුද්ගලයාගේ අසිපත සහ පලිහ පසෙකින් වැටී තිබෙන ආකාරය පෙනෙනවා. ඔහු දකුණු අතින් පෘතුගීසී සොල්දාදුවාගෙන් එල්ල වන පහරක් වළකන ආකාරයක් පෙනෙනවා.
ඊට පහළින් පහත දැක්වෙන පෘතුගීසී ලේඛනය දැකගන්න පුලුවන්.
COM-ESTA-RENDI ESTE-HA 2-3
ANNOS-QUANDO-NA-INDIA-E
HA-16-QUE-SIRVO-DE-CAPITAO
-E-AOQUE-OS-PEIS-VEDES-HE-
O-REI-DE IAFANAPATAO-EU-
SIMEN-PINHAO-C-VENCI
එහි අර්ථය විදිහට අරගෙන තිබෙන්නේ
"මින් (මේ කඩුවෙන්) මම මොහු මර්දනය කළෙමි. මා ඉන්දියාවට පැමිණ දැන් වසර 23 කි. ඉන් වසර 16 ක් කපිතාන්වරයෙක් ලෙස සේවය කළෙමි. මා පාමුල වැටී සිටිනු ඔබට පෙනෙනුයේ යාපා පටුනේ රජතුමාය. මම සයිමන් පිඤ්ඤෝ ඔහුව පරාජය කළෙමි"
යාපනයේ ආර්ය චක්‍රවර්ති මාළිගාව
මේ කතාව මොකක්ද කියලා පැහැදිලි කළොත් 15 වන සියවසේ මැද භාගයේ විතර ඉදන් ආර්ය චක්‍රවර්තීන් නමින් හඳුන්වපු පාලකයන් යටතේ යාපනයේ ස්වාධීන පාලනයක් ඇතිවෙනවා. පෘතුගීසීන් මුල් කාලයේ යාපනය ගැන එතරම් අවදානයක් යොමු නොකළත් පස්සේ ඒ ගැන අවදානය යොමු කරන්න පටන් ගත්තේ 16 වන සියවසේ මුල භාගයේ යාපනයේ පාලකයා වුණු සංකිළි යාපන රාජ්‍යයට අයිති වෙරළාසන්න ප්‍රදේශ ආසන්නයේ විනාශ වෙන පෘතුගීසී භාණ්ඩ නෞකාවල භාණ්ඩ අත්පත් කරගැනීම සිදු කිරීමත් එක්ක.
මේ නිසා 1543 දී සංකිළිට විරුද්ධව මාර්ටින් අපොන්සු ද සූසා යටතේ ආක්‍රමණයක් දියත් කරනවා. මේ සටන නිසා පෘතුගීසී පාලනය සංකිළි පිළි අරගෙන කප්පම් ගෙවන පාලකයෙක් බවට පත් වෙනවා. ඒත් ඊට පස්සේ අවුරුද්දේදී ෆ්‍රැන්සිස් ක්ෂේවියර් පියතුමා මන්නාරමේ ධීවරයන් පිරිසක් බෞතිස්ම කිරීමත් එක්ක සංකිළි ඒ ප්‍රදේශවාසීන්ට නැවත වරක් පැරණි ආගමට එන්න කියලා නියෝග කරනවා. මේකත් එක්ක ආයි පාරක් පෘතුගීසීන් එක්ක ගැටුමක් ඇතිවෙනවා.
මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී සංකිළිගෙන් පස්සේ රජ වෙන එයාගේ පුතා පුවිරාජ පණ්ඩාරම්ට විරුද්ධව කාසි නයිනර් කැරළි ගහලා පාලන බලය ලබාගන්නවා. ඊට පස්සේ එයාව බලයෙන් පහ කරලා පෘතුගීසි සහය මත පෙරිය පුල්ලේ කියන පුද්ගලයා චෙගරාජසේකරන් කියලා රජවෙනවා.
සංකිලි රජු තම පිය රජු සහ සොයුරන් සමඟ
ඔහුගෙන් පස්සේ නැවත රජවෙන පුවිරාජ පණ්ඩාරම් කැලිකට් පාලක සැමොරින්ගේ උදව් අරගෙන පෘතුගීසීන් අල්ලාගෙන මන්නාරම ප්‍රදේශයට පහර දෙනවා වගේම කතෝලිකයන්ටත් හිරිහැර කරනවා. මේ නිසා 1591 දී සයිමන් පිඤ්ඤෝ කියන පෘතුගීසී කපිතාන්වරයා යටතේ සේනාවක් යාපනය ආක්‍රමණය කරලා පුවිරාජ පණ්ඩාරම මරා දාලා නැවත වරක් යාපනයේ පෘතුගීසී බලය පිහිටවනවා.
ඒත් සෘජුවම යාපනයේ බලය තමන්ගේ අතට නොගත්තු පෘතුගීසීන් ඒ වෙද්දී ජීවත් වෙලා හිටිය පෙරියපුල්ලේ හෙවත් චෙගරාජසේකරන් රජතුමාගේ පුත්‍රයාව හෙන්දර්මනසිංහ නමින් රාජ්‍යත්වයට පත් කරනවා.
ආර්ය චක්රවර්තීන්ගේ රාජකීය ලාංඡනය
ඉතින් 1591 දී සිද්ධ වුණු යාපන ආක්‍රමණයේදී පෘතුගීසි කපිතාන් සයිමන් පිඤ්ඤෝ යාපනයේ රජතුමා වුණු පුවිරාජ පණ්ඩාරම්ව යටත් කරගන්න ආකාරය තමා මේ ආකාරයෙන් සමන් දේවාල පරිශ්‍රයේ තිබෙන පෘතුගීසි නිර්මාණයෙන් දැක්වෙන්නේ.
සයිමන් පිඤ්ඤෝ සිදුකරන ලද වීර ක්‍රියාව සිහිපත් වෙන්න මේ නිර්මාණය කරවලා රත්නපුරයේ පිහිටි ඔවුන්ගේ පල්ලියේ තැන්පත් කරවන්න සයිමන් පිඤ්ඤෝම හරි එහෙමත් නැත්නම් පෘතුගීසී බලධාරීන් හරි කටයුතු කරන්න ඇති.
මේ සයිමන් පිඤ්ඤෝ ගැන විස්තර කියන ෆර්නාඕ ද ක්වේරෝස් රචනා කරපු Conquista Temporale Espiritual da Ceylao,
Ordenado pelo Pedre Fernao de Queyroz Da Companhia de Jesus, Da
Provincia De Goa, Com muytas outras proveytozas noticias pertencentes a
dispocicao e gouverno de Estado de India කෘතියේ ඔහු දක්වන්නේ
"....පෘතුගාලයේ පුන්හේටාවල ඉපැදී, ක්සෙරෙස් හා ටාගුස් හි මුහුදුවල පන්නරය ලබා සිටි මේ රණශූරයා ඒ වන විට සතළිස් වියේ පසු වූ, ඉතා ශක්ති සම්පන්න සිරුරකට හිමිකම් කියූ අයෙක් විය. රාජතාන්ත්‍රිකයෙකුට වඩා ඔහු රණශූරයෙක් විය. එක ඇසක් අහිමිව තිබුණේ සටනකදී ලන්ස පහරක් එල්ල වීම නිසාය. හිස වටකුරුය. සිරුර දුඹුරු පැහැතිය. පාංශු දේහදාරීය. දිගු යටි රැවුල තඹ පැහැතිය. විසල් උඩු රැවුලක්ය. මනා ශාරීරික ශක්තියකින් යුතු වූ ඔහු නිරතුරුවම අවදිව සටනට සූදානම්ව සිටියේය. කිසිම විටෙක පසුපසට නොඟිය ඔහු දිවයිනේ වඩාත්ම ප්‍රචලිත සටන් ක්‍රමය වූ සැඟවී සිර පහර එල්ල කිරීමේ සහජ හැකියාවක් ඇත්තෙක් විය. ඔහු නිර්ලෝභීය. කතාබහ ඉතා අඩුය. කෝපාවිෂ්ඨ වූ විට රාක්ෂයෙකු බඳුය. තම ආගමට මහත් ලැදිය. එමෙන්ම ඔහුගේ විශේෂිත ලක්ෂණයක් වූයේ ඔහු කාමුකයෙක් නොවීමයි....."
කෝට්ටේ රාජධානියේ ධර්මපාල රජතුමා ජීවත්ව සිටි සමයේ ඉදන්ම සිංහල හමුදාවේ වික්‍රමසිංහ හෙවත් සේනාධිපති ධූරය දරන්නේ සයිමන් පිඤ්ඤෝ. ඒ වෙද්දී කෝට්ටේ රාජධානියේ උසස් නිලයක් දරපු එකම පෘතුගීසි ජාතිකයා විදිහටයි ඔහු සැලකෙන්නේ.
ඒ වගේමයි මීට පෙර Arts Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා කියන සටහනේදී කිව්ව
විදිහට සීතාවක රාජසිංහ රජතුමාගේ අනුප්‍රාප්තිකයෙක් වුණු නිකපිටියේ බණ්ඩාර
කුමාරයාගේ සහෝදරිය වුණු දෝන මරියා පෙරේරාව විවාහ කරගන්නේ සයිමන් පිඤ්ඤෝ. ඒක
නිසා ලංකාවේ සිහසුනටත් ඔහුට හිමිකමක් තිබුණු බව කියන්න පුලුවන්.
මායාදුන්නේ රජ පවුලේ පවුල් සටහන
1603 දී සිදුවුණු බලන සටන වගේ උඩරට I විමලධර්මසූරිය රජතුමා සමඟ පෘතුගීසීන් සිදු කරපු ප්‍රබල සටන්වලදීත් සයිමන් පිඤ්ඤෝ තමන්ගේ දායකත්වය ලබාදීලා තියෙනවා. ඒ අවස්ථාවේදී රජතුමා සයිමන් පිඤ්ඤෝ තමන්ගේ පාර්ශවයට ගන්න උත්සහ කළත් උපායශීලී වුණු පිඤ්ඤෝ රජතුමාව රවට්ටලා රජතුමාව මරා දමන්න කටයුතු කළත් ඒ උපාය අසාර්ථක වුණු බව තමා කියවෙන්නේ.
නැවතත් ප්‍රධාන කතාවට ආවොත් මේ පෘතුගීසි නිර්මාණය පෘතුගාල සොල්දාදුවෙක් සිංහල භටයෙක්ව පරාජය කරන ආකාරය කියලා වගේම සිංහල සොල්දාදුවෙක් පෘතුගාල භටයෙක්ව පරාජය කරන ආකාරය කියලාත් මත ඉදිරිපත් වෙලා තිබෙනවා.
ඒත් මේ නිර්මාණය දිහා සැලකිල්ලෙන් බලද්දී සිටගෙන සිටින පුද්ගලයාගේ හිස් වැස්ම, මුහුණ පුරා වැවුණු රැවුල, සන්නාහය, දකුණු අතේ තිබෙන අසිපත වගේම පැළඳගෙන ඉන්න බූට් යුගල නිසා මේ සිංහල සොල්දාදුවෙක් නොව පෘතුගාල සොල්දාදුවෙක් බව පැහැදිලියි. ඒ වගේමයි පහතින් තිබෙන විස්තරයෙන් වගේම ක්වේරෝස් සයිමන් පිඤ්ඤෝ ගැන කරන විස්තරයෙන් මේ සයිමන් පිඤ්ඤෝ බව සිතාගන්න පුලුවන්.
කතාව ලියන්න පාදක කරගත්තේ
පෝල් ඊ. පීරිස්ගේ ලංකාව - පෘතුගීසි යුගය, ටිකිරි අබේසිංහයන්ගේ පරංගි කෝට්ටේ, එස්.ජී. පෙරේරා පියතුමාගේ ලංකා ඉතිහාසය - පෘතුගීසී යුගය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලංකා ඉතිහාසය - තුන්වන කොටස කියන කෘති
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com37tag:blogger.com,1999:blog-6409761432961726123.post-74212530710710377872013-01-24T08:30:00.000+05:302013-01-27T16:08:48.991+05:30ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්මාරකය - Engraved Portuguese Coat of Arms Boulder in Colombo
මීට පෙර ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සිර කුටිය ගැන සටහනින් වගේම වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව ගැන සටහනිනුත් අවධානය යොමු කළේ කොළඹ පිහිටලා තියෙන ඓතිහාසික වශයෙන් වැදගත් වෙන ස්ථාන සහ නිර්මාණ ගැන. ඉතින් අදත් අටුවාවේ අවධානය කොළඹ නගරයේ පිහිටලා තිබෙන තවත් ඓතිහාසික අතින් වැදගත් වෙන ස්මාරකයක් සම්බන්ධව කතා කරන්න.
අද කතා කරන ස්මාරකය ගැන කතා කරන්න ප්‍රවේශයක් ගත්තොත්පෙරදිග ප්‍රදේශවල තමන්ගේ ආදිපත්‍යය පතුරවමින් හිටිය පෘතුගාලය තමන්ට එරෙහිව කටයුතු කරපු මුස්ලිම්වරුන්ගේ නැව්වලට වගේම මුස්ලිම්වරුන්ගේ ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරමින් හිටියා. ඉන්දියාව මුල් කරගෙන පෙරදිග ඉන්දියාවේ පාලන කටයුතු කරගෙන ගිය පෘතුගාලය ලංකාව කියන කුඩා දූපත ගැනත් විමසිලිමත් වෙමින් හිටියේ.
මේ අතරවාරයේ මුස්ලිම් වෙළෙඳ නැව් මංකොල්ල ඉන්දියාවේ පෘතුගීසි ප්රතිරාජයා වුණු දොන් ෆ්රැන්සිස්කෝ ද අල්මේදාගේ පුතා වුණු දොන් ලෝරෙන්සෝ ද අල්මේදා ඇතුළු පෘතුගීසී භට කණ්ඩායමක් 1505 මාර්තු 25 පිටත් වෙනවා. මේ කණ්ඩායම දකුණු ඉන්දියාවේ ක්වින්ලොන් නගරයට ආපුවාම දැනගන්න ලැබෙනවා මාලදිවයින හරහා රතු මුහුද බලා යන මුස්ලිම් නැව් කණ්ඩායමක් ගැන.
ඒ පිරිස පසුපස හඹාගෙන යන පෘතුගීසි නැව් කණ්ඩායම කුණාටුවකට හසුවෙලා අවසානයේදී ගාලු බොක්කට ගොඩ බහිනවා. ඊට පස්සේ පෘතුගීසීන් කණ්ඩායම 1505 ඔක්තෝබර් 15 කොළඹ වරායේ නැංගුරම් දානවා. [පෘතුගීසීන් පැමිණියේ 1505 නෙමෙයි 1506 කියලත් මතයක් තිබෙනවා.]
පස්සේ පරංගියා කෝට්ටේ ගියා වගේ කතා ඔක්කෝම වෙලා අවසානයේදී පෘතුගීසි දූතයන් සහ කෝට්ටේ රජතුමා අතර වුණු සාකච්ඡාවලින් වෙළෙඳ කටයුතු පිළිබඳව වගේම සතුරු ආක්රමණවලින් වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂා කරන්නත් පෘතුගීසීන් එකඟ වෙනවා. මේ සඳහා වාර්ෂිකව කුරුඳුවලින් දීමනාවක් දෙන්න රජතුමා එකඟ වෙනවා.
පෘතුගීසී සමයේ කොළඹ වරාය
http://kermeey.blogspot.com/2006/02/colombo-fort.html
මේ සාකච්ඡා අවසන් වෙලා පෘතුගීසි පිරිස නැවත වරක් ඉන්දියාව බලා පිටත් වෙන්න කලින් තමන් කොළම් තොටට පැමිණෙද්දී මුලින්ම දැකපු වරාය ආසන්නයේ වුණු කුඩා කඳු ගැටය තමන්ගේ ආරක්ෂක ශාන්තුවරයා වුණු ශාන්ත ලෝරන්ස් නමින් නම් කරපු පෘතුගීසීන් එහි මුහුදට ආසන්න බිම් තීරුවේ වෙළෙඳ ගබඩාවක් ඉදි කරලා ඒ අසළින්ම පල්ලියකුත් ගොඩනංවනවා. ඒ පල්ලියත් කැප කරන්නේ ශාන්ත ලෝරන්ස් මුනිඳු වෙනුවෙන් [පෘතුගීසි කණ්ඩායමේ නායකයාගේ නමත් ලෝරන්ස් වීම මේකට තවත් හේතුවක්]
ඒ වගේමයි ඔවුන්ගේ ලංකාගමනය සිහිපත් කරලා ගල් පර්වතයක ඒ බව සඳහන් කරන්න කෝට්ටේ රජතුමාගෙන් අවසර ගන්නවා. මේ ක්රියාවේ අරමුණ වෙන්නේ මේ ප්‍රදේශයට පළමුවරට පැමිණි යුරෝපා ජාතිය තමන් බව හඟවලා ඒ සඳහා පෘතුගීසි අයිතිවාසිකම පෙන්වන්න.
ඉතින් මේ නිර්මාණය සම්බන්ධව තමා අද e-අටුවාවෙන් විස්තර කතා කෙරෙන්නේ.
පෘතුගීසි ආදිපත්‍ය බිඳ වැටිලා ලන්දේසී ආදිපත්‍ය වෙරළබඩ කලාපයේ පැතිරීමත් එක්ක මේ ආසන්නයේ තිබුණු ශාන්ත ලෝරන්ස් පල්ලිය කඩා බිඳ දැමෙනවා වගේම මේ නිර්මාණය ගැනත් ජනතාවට අමතක වෙලා යනවා. පෘතුගීසීන් මේ නිර්මාණය කරලා සියවස් ගණනකට පස්සේ 1875 දී කොළඹ වරායේ මේ ප්‍රදේශය නිරිතදිග දිය කඩනයට සම්බන්ධ කරද්දී පොදු වැඩ දෙපාර්තමේන්තුවේ කම්කරුවන් මේ නිර්මාණය දකිනවා.
මේකේ තිබුණු සුවිශේෂීත්වය වටහා ගන්න බ්‍රිතාන්‍ය රජය 1898 දී මේ නිර්මාණය තිබෙන ටොන් 20 ක් පමණ බර වුණු ගල් කුට්ටිය එතනින් කඩලා ඉවත් කරලා වරායේ රේගු ගොඩනැගිල්ල අසළින් තබලා තියෙනවා. 1912 දී මේ ගල් කුට්ටිය කොළඹ කොටුවේ රැජිණ මන්දිරය අසළ තිබෙන ගෝර්ඩන් උද්‍යානයේ තැන්පත් කරනවා.
පෘතුගීසී ස්මාරකය ගෝර්ඩන් උද්‍යානයේ තැන්පත් කර තිබූ අයුරු
http://archives.dailymirror.lk/2003/07/09/feat.html
මීට වසර කීපයකට කලින් වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව ඉවත් කළා වගේම මේ ස්මාරකයත් ගෝර්ඩන් උද්‍යානයෙන් ඉවත් කරනවා. මේ පෘතුගීසි ස්මාරකය කොළඹ වරාය පරිශ්‍රයට නැවත වරක් ගෙන එනවා. වර්තමානය වෙද්දී කොළඹ වරාය පරිශ්‍රයේ මෙය තබා තිබෙනවා.
වර්තමානයේ මෙම පෘතුගීසි ස්මාරකය කොළඹ වරායේ තබා ඇති ආකාරය
[ඡායාරූපය ඉරන්ත කරුණාරත්න මහතාගෙනි]
මේ නිර්මාණය තිබුණු දේ විස්තර කළොත් පෘතුගාල රජතුමාගේ රාජකීය ලාංඡනය සහ ඊට ඉහළින් කුරුසයත් කොටා තිබෙනවා දැක ගන්න පුලුවන්.
පෘතුගීසින් පිහිටවූ ස්මාරකය
http://www.crazylanka.com/portuguese.htm
පෘතුගාල රාජකීය ලාංඡනයේ ප්‍රධාන පළිහට ඉහළින් පෘතුගාල රජුගේ ඔටුන්නත් ප්‍රධාන පළිහ ඇතුළේ තිබෙන කුඩා පලිහේ කුරුසයක හැඩයට තබලා තියෙන Quninas නමින් හැඳින්වෙන පලිහවල් 5 ක් දැකගන්න පුලුවන්. ඒ Quninas පලිහවල් ඇතුළේත් bezants නමින් හැඳින්වෙන රන් කාසි 5 බැගින් කතිර හැඩයකට තබා තිබෙනවා.
මේවායින් සංකේතවත් කරන්නේ ජේසුතුමා කුරුසයේ තබ ඇණ ගැසීමෙන් පස්සේ එතුමාගේ ශරීරයේ ඇතිවුණු තුවාල 5. මෙවැන අර්ථ නිරූපණයක් සහිත සංකේත පෘතුගාල රාජ්‍ය ලාංඡනය පැමිණීමට හේතුව වෙලා තියෙන්නේ වර්ෂ 1139 දී සිදුවුණු Ourique හි ප්රාතිහාර්යය නමින් හැඳින්වෙන සිදුවීම.
Ourique හි ප්රාතිහාර්යය
ඒ වසරේ සිදුවුණු Ourique හි සටනට කලින් ඒ සටන සඳහා මුල්වුණු වංශාධිපති අෆොන්සු හමුවට එන මහලු තවුසෙක් පවසනවා මේ සටනින් ඔහු ජයගන්නා බවත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔහු සමඟ වන බවත්. පස්සේ ඒ දෙවියන්ගේ පණිවුඩය රැගත් පුද්ගලයාගේ උපදෙස් පරිදි හුදෙකලාව ඇවිද යද්දී වංශාධිපති අෆොන්සු දකිනවා ජේසුතුමා කුරුසප්රාප්ත වෙලා ඉන්න සිදුවීම ඔහු ඉදිරියේ මැවිලා තියෙනවා.
ඒ අවස්ථාවේදී ඔහුට ඇහෙනවා ජේසුතුමා පොරොන්දු වෙනවා ඔහු සටනින් ජයගන්නවා වගේම ඔහු පරපුරේ අය දේශ දේශාන්තරවල තමන්ගේ ආදිපත්‍යය පතුරනවා කියලා. මේ සිද්ධියත් සමඟ අතිශය සතුටට පත්වෙන වංශාධිපති අෆොන්සු අනාවැකිය විදිහටම මූර්වරුන් සමඟ කරපු සටනින් ජය අරගෙන I අෆොන්සු නමින් පෘතුගාලයේ රජකමට පත්වෙනවා.
පෘතුගාල රාජකීය ලාංඡනය
ඊට පස්සේ ජේසුතුමා කරන ගෞරවයක් විදිහට කුරුසයේදී එතුමාට සිදුවුණු තුවාල 5 සංකේතවත් කරලා Quninas පලිහවල් 5 ක් කුරුසයක් ආකාරයට තබලා තම ලාංඡනය නිර්මාණය කරනවා. ඒ Quninas පලිහවල් 5 න් වංශාධිපති අෆොන්සු සටනින් පරාජය කරපු මූර් නායකයන් 5 දෙනාවත් සංකේතවත් කරනවා.
Quninas පලිහවල් ඇතුළේ තිබෙන bezants හෙවත් රන් කාසිවලින් ජේසුතුමා පාවා දීම වෙනුවෙන් ජුදාස් ලබා ගත් කාසි 30 සංකේතවත් කරනවා [මැද Quninas පලිහේ කාසි ගණන දෙවරක් ගණන් අරගෙන] කුඩා පලිහ වටා බලකොටු 7 ක් දැකගන්න පුලුවන්. අෆොන්සු රජතුමා විසින් මූර්වරුන් පරදවා අල්ලා ගත්තු බලකොටු 7 එයින් නිරූපණය කෙරෙන බවයි කියවෙන්නේ.
පෘතුගාල රාජකීය ලාංඡනයත් ඉහළින් කුරුසය ඇති අතර මේ කුරුස ආකෘතිය Protuguese Cross Of Order of Christ නමින් හඳුන්වනවා. මේ ආකාරයෙන් රාජකීය ලාංඡනයට ඉහළින් දක්වා තිබීමෙන් දෙවියන් වහන්සේගේ සර්වබලධාරීත්වය නිරූපණය කෙරෙනවා.
පෘතුගීසින් පිහිටවූ ස්මාරකයේ සිතුවමක්
පෘතුගාල රාජකීය ලංඡනයට දකුණු පසින් පහළට වන්නට JSOI කියන අකුරු 4 දැකගන්න පුලුවන්. මේක 1501 වශයෙන් අදහසක් ඉදිරිපත් වුණත් මේ අකුරු 4 JSOI කියලා පිළිගන්න එක වඩාත් විශ්වාසනීයයි. මේ අකුරු 4 න් කියවෙන්නේ Jesus Salvator Orientalium Indiorum හෙවත් නැගෙනහිර ඉන්දියාවේ ගැලවුම්කරුවා ජේසුතුමා කියන අදහස.
පෘතුගාල රාජකීය ලාංඡනයට පහළින් තිබෙන එකට බැඳිලා තිබෙන G.G අකුරු දෙකෙන් මේ ලාංඡනය කොටන ලද නිර්මාණකරුවා වන ගොන්සාලෝ ගොන්සාල්වේස්ව දක්වනවා.
පෘතුගීසීන් විසින් අලුතෙන් ගවේෂණය කළාට පස්සේ ඒ ප්‍රදේශයේ පර්වතයක මේ ආකාරයෙන් සටහනක් තබන එක සිරිතක් විදිහට පැවතුණු බව පෙනෙනවා. ඒ සිරිතේ අවධි 3 ක් දැකගන්න පුලුවන්. ආරම්භයේදී ශක්තිමත් ලීයකින් කරපු කුරුසයක් තමන් අලුතෙන් ගවේෂණය කරපු ප්‍රදේශය ස්ථාපනය කරලා තියෙනවා.
අප්‍රිකාවේ කොංගෝ ගඟ අසළ යෙලාලා පර්වතයේ පිහිටි පෘතුගාල දේශ ගවේෂණ සටහන
දෙවෙනි අවස්ථාව විදිහට තමා අලුතෙන් ගවේෂණය කරපු ප්‍රදේශයේ ගල් පර්වතයක පෘතුගාල රාජකීය ලාංඡනය, කුරුසය, ගවේෂණය සිදු කළ කපිතාන්ගේ නම, ගවේෂණය කළ වර්ෂය සටහන් කරලා තියෙන්නේ.
පෘතුගාලයේ Fortaleza de Sagres ප්‍රදේශයේ තිබෙන දේශ ගවේෂණ කුළුණක්
අවසාන අවධිය තමා Padrao නමින් හැඳින්වෙන ගල්වලින් කරපු කුළුණක ඉහත විස්තර සටහන් කරන එක.
ලංකාවෙන් හමුවෙන පෘතුගීසි සටහන මේ අවධි තුනෙන් දෙවෙනි අවධියට අයත් වුණත් එහි ගවේෂණය කළ වර්ෂය සහ ගවේෂණය සිදුකළ කපිතාන්වරයාගේ නම සටහන් කර නොතිබීම ගැටලුවක්. සමහර විට මේ අවධිය ආරම්භ වුණු මුල් කාලයේදී එවැන්නක් නොතිබුණා හෝ එහෙමත් නැත්නම් ඒ විස්තර සටහන් කර තිබූ කොටස විනාශ වෙලා වෙන්නත් පුලුවන්.
පෘතුගාලයේ Guarda දිස්ත්‍රික්කයේ පිහිටි Good Castle හි කොටා ඇති පෘතුගීසි රාජකීය ලාංඡනය
ඉතින් බ්‍රිතාන්‍යයන් වේවා වෙනත් යුරෝපා ජාතියක් නිර්මාණය කළා වේවා මේ නිර්මාණය දැන්
ලංකාවේ ඉතිහාසයත් එක්ක බැඳුණු දේවල්. දෙයක්. කලින් සටහනෙන් කිව්ව විදිහට වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව කොළඹ ගෝර්ඩන් උද්‍යානයෙන් ඉවත් කරලා ජාතික කෞතුකාගාර භූමියේ තැන්පත් කළා වගේ මේ ස්මාරකයත් ගෝර්ඩන් උද්‍යානයෙන් ඉවත් කරලා කොළඹ වරාය ආසන්නයට ගෙනවිත් දමලා තියෙන්නේ.
ගෝර්ඩන් උද්‍යානයේ තිබූ වික්ටෝරියා ප්‍රතිමාව සහ පෘතුගීසි ස්මාරකය
විහාරමහාදේවි උද්‍යානයේ සහ වරාය අසළ දමා තිබූ අයුරු
http://www.thesundayleader.lk/archive/20060521/spotlight.htm
අපේ රජ දරුවන් නිර්මාණය කරපු දේවල්වලටත් කුඩම්මාගේ සැළකිලි අත්වෙන කාලෙක මේ නිර්මාණවලට වෙන දේවල් ගැන හිතන්න දේකුත් නැහැ වගේ
කතාව ලියන්න පාදක කරගත්තේ පෝල් ඊ. පීරිස්ගේ ලංකාව-පෘතුගීසී යුගය, ආර්.එල්. බ්‍රෝහියර්ගේ කොළොම්පුර පුරාවෘත්තය, එස්.පී. පෙරේරා පියතුමාගේ ලංකා ඉතිහාසය-පෘතුගීසි යුගය ග්රන්ථ සහ පහත දක්වලා තියෙන අන්තර්ජාල මූලාශ්‍ර
http://www.twcenter.net/forums/showthread.php?t=343094&page=2
http://archives.dailymirror.lk/2003/07/09/feat.html
http://www.thesundayleader.lk/archive/20060521/spotlight.htm
http://www.crazylanka.com/portuguese.htm
http://kermeey.blogspot.com/2006/02/colombo-fort.html
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com39tag:blogger.com,1999:blog-6409761432961726123.post-65421170261836755532012-12-29T07:45:00.000+05:302012-12-29T07:50:50.665+05:30වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව - Statue of Queen Victoria
වික්ටෝරියා මහා රාජිනිය
කොළඹ නගරයේ පිහිටලා තියෙන ලංකාවේ අවසන් රජතුමා සමඟ සම්බන්ධ වෙන අවසන් සිහිවටනය විදිහට නම් කරන්න පුලුවන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිරකර තැබූ සිර මැදිරිය ගැන කලින් සටහනෙන් අපි කතා කළා. අදත් e-අටුවාවේ බලාපොරොත්තුව කොළඹ නගරයේ තිබෙන තවත් ඓතිහාසික නිර්මාණයක් පිළිබඳව කතා කරන්න.
අද කතා කරන නිර්මාණය ගැන කතා කරන්න ප්‍රවේශයක් ගත්තොත් මහා බ්‍රිතාන්‍යය ඇතුළු එක්සත් රාජධානියේ මහා රාජිනිය වශයෙන් 1837 ඉදන් 1901 වෙනකම් රාජ්‍යය පාලනය කරපු වික්ටෝරියා මහා රාජිනිය බොහොම ප්‍රසිද්ධ චරිතයක්.
වසර 63 ක් තමන්ගේ පාලනය අරගෙන ගිය වික්ටෝරියා මහා රාජිනිය වැඩිම කාලයක් මහා බ්‍රිතාන්‍යය ඇතුළු එක්සත් රාජධානිය පාලනය කරපු පාලිකාව විදිහටත් ඒ වගේමයි ලෝක ඉතිහාසයේ වැඩිම කාලයක් රාජ්‍යයක් පාලනය කරපු පාලිකාව විදිහටත් වාර්තාවක් පිහිටවලා තිබෙනවා.
ඉතින් වික්ටෝරියා මහා රාජිනිය ගැන මේ විදිහට කරුණු කීපයක් කතා කළේ ඇය සම්බන්ධ වෙන ඓතිහාසික නිර්මාණයක් ලංකාවේ පිහිටලා තිබෙන නිසා. ඒ ඇයගේ දියමන්ති ජුබිලිය සිහිපත් කරමින් නිර්මාණය කෙරුණු ඇගේ ප්‍රතිමාව.
ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් වෙස්මිනිස්ටර් ඇබේහි පැවැත්වුණු දේව මෙහෙය
වික්ටෝරියා මහා රාජිනිය තමන්ගේ පාලන කාලය අවුරුදු 50 ක් පසු කිරීමත් එක්ක ස්වර්ණ ජයන්තිය පවත්වන්න නියම කරනවා 1887 ජූනි 20 වෙනිදා. ඒ සැමරුමත් එක්ක මහා බ්‍රිතාන්‍යයේ ලොකු උත්සවයක් පවත්වනවා වගේම ඊට සමගාමී මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතවලත් විවිධාකාර සැමරුම් උත්සව පවත්වනවා.
ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන්
ඒ වෙද්දී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වුණු ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් කොළඹ රැජිණ මන්දිරය [ආණ්ඩුකාර නිල නිවස] ආසන්නයේ අක්කර 4 භූමි භාගයක් තමන්ගේ පුද්ගලික මුදලින් මිළට අරගෙන විවිධාකාරයේ අලංකාර ගස් රැසක්ම මේ උද්‍යානයේ රෝපණය කරලා අලංකාර උද්‍යානයක් බවට පත් කරනවා. මේ උද්‍යානය "ගෝර්ඩන් උද්‍යානය" වශයෙන් හැඳින්වෙනවා.
ගෝර්ඩන් උද්‍යානය - දකුණු පස කෙළවරේ ඇත්තේ වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවයි
1897 ජූනි 20 වෙනිදා තමන්ගේ පාලන කාලය අවුරුදු 60 ක් වීමත් එක්ක දියමන්ති ජුබිලිය පවත්වන්න වික්ටෝරියා මහා රාජිනිය තීරණය කරනවා. ඒ යටතේත් කලින් ස්වර්ණ ජයන්තියේදී සිදුවුණා වගේම මහා බ්‍රිතාන්‍යයේ වගේම යටත් විජිතවලත් උත්සව ගණනාවක් පැවැත්වෙනවා.
දියමන්ති ජුබිලි සැමරුම් උළෙල
ඒ හා සමගාමීව නිර්මාණය කෙරුණු වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවක් 1902 අවුරුද්දේදී එවකට ලංකාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් ජෝශප් වෙස්ට් රිජ්වේගේ මූලිකත්වයෙන් ලංකාවට ගෙන එනවා. ඒ ප්‍රතිමාව ස්ථාපනය කරන්නේ වික්ටෝරියා මහා රාජිනියගේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් නිර්මාණය කෙරුණු ගෝර්ඩන් උද්‍යානයේ. 1902 ජූනි 25 වෙනිදා මේ ප්‍රතිමාව නිරාවරණය කෙරෙනවා.
1980 දක්වාම මහජනතාවට විවෘත පොදු උද්‍යානයක් විදිහට ගෝර්ඩන් උද්‍යානය පැවතුණත් 1980 පස්සේ ඒක ජනාධිපති මන්දිරයේ කොටසක් බවට පත් කිරීමත් එක්ක උද්‍යානයට ඇතුල්වීම සීමාසහිත වෙනවා.
ගෝර්ඩන් උද්‍යානයේ ස්ථාපනය කරලා තිබුණු වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව 2006 වර්ෂයේදී එතැනින් ඉවත් කරලා ජාතික කෞතුකාගාර භූමියේ ස්ථාපනය කෙරෙනවා. වර්තමානයේ ජාතික කෞතුකාරයට ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා දකුණු පසට වන්නට තිබෙන ආපනශාලාව ආදිය පසු කරලා ජාතික කෞතුකාගාරයේ පිටුපසට වෙන්න තිබෙන අනෙක් ප්‍රවේශය ආසන්නයට ගියාම ඒ ප්‍රතිමාව ස්ථාපනය කරලා තිබෙනවා දැකගන්න පුලුවන්.
ප්‍රතිමාව ස්ථාපනය කරලා තිබෙන්නේ සෘජුකෝණාස්රාකාර පීඨිකාවක් මත. පීඨිකාව ඉදිරිපස මුහුණතේ ඉහළින්ම බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ සංකේතය වෙන ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න කැටයම් කර තිබෙනවා.
ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න
ඊට පහළින් V R I කියන ඉංග්‍රීසි අකුරු තුන දැකගන්න පුලුවන්. ඒ අකුරු තුනෙන් අර්ථවත් කෙරෙන්නේ ලතින් බසින් "Victoria Regina et Imperatrix" වාක්‍යය. එහි අර්ථය තමා වික්ටෝරියා, මහා රාජිනිය සහ අධිරාජිනිය කියන එක.
ඊට පහළින් Diamond Jubilee Memorial එනම් දියමන්ති ජුබිලි ස්මාරකය යන්න සටහන් කරලා තිබෙනවා.
වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව ගැන කතා කළොත් අසුන් ගෙන සිටින ඉරියව්වෙන් තමා ප්‍රතිමාව නිර්මාණය කරලා තිබෙන්නේ. අසුන පොළොවට සවිවන ස්ථානයේ මල් ලියකම් ඇති අතර අසුනේ ඉහළ කොටසේ සත්ව රූ දෙකක්ද ඒවා මැදි කොටගෙන ඉහළට විහිදුණු ත්‍රිකෝණාකාර මුදුනක් තිබෙනවා.
ඒ මුදුනේ බ්‍රිතාන්‍ය කිරුළ නිර්මාණය කර තිබෙනවා. ත්‍රිකෝණාකාර මුදුන දෙපසට වන්නට ඇති සත්ව රූප දෙක වෙන්නේ බ්‍රිතාන්‍ය රාජකීය ලාංඡනයේ දැක්වෙන කිරුළු පළන් සිංහයා සහ කඟවේනායි.
මේ අසුනේ පිටුපස පැත්තට වන්නට වික්ටෝරියා මහා රාජිනිය භාවිතා කළ රාජකීය ලාංඡනය දැකගන්න පුලුවන්. එහි ඉහළින්ම විහිදෙන පටියක Hon Y Soit Qui Mal Y Pense යන වැකිය දක්වා තිබෙනවා. නපුරු දෑ සිතන්නා පිළිබඳ ලැජ්ජා විය යුතුයි වගේ අර්ථයක් තමා ඒකෙන් කියවෙන්නේ.
ඊට පහළින් තිබෙන පලිහ කොටස් 4 කට බෙදලා විවිධාකාර රූ සටහන් දක්වා තිබෙනවා. එහි ඉහළ වම් පස සහ පහළ දකුණු පස තේජස් ලීලාවෙන් සිටින සිංහයන් තිදෙනාගෙන් එංගලන්ත රාජ්‍යයත් ඉහළ දකුණු පස කොටුකර තිබෙන නොදැමුණු ලීලාවෙන් ඉන්න සිංහයාගෙන් ස්කොට්ලන්ත රාජ්‍යයත් පහළ වම් පස තිබෙන හාප් සංගීත භාණ්ඩයෙන් අයර්ලන්ත රාජ්‍යයත් නිරූපණය කෙරෙනවා.
මේ පලිහට පහළින් ඉහළින් තිබුණු ආකාරයටම විහිදෙන පටියක Dieu et Mon Droit යන වැකිය දැක්වෙනවා. දෙවියන් වහන්සේ සහ මගේ අයිතීන් වගේ අර්ථයක් තමා ඒකෙන් කියවෙන්නේ.
මෙහි වම් පසින් ඇත්තේ වික්ටෝරියා මහා රාජිනිය පැළඳි Imperial State ඔටුන්නයි.
එහි කොටස් හා මැණික් භාවිතා කර 1937 ඔටුනු පළන් ජෝර්ජ් රජතුමා නව Imperial State ඔටුන්න නිර්මාණය කරවූ අතර අද දක්වා බ්‍රිතාන්‍ය රජුන් පළඳින්නේ එම ඔටුන්නයි.
Imperial State ඔටුන්න පළඳාගෙන ශරීරයම වැහෙන්න ගවුමකුත් හිසේ සිට පහළටම තියෙන වේල් එකකිනුත් වික්ටෝරියා මහා රාජිනිය සැරසී ඉන්නවා. ඇගේ මුහුණේ තිබෙන තේජස්බව මනාව කැපී පෙනෙන්න ප්‍රතිමාව නිර්මාණය කරලා තිබෙනවා.
Sceptre with the Cross
ඇගේ දකුණු අතේ Sceptre with the Cross [කුරුසය සහිත රාජ සෙංකෝලය]/ St. Edward's Sceptre [ශාන්ත එඩ්වඩ්ගේ රාජ සෙංකෝලය]/ Sovereign's Sceptre [මහා රාජිණියගේ රාජ සෙංකෝලය] කියන නම්වලින් හඳුන්වන රාජ සෙංකෝලය දැකගන්න පුලුවන්.මහා බ්‍රිතාන්‍යයේ රජුන් හෝ රාජිණියන් අභිෂේක කරන අවස්ථාවේදී ඔවුන් දකුණු අතේ තබාගන්නේ මේ රාජ සෙංකෝලය තමා.
Sceptre with the Cross හි ඉහළ කොටස
මේ සෙංකෝලයේ ඉහළින්ම කුරුසයකුත් ඊට පහළින් ලෝකයේ දෙවෙනියට විශාලම දියමන්තිය වුණු කුලිනන් දියමන්තියත් දැකගන්න පුලුවන්. සම්පූර්ණයෙන්ම රනින් නිම කරපු මේ යෂ්ටියේ විවිධාකරයේ වටිනා මුතු මැණික් අල්ලා තිබෙනවා.
මේ රාජ සෙංකෝලයෙන් නිරූපණය කෙරෙන්නේ ක්‍රිස්තියානි ධර්මය යටතේ මහා රාජිනියට තමන්ගේ රාජධානියේ ඇතුළේ තිබෙන ලෞකික බලය.
Sovereign's Orb
වික්ටෝරියා මහා රාජිනියගේ වම් අතේ තිබෙන්නේ Sovereign's Orb [මහා රාජිනියගේ ගෝලය] නමින් හඳුන්වන ගෝලාකාර නිර්මාණයත් සම්පූර්ණයෙන්ම රනින් නිම කරලා වටිනා කියන මුතු මැණික් අල්ලලා තිබෙන්නේ. එහි ඉහළ කොටසේ කුරුසය දැකගන්න පුලුවන්. මහා බ්‍රිතාන්‍යයේ රජුන් හෝ රාජිනියන් අභිෂේක කරන අවස්ථාවේදී ඔවුන් වම් අතේ තබාගන්නේ මේ ගෝලය තමා.
මේ ගෝලයෙන් නිරූපණය කරන්නේ ලෝකය පුරා විහිදී පවතින ජේසු ස්වාමිදරුවාණන්ගේ ආදිපත්‍යය වගේම ක්‍රිස්තියානි දහමේ ආරක්ෂකයා විදිහට මහා රාජිනියගේ භූමිකාව වගේම එංගලන්ත සභාවේ උත්තරීතර නායකයා විදිහට මහා රාජිනියට තිබෙන බලය.
ඉන්දියාවේ කල්කටා නුවර පිහිටි වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව
ලංකාවේ පිහිටි වික්ටෝරියා මහා රාජිනියගේ  ප්‍රතිමාවට සමාන ප්‍රතිමා වගේම විවිධාකාර ඉරියව්වලින් යුක්ත වෙන වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමා රැසක් මහා බ්‍රිතාන්‍යයේ වගේම බ්‍රිතාන්‍ය යටත් විජිත වශයෙන් පැවති රාජ්‍යවලත් දැකගන්න පුලුවන්. ඉන් එකක් විදිහට අපේ අසල්වැසියා වෙන ඉන්දියාවේ කල්කටා නුවට වික්ටෝරියා මහා රාජිනිය වෙනුවෙන් නිර්මාණය කරල තියෙන ගොඩනැගිල්ල ඉදිරිපිට තිබෙන ප්‍රතිමාව දක්වන්න පුලුවන්.
කළුතර පුස්තකාලය අසළ පිහිටි V ජෝර්ජ් රජුගේ ප්‍රතිමාව
මේ ප්‍රතිමාව ගැන මේ තරම් කරුණු හොයන්න මම පෙළඹුනේ මුහුණුපොතේ තිබෙන කළුතර රිච්මන්ඩ් කාසල්හි පිටුවේ තිබුණු කළුතර මහජන පුස්තකාලය ගාව ස්ථාපනය කරලා තිබුණු V ජෝර්ජ් රජතුමාගේ පිළිරුව සහිත ඡායාරූපය දැකලා.
පඩිකාර මුහන්දිරම් ආතර් සිල්වා විජේසිංහ සිරිවර්ධන
රිච්මන්ඩ් කාසල් ඉදි කරපු පඩිකාර මුහන්දිරම් ආතර් සිල්වා විජේසිංහ සිරිවර්ධන විසින් තමා 1916 ජූලි 22 තමා තමන්ගේ පුද්ගලික මුදලෙන් මේ ප්‍රතිමාව නිර්මාණය කරවලා විවෘත කරලා තියෙන්නේ.
ඒ ප්‍රතිමාව සිව් කොණේ සිංහ රූප 4 ක් තිබෙන පීඨිකාවක් මත තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. V ජෝර්ජ් රජතුමා Imperial State ඔටුන්න පැළඳ රාජකීය ලෝගුවත් ඇතුව දකුණු අතේ රාජකීය සෙංකෝලයත් වම් අතේ කුරුසය සහිත ගෝලයත් තබාගෙන හිටගෙන ඉන්න ආකාරය තමා ප්‍රතිමාවෙන් නිරූපණය කරන්නේ.
මේ ප්‍රතිමාව තවමත් තිබෙනවාද කියලා මම කරපු සොයා බැලීමකදී දැනගන්න ලැබුණේ ටික කාලයකට කලින් මේ ප්‍රතිමාව මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කළුතර මහජන පුස්තකාලය ගාවින් ඉවත් කරලා මහා බ්‍රිතාන්‍යයට විකුණුවා කියන එක. ඒ විකිණීමෙන් ලබා ගත්තු මුදලෙන් බොහොම සුළු මුදලක් තමා කළුතර මහජන පුස්තකාලයට ලබාදීලා තියෙන්නේ.
V ජෝර්ජ් රජතුමාගේ ප්‍රතිමාව මහා බ්‍රිතාන්‍යයට විකුණපු නිසා මම විශ්වාස කරන විදිහට දැනට ලංකාවේ තිබෙන බ්‍රිතාන්‍ය පාලකයෙක්ගේ එකම ප්‍රතිමාව වෙන්නේ වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව විතරයි.
බ්‍රිතාන්‍යයන් වේවා වෙනත් යුරෝපා ජාතියක් නිර්මාණය කළා වේවා දැන් ඒවා ලංකාවේ ඉතිහාසයත් එක්ක බැඳුණු දේවල්. ඉතින් ඒවා මේ ආකාරයෙන් රටින් බැහැර කරන එක හරි විනාශ කරන එක නම් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒත් අපේ සිංහල රජ දරුවන්ගේ නිර්මාණත් විනාශ කරන කාලෙක යුරෝපීයන් සම්බන්ධ නිර්මාණවලට වෙන දේවල් ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ.
පෘතුගීසීන් තම පැමිණීම සටහන් කළ පර්වත කැබැල්ල
ඊළඟ දවසේ e-අටුවාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවට පෘතුගීසීන්ගේ පැමිණීම සිහිපත් කරන්න ඔවුන් ගල් කුට්ටියක කරපු නිර්මාණය ගැන. ඒ ගැන තවමත් තොරතුරු සොයමින් ඉන්නේ. කරුණු සොයාගත් සැණින් සටහන ලියන්න බලාපොරොත්තු වෙනවා.
වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව සම්බන්ධ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න
විශේෂ ස්තුතිය : කළුතර මහජන පුස්තකාලය අසළ තිබුණු V ජෝර්ජ් රජතුමාගේ ප්‍රතිමාව ගැන තොරතුරු සොයන්න උදව් කරපු සරසවි මිතුරිය තිළිණි චාමිකා සිල්වාටත්, ඇයගේ තාත්තාටත්, ජාතික කෞතුකාගාර භූමියේ තිබෙන වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවේ ඡායාරූප ගත්තු ඉසුරු නානායක්කාර මිතුරාටත්
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com37tag:blogger.com,1999:blog-6409761432961726123.post-69693392709165009622012-11-05T18:15:00.000+05:302012-11-05T18:15:44.039+05:30ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිර කුටිය - King Sri Wickrama Rajasingha's Cell
ඕලන්ද යුගයේ කොළඹ සිතියම් කළ අයුරු
කොළඹ නගරය කියපුවාම අපේ සිහියට එන්නේ අහස උසට තියෙන ගොඩනැගිලි වගේම කාර්යබහුලකමින් ඉහ වහ ගිය නගරයක් කියන එක. ඒත් මේ විශාල වාණිජ නගරය ඇතුළේ ඓතිහාසික අතින් වැදගත් වෙන ස්මාරක කීපයක්ම පිහිටලා තියෙන වග දන්නේ බොහෝම අතළොස්සයි. සමහර විට ඒ ගැන දැනුවත් කිරීමක් මහජනතාව අතරට ගෙනිහින් නැති නිසා මේ තත්වය ඇතිවෙලා තියෙනවා වෙන්නත් පුලුවන්. කොහොම නමුත් කොළඹ නගරයේ පිහිටලා තිබෙන ඓතිහාසික අතින් වැදගත් වෙන ස්ථානයක් පිළිබඳව e-අටුවාව හරහා කියන්නයි මේ සූදානම.
පොඩි මූලාරම්භයක් ගත්තොත් බොහෝ කාලයක ඉදන් කොළඹ නගරයක වාණිජ වශයෙන් වැදගත්කමක් තිබෙන නගරයක් බවට පත්වෙලා තිබුණා. රජ කාලේ ඉදන් ඒ තත්වය පැවතුණත් රජ කාලයට අයිති වෙන ඓතිහාසික ස්මාරක නම් මම දැනුවත්ව කොළඹ නගරයේ දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒත් කොළඹ මූලික කරගෙන ලංකාවේ ආදිපත්‍යය ව්‍යාප්ත කරපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන යුරෝපීයන් විසින් ඉදි කරපු වගේම ඔවුන් එක්ක සම්බන්ධ වෙන ඓතිහාසික ස්මාරක කීපයක්ම කොළඹ නගරයේදී දැකගන්න පුලුවන්.
මේ අතරින් ලංකාවේ රජ පරපුරත් එක්ක සම්බන්ධ වෙන ඉංග්‍රීසීන්ගේ කාලයට අයිති වෙන නිර්මාණයක් පිළිබඳව තමා අද කතා කරන්නේ. ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව සිරගත කරලා තිබුණු සිරකුටිය පිළිබඳව.
කලු පැහැ ඊතලයෙන් දක්වා ඇත්තේ සිර මැදිරිය පිහිටි ස්ථානයයි
මේ සිරකුටිය පිහිටලා තිබෙන ස්ථානයට එන ආකාරය කිව්වොත් කොළඹ දුම්රිය ස්ථානයේ ඉදන් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පිහිටලා තිබෙන ලංකා බැංකු මාවතේ එද්දී පාරේ දකුණු පසින් අපිට හමුවෙනවා තවත් පැරණි නිර්මාණයක්. ඒ තමා ඕලන්ද රෝහල. අද වෙනකොට මේ ගොඩනැගිල්ල වෙළෙඳ සංකීර්ණයක් බවට පත් කරලා තිබෙන්නේ.
ඕලන්ද රෝහල
ඒකත් පහු කරලා ඉදිරියට එද්දී පාරේ දකුණු පස තියෙනවා සෙලින්කෝ ගොඩනැගිල්ල. ඒකේ රථගාලේ තමා මේ සිර මැදිරිය පිහිටවලා තියෙන්නේ.
සිරමැදිරිය ගැන හැඳින්වීමකට කලින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන වගේම ඔහු සිරභාරයට පත්වුණු හැටි ගැනත් සුළුවෙන් කතා කරන්න ඕනේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
එවකට උඩරට රාජධානියේ රජතුමා වුණු රාජාධි රාජසිංහගේ ප්‍රධාන අදිකාරම්වරයා වුණු පිළිමතලව්වේගේ කුමන්ත්‍රණයක් නිසා රජුගේ ඇවෑමෙන් අවුරුදු 18 ක් වුණු කන්නසාමි 1798 දී ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් සිංහාසනයට පත් වෙනවා.
වසර 17 ක් පමණ කාලයක් පාලනය ගෙනියපු ශ්‍රී වික්‍රම රාජසිංහගේ කෲරත්වය නිසා වගේම රදළයන්ගේ පාවාදීම් වගේම කරුණු ගණනාවක් උඩ දෙවෙනි වරට උඩරට රාජධානිය අත්පත් කරගන්න ඉංග්‍රීසීන් විසින් දියත් කරපු ආක්‍රමණය සාර්ථක වෙනවා.
ඒ අනුව 1815 පෙබරවාරි මාසය ආරම්භ වෙද්දී ඉංග්‍රීසීන් ලේ වැගිරීමකින් තොරවම සෙංකඩගල ආසන්නයට පැමිණිලා හිටිය නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ තමන්ගේ බිසෝවරු වගේම හිතවත්ම සේවකයන් පිරිසක් එක්ක පෙබරවාරි 11 නගරය අත් හැරලා පලා යනවා. ඒ ආරංචිය ලැබීමත් එක්ක ඉංග්‍රීසීන් තමන්ගේ කටයුතු ඉක්මන් කරනවා. අන්තිමට පෙබරවාරි 14 මේජර් මොෆට්ගේ නායකත්වයෙන් යුතු ඉංග්‍රීසීන්ගේ දෙවෙනි හමුදා බල ඇණිය පාළුවට ගිහින් තිබුණු සෙංකඩගල නගරය අල්ලා ගන්නවා.
ඒත් චෙස් ක්‍රීඩාවේ වගේ රජු අල්ලා ගන්නකම් ආක්‍රමණය සාර්ථක නොවෙන නිසා රජතුමා ඌවට පලා යන එක වළක්වන්න හමුදා සෙබළු පිටත් කරනවා වගේම රජතුමා සැඟවිලා ඉන්නවාය කියන දුම්බර ප්‍රදේශයටත් ජෝන් ඩොයිලි හා ඇහැලේපොළ මහ නිළමේගේ මූලිකත්වයෙන් පෙබරවාරි 16 වෙනිදා භට කණ්ඩායම් පිටත් කරනවා.
රජු අත් අඩංගුවට ගත් බෝමුරේ පිහිටුවා ඇති ස්මාරකය
මේ අතරේ රජතුමා උඩු දුම්බර ප්‍රදේශයේ තියෙන ගල් ලෙනක සැඟවෙන්න කරපු උත්සහය අසාර්ථක වුණු නිසා මහවැලි ගඟෙන් එගොඩ දියතලා කඳු පංතියේ තිබුණු ගල උඩ බලකොටුවට යන්න පිටත් වෙනවා. ඒත් රෑ බෝවීම වගේම ලොකු වැස්සකුත් පටන් ගත්තු නිසා බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටියේ ආරච්චිලගේ නිවෙසට රජතුමා පැමිණෙනවා. එහි රැඳී සිටිය රජතුමාව එක්නැලිගොඩ නිළමේ ප්‍රධාන හමුදා කණ්ඩායමකින් පෙබරවාරි 18 වෙනිදා අත් අඩංගුවට ගන්නවා
එහෙම අත් අඩංගුවට ගත්තු රජතුමා වගේම බිසෝවරු ඇතුළු රජතුමා ඥාති පිරිස ජෝන් ඩොයිලිගේ උපදෙස් මත ප්‍රධාන හමුදා නිලධාරීන් දෙදෙනෙක් සහිත පාබල හමුදා භට කණ්ඩායමක ආරක්ෂාව යටතේ රජතුමා ඇතුළු ඥාතීන්ව කොළඹට පිටත් කෙරෙනවා. මාර්තු 6 වෙනිදා කොළඹට පැමිණෙන රජතුමාව කොළඹ නගරාරක්ෂක බල ඇණියේ ප්‍රධානියා වුණු ජෙනරාල් කර් විසින් රජතුමාව පිළි අරගෙන රජතුමාට රැඳී සිටින්න සකස් කරලා තිබුණු ගාලු මුවදොර ආසන්නයේ නිවෙසට රැගෙන යනවා.
මේ කතාව සවිස්තරාත්මකව ආගිය කතා බ්ලොග් අඩවියේ "ලංකාවේ අන්තිම රජතුමාට අන්තිමට මොකද වුණේ" කියන සටහනේ තිබෙනවා. වැඩි විස්තර දැන ගන්න කැමති නම් ඒක කියවා බලන්න.
නැවතත් ප්‍රධාන කතාවට ආවොත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රඳවා තැබුණු මේ සිර මැදිරිය අර්ධ කවාකාර හැඩයේ ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ලේ මුදුන ගෝලාකාර සකස් කරලා එහි මුදුනේ වා කවුළුවක් දමා තිබෙනවා. මේ ගෝලාකාර කොටසේ මාළුවන්ගේ පිටේ තිබෙන කොරළ ආකාරයේ මෝස්තරයක් දැක ගන්න පුලුවන්.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ උඩුකය ප්‍රතිමාව
ගොඩනැගිල්ලේ අර්ධ කවයේ සරල රේඛීය කොටසේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ උඩුකය ප්‍රතිමාවක් ස්ථාපනය කරලා තිබෙනවා වගේම සමරු ඵලකයකුත් පිහිටවා තිබෙනවා.
එහි දැක්වෙන්නේ ලංකාවේ අවසන් රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගෙන මේ බිමේ තිබෙන සිර මැදිරියේ සිර කරලා තැබුවා කියලා සිහිවෙන්න සමරු ඵලකය පිහිටෙව්වා කියලා. ඒක සිංහල වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දක්වලා තියෙනවා.
සිර මැදිරියේ දොරටුව තියෙන්නේ පිහිටා තිබෙන අර්ධ කවාකාර කොටසට ගියාම සිර මැදිරියේ දොරටුවට වම් පසිනුත් තවත් සමරු ඵලකයක් දැකගන්න පුලුවන්. එහි දක්වන්නේත් රජතුමා අත් අඩංගුවට ගත් පුවත වගේම මේ සිර කුටියේ රඳවා තිබුණු බවත් අවසානයේදී ඉන්දියාවට පිටුවහල් කරපු රජතුමා එහිදී මරණයට පත්වුණු ආකාරයත් කියවෙන කතා පුවත. ඒක සිංහල වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දක්වලා තියෙනවා.
සිරමැදිරියේ දොරටුව අඩි 5 ක් පමණ වෙනවා. අභ්‍යන්තර කුටියේ උස අඩි 12 ක පමණ වෙනවා. කුටියේ දිග පළල අඩි 8 ක් සහ අඩි 5 ක් පමණ වෙනවා. සුවිශේෂී ලක්ෂණයක් තමා මේ මැදිරියේ බිත්තියක ඝණකම අඩි 2 ක් පමණ වෙන එක. මැදිරියේ දොරටුව දෙපසිනුත් වා කවුළු දෙකක් දමා තිබෙනවා.
මැදිරියේ දොර දෙපස ඇති එක් වා කවුළුවක්
මැදිරියේ ඉහළින් ඇති වා කවුළුව
වර්තමානයේදී මේ මැදිරියේ බිත්තිවල සිතුවම් කීපයක් දැකගන්න පුලුවන් ඒ අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සහ අග බිසව වුණු වෙන්කත රංගම්මාල් බිසවගේ සිතුවම් දෙකත් ඊට ඉහළින් මහනුවර දළදා මාලිගාව සහ නුවර වැවේ සිතුවම් දෙකත් දැකගන්න පුලුවන්.
මැදිරියේ වම් පස බිත්තියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව සිහසුනට පත් කරපු පිළිමතලව්වේ මහාදිකාරම්ගේ සිතුවමකුත් ඊට වම් පසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1832 ජනවාරි 30 වෙනිදා මිය ගියාට පස්සේ දේහය ආදාහනය කරලා භෂ්මාවශේෂ තැන්පත් කරපු මුතු මණ්ඩපම් කියන ස්මාරකයේ සිතුවම දැකගන්න පුලුවන්.
වම් පස බිත්තියේ ඇති සිතුවම
මැදිරියේ දකුණු පස බිත්තියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගන්න කටයුතු කරපු එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්ගේ සිතුවමත් ඊට දකුණු පසින් රජතුමා ඇතුළු පිරිස ඉන්දියාවට පිටුවහල් කළ පසු රැගෙන ගිය H.M.S Cornwallis නෞකාවේ සිතුවමත් දැකගන්න පුලුවන්.
දකුණු පස බිත්තියේ ඇති සිතුවම
මේ සිර මැදිරිය සම්බන්ධ තිබෙන විවිධ මත පිළිබඳව කතා කළොත් සැබවින්ම මේ කුටිය රජතුමාව සිර කරලා තබන්න භාවිතා කළාද කියන ගැටලුව මතු වෙලා තිබෙනවා.
කොළඹට රැගෙන ආ රජතුමා ඇතුළු පිරිස ගාලු මුවදොර ආසන්නයේ තිබුණු විශාල නිවසක රැදෙව්වා කියන පුවතත් එක්ක තමා මේ ගැටලුව පැන නගින්නේ. තමන් දැන් රජෙක් නොවුණත් තමන්ට ඉංග්‍රීසීන් දක්වපු කාරුණික බව ගැන රජතුමා ස්තුති කරලත් තිබෙනවා.
ඒ වගේමයි මේ ලන්දේසි සමයේ ඉදි කෙරුණු මුර කුටියක් බවත් පසුව ඉංග්‍රීසි සමයේදීත් මෙය මුර කුටියක් වශයෙන් භාවිතා වුණා කියන අදහසත් ඉදිරිපත් වෙලා තියෙනවා.
කෙසේ වෙතත් සියලු අදහස් එක්ක පිළිගත හැකි අදහසක් වන්නේ මේ අදහස. ඒ තමා රජතුමා ඇතුළු පිරිස ගාලු මුවදොර ආසන්නයේ තිබුණු විශාල නිවසක රඳවා තිබුණා. රජතුමා බොහෝ අවස්ථාවල බීමතින් කලහකාරී විදිහට හැසිරෙද්දී ඔහුව මේ මැදිරියට දමා තිබුණා කියන එක. රජතුමා සුරා ලෝලියෙක් වෙලා හිටිය බව 1815 ඉංග්‍රීසීන් සෙංකඩගල අල්ලා ගත්තු වෙලාවේ රජ මාළිගාවේ තිබුණු හොෆ්මන් චෙරි බ්‍රැන්ඩි බෝතල් විශාල සංඛ්‍යාවෙන් පැහැදිලියි.
1815 මාර්තු 6 වෙනිදා ඉදන් 1816 ජනවාරි 24 වෙනිදා ඉන්දියාවට පිටුවහල් කිරීම සිදුවුණු දවස දක්වා රජතුමා මේ මැදිරියේත් ඒ අසළ තිබුණු විශාල මන්දිරයේත් වාසය කරපු බව පැහැදිලියි.
ලාංකීය රජතුමෙක් පිළිබඳව ලංකාවේ තිබෙන අන්තිම මතක සටහන විදිහට මේ ස්මාරකය හැඳින්වුවාට වරදක් නැහැ. මේ මැදිරිය මුලින්ම වර්තමාන ශ්‍රී ලංකා මහ බැංකුව ඉදි කළ ස්ථානයේ තිබූ බවත් පසුව මේ ස්ථානයට ගෙනවිත් ඇති බව කියවුණත් ඒ බව සනාථ කරන්න පුලුවන් සාධකයක් නම් හමුවුණේ නැහැ. කෙසේ නමුත් මැදිරිය අභ්‍යන්තරයේ සිතුවම් ඇඳීම, සමරු ඵලක දෙක සවි කිරීම සහ රජතුමාගේ උඩුකය පිළිරුව තැනීම බොහෝම පසු කාලයක සිදුවුණු ඒවා හැටියටයි පෙනෙන්නේ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ස්මාරකය කුමක්ද මෙහි තියෙන වැදගත්කම මොකක්ද කියන එක බොහෝ දෙනා දන්නේ නැහැ. විශේෂයෙන්ම මේ මැදිරිය රථගාලක පිහිටලා තිබෙන නිසා ඒ අසළින් හුඟක් අය තමන්ගේ වාහනය නවතා යනවා හැරෙන්න මේ මොකක්ද කියලා සොයනවද කියන එක සැක සහිතයි.
අනෙක් අතට මේ සම්බන්ධව වග කිව යුතු බලධාරීන් එතැනට යන එන අයට මේ ගැන තොරතුරු ඉදි සඳහන් කරලා නාම පුවරුවක්වත් සකසා නොතිබීම විශාල අඩුවක්. ඉතින් ඔබටත් විවේකයක් තියෙන වෙලාවක ගාලු මුවදොර පිටියේ ඇවිදින්න එහෙම ගියොත් මේ ස්මාරකය බලන්නත් අමතක කරන්න එපා.
මේ සිරමැදිරියේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න
ප.ලි.: මේ සිර මැදිරිය අධි ආරක්ෂිත කලාපයක් පිහිටලා තිබෙන නිසා එතැනට යන්න කලින් කෝකටත් ඒ හරියේ ඉන්න පොලිස් නිලධාරියෙක්ව දැනුවත් කරලා යන්න. ඒ වගේමයි ඡායාරූප එහෙම ගන්නවා නම් ඒ ගැනත් දැනුවත් කරන්න.
විශේෂ ස්තුතිය මේ චාරිකාවට මාත් එක්ක එකතු වුණු කළණ මිතුරු ගිහාන් චාමරට
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com40tag:blogger.com,1999:blog-6409761432961726123.post-37397424583064474812012-05-16T07:00:00.000+05:302012-05-16T07:00:01.303+05:30කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව - Avalokitheshvara Bodhisattva Statue of Kushtarajagala
අනුරාධපුර යුගයේ සිටම ථේරවාදී බුදු සමය ලක්දිව පිළිගත් දහම බවට පත්වෙලා තිබුණත් වරින් වර මහායාන බුදු සමය ලක්දිව පැන නැඟුණු බවත් ඒ ඒ කාලවල සිටි රජ දරුවන් විසින් ඒ මත යටපත් කළ බවත් වංස කතාවල සඳහන් වෙනවා. ඒ කෙසේ නමුත් ඒවා සම්පූර්ණයෙන්ම යටපත් කරන්න පුලුවන් වුණාද කියන එක ගැටළුවක්. විශේෂයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මහායන බුදු සමයේ ප්‍රධාන අංගයක් වෙන බෝධිසත්ව වන්දනාව කළ බවට සාධක තවමත් ඉතුරුව පැවතීමම එයට උදාහරණයක් විදිහට ගන්න පුලුවන්
බුදුරුවගල අවලෝකිතේශ්වර ප්‍රතිමාව
මේ විදිහට බෝධිසත්ව ප්‍රතිමා හමුවීමේදී කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා ප්‍රතිමා හමුවෙලා තිබෙනවා. මේවායිනුත් විශාල ප්‍රමාණයේ බෝධිසත්ව ප්‍රතිමා ලෙසට ප්රකටව පවතින්නේ බුදුරුවගල පිහිටි බෝධිසත්ව ප්‍රතිමා, දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව සහ වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර ප්‍රතිමාවයි.
මෑතකදී මම බලන්න ගිය වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව ගැනයි ටික කාලයකට පසුව අද ලියවෙන e - අටුවා සටහනෙන් කතා කෙරෙන්නේ
කොළඹ සිට මාතර දෙසට යන විට වැලිගම නගරය පසුකර කිලෝ මීටර් 5 ක් පමණ ඉදිරියට යන විට ප්‍රධාන මාර්ගයෙන් වම් පසට ඇති මාර්ගයකින් ටික දුරක් ගමන් කිරීමෙන් පසුව පාරේ දකුණු පස පිහිටි කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව අසළට ලඟා වෙන්න පුලුවන්
කුෂ්ටරාජගල අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව පිළිබඳව කතා කරන්න කලින් කවුද මේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් කියන්නේ වගේම මහායානික බෝධිසත්ව සංකල්පය ගැන සුළුවෙන් විස්තරයක් කරන්නම්
ථේරවාදී බුදු සමය තුළ දක්වන විදිහට ලොවුතුරා බුද්ධත්වය සඳහා පාරමිතා ධර්ම සම්පූර්ණ කරන පුද්ගලයින් බෝධිසත්වයන් ලෙස හඳුන්වනු ලබනවා. මහායාන බුදු සමය තුළ පිළිගැනෙන්නේ අපි සියලු දෙනාම බෝධිසත්වයන් වන බවත් ලොවුතුරා බුද්ධත්වයෙන් සසර ගමන නිමා කරන බවත්. ථේරවාදීන් දක්වන රහත් බෝධියෙන් හෝ පසේ බෝධියෙන් සසර ගමන නිමා කිරීම මහායානිකයන් ප්‍රතික්ෂේප කරනවා.
ඒ විදිහට මහායාන සංකල්පය අනුව බෝධිසත්වයින් සංඛ්‍යාව අසීමිත වුණත් ප්‍රධානම බෝධිසත්වයන් කීප දෙනෙක් ඔවුන් දක්වනවා. ඒ බෝධිසත්වයින් ධ්‍යානි බෝධිසත්ව, මහාස්ථාම ප්‍රාප්ත, ත්‍රෛලෝක්‍යවිජයී වැනි නම්වලින් හඳුන්වනා.
ඒ බෝසත්වරුන් අට දෙනෙක් සිටින අතර ඔවුන් නම්
අවලෝකිතේශ්වර
මෛත්‍රෙය
ආකාශ ගර්භ
වජ්‍රගර්භ
ක්ෂිතිගර්භ
සමන්තභද්‍ර
මඤ්ජු ශ්‍රී
සර්ව නිවාරණ විෂ්කම්භ
මේ සෑම ධ්‍යානී බෝධිසත්වයෙක්ටම මුද්‍රාවක්, වාහනයක් මෙන්ම සංකේතයක් තිබෙනවා. ඒ වගේමයි මේ බෝධිසත්වයින් අතරින් අවලෝක්තිශේවර හා මඤ්ජු ශ්‍රී යන බෝසත්වරුන් ප්‍රමුඛත්වයේ ලා සලකන අතරම මීළඟට බුද්ධත්වයට පත්වන මෛත්‍රෛය බෝසතුන්ට විශේෂත්වයක් හිමිවෙනවා. කෙසේ නමුත් මේ බෝධිසත්වයින් අතරින් බොහෝ දෙනාගේ බුහුමනට ලක්වෙන්නේ අවලෝකිතේශ්වර බෝසතුන්ව.
සාමාන්‍යයෙන් ලංකාවේ මෙන්ම වැඩි වශයෙන් ඉන්දියාවේ සිදුවන දේව ඇදහිල්ල මෙන්ම බෝධිසත්වයින් වන්දනා කරමින් තමන්ගේ ලෞකික ජීවිතේ කරුණු කාරණා ඉටුකරගැනීමට පිහිට පැතීම මහායානිකයන් සිදු කරනවා. මේ බෝධිසත්ව වන්දනාව ලංකාවට පැමිණි මුල් කාලීනව ඒ ඒ ස්වරූපවලින්ම බෝධිසත්ව වන්දනාව සිදු කෙරුණත් පසු කාලීනව මේ බෝසත්වරුන් ලක්දිවට ගැලපෙන පරිදි දේශීය මුහුණුවරකට පෙරලුණු අතර අවලෝකිතේශ්වර බෝධිසත්වයින් උත්පලවර්ණ හා නාථ දෙවිවරු ලෙසද සමන්තභද්‍ර බෝසතුන් සුමන සමන් දෙවියන් ලෙසද වන්දනාවට පාත්‍ර වුණා.
සමන්තභද්‍ර කතා පුවත මීට පෙරත් අපි කතා කළා
අවලෝකිතේශ්වර බෝසතුන් ගැන විශේෂයෙන් කතා කලොත් සියලුම ලෝ සතුන්ගේ ආරක්ෂකයා ලෙස එතුමා කටයුතු කරන අතරම සියලු සත්වයින් සංසාරයෙන් එතෙර වනතාක් එතුමා බුද්ධත්වයට පත් නොවන බවයි කියවෙන්නේ. ඒ වගේමයි ලෙඩ රෝගවලට පිහිටවීම ආදී කරුණු නිසා "භේසජ්ජ ගුරු" වශයෙනුත් එතුමාව පිළිගන්නවා.
නැවතත් ප්‍රධාන කතා බහට ආවොත් කුඩා බිමක තිබෙන ගල් කුළක ඇතුළට හෑරීම මඟින් මෙම අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනවා. ප්‍රතිමාවේ උස අඩි 8 ක් පමන වන අතර ප්‍රතිමාව පිළිබඳ විස්තරයක් කළොත් ධෝතියක් වැනි වස්ත්‍රයක් හැඳ ආභරණ හා ඔටුන්නක් පැළැඳ ගෙන රාජ ලීලාවෙන් සිටින අවලෝකිතේශ්වර බෝසතුන් මෙහිදී දැකගත හැකියි.
මේ ආභරණ පලඳා ඇති ආකාරය මෙන්ම ධෝතිය හැඳ සිටින ආකාරය රාජ ප්රතිමාවලට සමාන වීම නිසා මෙය රාජ ලීලාව ලෙස හඳුන්වනවා. මෙලෙස ඇති රාජ ප්‍රතිමාවකට නිදසුන් ලෙස රුවන්මැලිසෑ පරිශ්‍රයේ ඇති දුටුගැමුණු රාජ ප්‍රතිමාව දැක්විය හැකියි
දුටුගැමුණු රාජ ප්‍රතිමාව
හිසේ තිබෙන ඔටුන්න තුළ හෙවත් ජටා මකුටයේ ධ්‍යාන ඉරියව්වෙන් වැඩ සිටින බුදු රූ 4 ක් දැකගත් හැකි අතර ඉන් දෙකක් ඔටුන්නේ ඉදිරි පස එකක් මත එකක් සිටින සේත් අනිත් දෙක වම් කන හා දකුණු කනට ඉහළින් ඔටුන්නේ දක්වා තිබෙනවා.
නමුත් ජටා මකුටය තුළ තවත් බුදුරුවක් ඇති බවත් එමඟින් මහායාන බුදු සමයේ දැක්වෙන අමිතාභ, වෛරෝචන, අක්ෂෝභ්ය, රත්නසම්භව, අමෝඝසිද්ධි යන ධ්‍යානි බුදුවරුන් පස් දෙනා නිරූපිත වන බවට මතයක් තිබෙනවා.
ප්‍රතිමාවේ කන් ලම්භකර්ණව ලෙස දක්වා ඇති අතර කන්වලත් කුණ්ඩලාභරණ ආදිය පැලැඳි බවක් පෙනෙනවා. ගෙලටද මාල කීපයක් දමා ඇති අතර අත්වලටද වළලු ආකාරයේ පළඳනා දමා ඇති බවයි පෙනෙන්නේ.
දකුණු අතේ මාපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල එක් කර විතර්ක මුද්‍රාව දක්වන අතර වම් අතේ මහපට ඇඟිල්ල නොනමා දබර ඇඟිල්ල සහ සුළැඟිල්ල අර්ධයක් නමා ඇති අතර මැදැඟිල්ල හා වෙදැඟිල්ල සම්පූර්ණයෙන්ම නමා තිබේ. ඒ මුද්‍රාව කටක මුද්‍රාව නමින් හඳුන්වනවා.
ඉන වටා බඳ පටියක් දැකගත හැකි අතරම් ධෝතිය රැළි වැටෙන සේ සකසා තිබෙනවා.
මේ ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝසතුන් නොව වජ්රසත්ව බෝසතුන් බවත්, මේ සමන්තභද්‍ර බෝසතුන් බවටත් මත ඉදිරිපත් වී ඇති අතරම තවත් මතයක් වන්නේ මේ ප්‍රතිමාව අවලෝකිතේශ්වර හා සමන්තභද්‍ර යන බෝසතුන් දෙදෙනාගේම සම්මිශ්‍රණයක් ලෙස නිමවා ඇති බවයි.
දඹේගොඩ
අවලෝකිතේශ්වර ප්‍රතිමාව
දඹුලු විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව
මේ ප්‍රතිමාවේ ආකාරයෙන්ම රාජ ලීලාවෙන්
නිර්මාණය කෙරුණු අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමා විදිහට දඹේගොඩ
අවලෝකිතේශ්වර ප්‍රතිමාව, දඹුලු විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව දක්වන්න
පුලුවන්. මේ ප්රතිමාවල තිබෙන ලක්ෂණ පල්ලව සම්ප්‍රදායට නැඹුරුවක් පෙන්වන
නිසා කුෂ්ඨරාජගල සහ දඹේගොඩ ප්‍රතිමා නිර්මාණය කරපු කාලය විදිහට නිගමනය
කරන්නේ ක්‍රි.ව 7 හෝ 8 සියවස.
මීට පෙරත් පල්ලව නිර්මාණ යටතේ වුණු නාලන්දා ගෙඩිගේ ගැන අපි කතා කළා මතක ඇතිනේ
මේ ආකාරයෙන් බෝධිසත්ව පිළිමයක් කුෂ්ඨරාජගල නිර්මාණයට වීමට හේතු සාධක පිරික්සීමේදී පිහිටි ස්ථානයේ නමේ අර්ථයෙන්ම ගතහොත් කුෂ්ඨ රෝගයක් වැළඳුණු රජතුමෙක් තම කුෂ්ඨ රෝගය සුවවීමෙන් තමන් වූ භාරයක් ඉටු කරමින් මේ ස්ථානයේ අවලෝකිතේශ්වර ප්‍රතිමාව නිර්මාණය කරවූ බව කියවෙනවා.
මෙහිදී මේ රජතුමා දෙවිනුවර දේවාලයට පැමිණ භාරවූ බව කියවෙන අතරම රූපයට රූපය භාර වූ බව කියවෙනවා. මේ රජතුමා IV අග්බෝ රජතුමා ලෙස විශ්වාස කරන අතර දෙවිනුවරට පැමිණ වූ භාරය මත මේ ප්‍රතිමාව කරවූ නිසා දෙවිනුවර තිබෙන්නට ඇත්තේද අවලෝකිතේශ්වර වන්දනාවක් බව අනුමාන කරන්න පුලුවන්. පසුකාලීන උත්පලවර්ණ ලෙස දේශීය මුහුණුවරක් ගන්නට ඇත්තේ අවලෝකිතේශ්වර බව එමඟින් අනුමාන කළ පුලුවන්.
දෙවිනුවර උපුල්වන් දේවාලය
ඒ වගේම කලින් කිව්වා වගේම අවලෝකිතේශ්වර බෝසතුන් ලෙඩ සුව කරන්නෙක් ලෙස සැලකූ බව මේ ආකාරයෙන් රජතුමා තමන්ගේ අසනීපයට භාර වීමෙන් පෙනෙනවා. ඊට පසුවත් මේ ආකාරයෙන්ම රජවරු ලෙඩ සුව කරගැනීමට පිහිට පැතූ බව පෙනෙන්නේ දඹදෙණියේ සිට රාජ්‍ය කළ II පරාක්‍රමබාහු රජතුමාගේ කතාවේ ඇතිවූ විකලු සොබාවය නිසා ඒ පිළිබඳවත් දෙවිනුවර උපුල්වන් දෙවියන්ට කියා පිහිටාධාර පැතූ බව වංස කතාවල සඳහන් වීමෙන්.
ලෙඩ රෝග සුව කරන දෙවියෙක් ලෙසට අවලෝකිතේශ්වර වන්දනා කළා සේම නාවිකයන් විසින් සමුද්‍රයේදී ඔවුන්ව රැකගන්න දෙවියෙක් ලෙසට අවලෝකිතේශ්වර වන්දනා කරපු බව පෙනෙනවා.
මෙහිදී කුෂ්ටරාජගල සහ දෙවිනුවර සමුද්‍රාසන්න ප්‍රදේශ වීම හැරෙන්නට තවත් ස්ථාන කීපයක් නිසාම ඒ නිගමනයට එළඹෙන්න පුලුවන්.
තිරියාය ගිරිහඬු සෑය
තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරදුන්ගේ කේෂ ධාතු තැන්පත් කර ඉදිකළා යැයි සැලකෙන තිරියාය ගිරිහඬු සෑය අවලෝකිතේශ්වර බෝසතුන්ගේ නිවහන බව ඒ ස්ථානයෙන් හමුවූ සෙල්ලිපියක දක්වා තිබෙනවා
සෙල්ලිපියේ 4 වෙනි පෙළ එය දක්වන්නේ මේ ආකාරයෙන්
නිවසති යත්ර සිද්ධ සුර කින්නර පූජ්‍යතමඃ
ගුරුර් අවලෝකිතේශ්වර ඉතිප්‍රථිතො භගවාන්
තද් අහර් අහර් නමාමි ගිරිකණ්ඩික චෛත්‍යමි අහම්
මන්නාරම කුදිරමලේ ප්‍රදේශයෙනුත් බෝධිසත්ව පිළිමයක් තැන්පත් කලායැයි විශ්වාස කරන්න පුලුවන් පිළිම ගෙයක නටබුන් හමුවෙලා තිබෙනවා.
මුහුදු මහා විහාර ප්‍රතිමාව
ඒ හැරෙන්න පොතුවිල් මුහුදු තීරය ආසන්නයේ තිබෙන මුහුදු මහා විහාරයේ පිළිම ගෙයි මේ ආකාරයෙන් රාජ ලීලාවෙන් නිර්මිත ප්‍රතිමා දෙකක් දැකගන්න පුලුවන්. ඒ පිළිම දෙක මෛත්‍රෙය හා අවලෝකිතේශ්වර බෝසත්වරුන් ලෙස විශ්වාස කරන අතරම අවලෝකිතේශ්වර බෝසතුන් යැයි අනුමාන කරන රුව බොහෝ දුරට කුෂ්ඨරාජගල ප්‍රතිමාවට සමානයි.
පොතුවිල් මුහුදු මහා විහාරය පිළිබඳව අපි මීට පෙර කතා කරලා තිබෙනවා
මේ ආකාරයෙන් සමුද්‍රාසන්න ප්‍රදේශවල බහුලව අවලෝකිතේශ්වර වන්දනාව පැවතීම තුළින් කලින් කිව්වා වගේ සමුද්‍රාරක්ෂකයෙක් විදිහට අවලෝකිතේශ්වර බෝසතුන් පිළිගත් බවයි පෙනෙන්නේ.
නැවතත් කුෂ්ඨරාජගල ගැන කතාවට ආවොත් කුෂ්ඨරාජගල ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක් 1980 දී ඒ ප්‍රදේශය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය මොන්ටේගු ජයවික්‍රමගේ සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ඊ.එල්.බී. හුරුල්ලේ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්. ඒ යටතේ මේ ස්ථානයට විදුලි ආලෝකය ලබාදුන්නා වගේම බැම්ම බැදෙව්වා කියලයි ඒ ස්ථානයේ තිබෙන සමරු ඵලකයේ සඳහන් වෙන්නේ
කැලණි විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව
අවසාන වශයෙන් ගත්තොත් කුෂ්ඨරාජගල ඇතුලු අනෙක් ස්ථානවල තිබෙන අවලෝකිතේශ්වර ප්‍රතිමා හේතුවෙන් නිගමනය කරන්න පුලුවන් වෙන්නේ ලෞකික අවශ්‍යතා උදෙසා කැපවුණු දෙවියෙක්ගේ තත්වයට අවලෝකිතේශ්වර බෝසතුන් පත්වූ බවයි. ඒ පිළිගැනීමේ නෂ්ඨ කොටස් අද දක්වා පවතින බව පේන්නේ මෑතකදී කැලණිය රාජ මහා විහාරයේත් අවලෝකිතේශ්වර ප්‍රතිමාවක් ඉදි කරවීමෙන්. ඒ හැරෙන්නට ඉහත දක්වපු බෝසත් ප්‍රතිමාවලටත් අද දක්වාම ජනයා මල් පහන් පූජා කිරීමත් දැකිය හැකියි
කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න
ප.ලි.: සිංහල බ්ලොග් අවකාශයේ සහෘද බ්ලොග්කරුවෙක් වූ සනත් විජේවර්ධන හෙවත් ඔබා මාමාගේ වියෝව වෙනුවෙන් සාතිශය සංවේගය :(
රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
අලුත් දවසක් උදාවේවි.....
එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com44Siyambalape, Biyagama, Sri Lanka6.9609351 79.99619366.9451736 79.9764526 6.9766966 80.0159346tag:blogger.com,1999:blog-6409761432961726123.post-57684071432265422852012-01-07T07:09:00.001+05:302012-01-07T07:45:50.868+05:30නාලන්ද ගෙඩිගේ - Nalanda Gedige [Image House]
ශ්‍රී ලංකාවේ හරි මැද කොහේද දන්නවාද ? ශ්‍රී ලංකාවේ හරි මැද යැයි විශ්වාස කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන නාලන්ද ගෙඩිගෙයයි. අද e- අටුවාවේ අවධානය යොමුවෙන්නේ සුවිශේෂී ගෘහ නිර්මාණ සම්ප්‍රදායකටද උරුමකම් කියන මෙම නාලන්ද ගෙඩිගෙය පිළිබඳවයි.
නාලන්ද ගෙඩිගෙය නැරඹීමට යන මාර්ගය පිළිබඳ මුලින්ම සඳහන් කළහොත් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ මාතලේ සිට දඹුල්ලට යාමේදී කිලෝ මීටර 48 කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයේ කිලෝ මීටර 1.2 පමණ ගමන් කිරීමෙන් පසුව නාලන්ද ගෙඩිගෙයට ළඟා විය හැකියි.
විසිරී ඇති කැටයම් ආදිය සහිත ගල් කැබලි
මේ පුරාවිද්‍යා භූමියට පිවිසුණු විට මුලින්ම හමුවන්නේ තැන් තැන්වල විසිරුණු ගල් කැටයම් සහිත ගල් කැබලි මෙන්ම බිත්ති සඳහා භාවිත කළ ගල් කැබලි රාශියක්. ඒවා එක ස්ථානයකට ගොඩ ගසා ඇති අතරම කැටයම් සහිත ගල් කැටයම් මෙන්ම කුළුණු හිස් නාලන්ද ගෙඩිගෙයට යන මාර්ගය දෙපස තබා තිබේ.
මාර්ගය දිගේ ගමන් කළ පසු බෝවතැන්න ජලාශයෙන් වටවී ඇති උස් බිමක පිහිටා තිබෙන නාලන්ද ගෙඩිගෙය මෙන්ම වේදිකාවක් මත ඉදිකරපු ස්ථූපයක් සහ බෝධි වෘක්ෂයකුත් මේ ස්ථාන 3 වට කරමින් ඉදි කරලා තිබෙන ගඩොල් ප්‍රාකාරයත් දැකගත හැකියි.
නාලන්ද ගෙඩිගේ ඉතිහාසය ඒ සමඟ බැඳුණු අනෙක් අංගත් සමඟ කතා කරමු.
ශිලාමය නිර්මාණයක් වෙන නාලන්ද ගෙඩිගෙය සම්පූර්ණයෙන්ම කළු ගල් භාවිත කොට නිමවා නිමවී ඇති අතර ඉන්දියාවේ ක්‍රි.පූ.6 වන සියවසේ සිට 9 වන සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍යය සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් හෙවත් මාමල්ල ශෛලිය ගෙඩිගේ නිර්මාණයට යොදා ගෙන තිබේ.
ඉහළ ඡායාරූපයේ ඇති මාමල්ලපුරම් සම්ප්රදායේ දෙවොලක් සහ පහළ ඡායාරූපයේ ඇති නාලන්ද ගෙඩිගෙයි ඇති සමානකම
පාලර් නදී මුවදොර පිහිටි මහාබලිපුරම්හි කඳුගැටයක තිබෙන මාමල්ල ශෛලියේ නිර්මාණවල සම්පූර්ණ කළු ගලින් නිමවා තිබීමත් වහලය ශිඛරයක් ආකාරයෙන් සකස් කොට තිබීමත් විශේෂ ලක්ෂණයි. එමෙන්ම විවිධ දෙවි දේවතාවුන්ගේ මෙන්ම සැරසිලිවලින් ගලින් කළ වහල ශිඛරය හැඩගැන්වීම පල්ලව ගෘහ නිර්මාණයේ අනන්‍යතාවයන්ය.
පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ හින්දු කෝවිලක ස්වරූපයෙන්ම නාලන්ද ගෙඩිගේ නිර්මාණය කර ඇති අතරම ඉදිකිරීම් කටයුතුවලදී ථේරවාද මෙන්ම මහායාන ඇදහිලිත් ඒ වගේම පෙර දැක්වූ පරිදි හින්දු ඇදහිලිත් මිශ්‍ර කර තිබේ. එලෙස පල්ලව ශෛලිය යටතේ ඉදිකළ වර්තමානය වනවිට ලංකාවේ ඉතිරිව තිබෙන එකම බුද්ධ ප්‍රතිමා මන්දිරය වන්නේ නාලන්ද ගෙඩිගෙයයි.
මේ නිර්මාණයේ කාල නිර්ණය සඳහා සාධක කීපයක් උපයෝගී කොටගෙන ඇති අතර ඒවා මෙලෙස දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ නිර්මාණයන්ට පල්ලව ආභාෂය ලැබෙන්නේ ක්‍රි.ව 691 න් පසුවයි. ඒ ඒ වන විට ලංකාව පාලනය කළ හත්ථදාඨ රජු පරදා ලාංකික කුමරෙක් වුණු මානවම්ම කුමරුට රාජ්‍යය ලබාදීමට II නරසිංහවර්මන් රජු දායක වීමත් සමඟයි.
නිල්ලග්ගම බෝධිඝරය
ඉන් පසු පල්ලව ආභාෂය යටතේ ලංකාවේ ඉදිවුණු තවත් සුවිශේෂී නිර්මාණයක් විදිහට නිල්ලග්ගම බෝධිඝරයත් දැක්විය හැක.
ඉහත දක්වපු කරුණ මෙන්ම නාලන්ද ගෙඩිගේ කාල නිර්ණයට ඒ භූමියෙන් හමුවුණු ටැම් ලිපියකුත් පාදක වී ඇති අතර මේ වන විට නාලන්ද ගෙඩිගේ පුරාවිද්‍යා භූමියේ පිහිටි කෞතුකාගාරය එය තැන්පත්ව ඇත.
නාලන්ද ගෙඩිගේ ටැම් ලිපිය
එහි දක්වන්නේ විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත් මිනීමරුවන්, සොරුන් විහාර භූමියට වැද්ද නොගත යුතු බවත් විහාරයේ සියලු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවත්ය. අක්ෂර විකාශනය අනුව මේ ලිපිය ක්‍රි.ව. 9 - 10 සියවස්වලට අයත් බව නිගමනය කර ඇති අතර මෙම කරුණු පාදක කොටගෙන නාලන්ද ගෙඩිගෙය ක්‍රි.ව. 8 - 10 අතර කාලයේදී නිමවන්නට ඇතැයි නිර්ණය කර ඇත.
ඉහත දැක්වූ ටැම් ලිපියෙන් මෙන්ම භූමියේ විසිරී පවතින ගල් කැබලිවලින්ද මෙහි විහාර සංකීර්ණයක් පිහිටා තිබූ බවත් එය මනා සංවිධානාත්මක බවකින් යුක්ත වූ බවත් අනුමාන කළ හැක.
මේ හැරෙන්නට නාලන්ද ගෙඩිගෙයට ඊටත් වඩා පැරණි ඉතිහාසයක් ඇති බවටද මත දක්වන අතර රාවණ රජ සමය දක්වා එය විහිදෙන බව කියවේ. රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් තමන්ගේ යාග හෝම කටයුතු සඳහා මේ ස්ථානය භාවිත කළ බවත් මේ ස්ථානයේ විශ්ව ශක්තියක් ගැබ්ව ඇති බවත් කියවේ.
මේ ස්ථානයේ ප්‍රධාන ඉදිකිරීම වෙන නාලන්ද ගෙඩිගේ පිළිබඳව ප්‍රධාන අංග 3 ක් යටතේ කරුණු දැක්විය හැකි අතර ඒවා නම්
ඉදිරිපස පිවිසුම
මණ්ඩපය
ගර්භ ගෘහය
ඉදිරිපස පිවිසුම පිළිබඳ කතා කිරීමේදී මුලින්ම කැටයම් රහිත සඳකඩපහණක් හමුවෙන අතර පඩිපෙළ දෙපස සරල කැටයමින් යුක්ත වෙන කොරවක්ගල් දෙකක් දැකගත හැකිය. සඳකඩපහණ දෙපස මුරගල් දෙකක් වර්තමානය වන විට නොමැති වුණත් අතීතයේදී තිබුණා විය හැක.
ඉදිරිපස ආලින්දය වැනි කොටස
පඩිපෙළ නැගීමෙන් පසුව හමුවන ආලින්දය වැනි කොටසින් මණ්ඩප කොටසට පිවිසීමේදී ගල් උළුවස්සක් ඇති අතර එය පාදමට සවිවන ස්ථාන දෙපස ඇත් රූ දෙකක්ද දැකගත හැකියි. ගල් උළුවස්සේ හරි මැදට වන්නේ හින්දු ආගමේ වන්දනාවට ලක්වෙන ගජ ලක්ෂමී දෙවඟනගේ කැටයමක් දැකිය හැක.
නාලන්ද ගෙඩිගේ ඇති ගජ ලක්ෂ්මී කැටයම
පොළොන්නරු ගල් පොතේ ඇති ගජ ලක්ෂ්මී කැටයම
එවැනි කැටයමක් මීට පසුකාලීනව පොළොන්නරු යුගයේදී නිශ්ශංකමල්ල රජතුමාගේ ගල් පොත සෙල්ලිපියේ දකුණු පසට වන්නට ඇති අතර හින්දු ආභාෂය මෙම බෞද්ධ නිර්මාණයට තදින්ම හිමිව ඇති බවට එක් නිදසුනක් වන්නේ ඒ ගජ ලක්ෂ්මී රුවයි.
මණ්ඩප කොටසට පිවිසුණු පසු දෙපස එක් පේළියකට ගල් කුළුණු 4 බැගින් වූ ගල් කුළුණු 8 ක් ඇති අතර ඒ ගල් කුළුණු සියල්ලේම හිස කොටසේ සතර පැත්තේම එක හා සමානවම මුහුණක් වැනි කැටයමක් ඇති අතර ගල් කුළුණුවල පහළ කොටස්වලද එක හා සමානවම ගල් කැටයම් කර තිබේ.
කුළුණු සහිත මණ්ඩප කොටස
මණ්ඩපය පසු කරමින් ඉදිරියට ආවිට ගර්භ ගෘහය හමුවන අතර ගර්භ ගෘහය වටා ගමන් කළ හැකි අයුරින් එය නිමවා ඇත. ගර්භ ගෘහයට පිවිසෙන දොරටුවට ඉහළින් විමාන වැනි නිර්මාණ 5 කුත් බුදුන් වහන්සේගේ යැයි අනුමාන කළ හැකි ධ්‍යාන වඩන පුද්ගලයන් දෙදෙනෙකුගේ රූ ද කැටයම් කොට ඇත.
ධ්‍යානී පුද්ගලයන් සහ විමාන සහිත කැටයම
හින්දු කෝවිලක ගෝපුරක් ආකාරයට නිමවා ඇති ගර්භ ගෘහයේ වහළයේ විවිධාකාරයේ මුහුණු වැනි කැටයම්ද දැකගත හැකි අතර මුදුනේ දෙපස උල් හැඩයේ කොටස් දෙකක්ද නිමවා තිබේ. ඒ මුදුන් දෙකට පහළින් වන දෙපස කොටස්වලින් වම් පස කොටසේ එක් කකුලක් නමා අනෙක පහළට දමා සිටින පුද්ගලයෙකුගේ රුවක් දැකගත හැකි අතර දකුණු පස කොටසේ නිර්මාණය හඳුනා ගත නොහැකිය.
හින්දු ගෝපුර ආකාරයේ වහළ
වහළයේ දකුණු පස හා වම් පස පැති
ගර්භ ගෘහයට ඇතුලුවීමට එක් පඩියක් බැසිය යුතු අතර සරල ආකාරයේ සඳකඩපහණක් ඒ පඩිපෙළ පාමුල දැකගත හැකිය. ගර්භ ගෘහය තුළ ප්‍රතිමා 5 ක් දැකගත හැක. මධ්‍යයට වන්නට පද්මාසනයක් මත හිටි බුදු රුවක් දැකගත හැකි අතර එහි මුද්‍රාව අවුකන බුදුරුවේ මුද්‍රාවට සමානය. දකුණු අතින් ව්‍යාකරණ මුද්‍රාවද වම් අත වැලමියෙන් ඉහළට නැමී ඇඟිලි තුඩු වම් උරහිස ස්පර්ශ වන අයුරින්ද නිමවා ඇත.
ප්‍රධාන හිටි බුද්ධ ප්‍රතිමාව
ප්‍රධාන බුදු පිළිමයට දකුණු පසින් පද්මාසනයක් මත ඉදිකළ තවත් හිටි බුදුරුවක් දැකගත හැකි අතර එහි පපු ප්‍රදේශයෙන් ඉහළ කොටස විනාශ වී ඇත. ප්‍රධාන පිළිමයට වම් පසින් තවත් පිළිමයක කොටස් කීපයක් ඇති අතර එය බොහෝවිට බෝධිසත්ව පිළිමයක් විය හැක.
මේ හැරෙන්නට ගර්භ ගෘහය තුළ විශේෂ ප්‍රතිමා දෙකක් දැකගත හැකි අතර ඒවා නම් ගර්භ ගෘහයට පිවිසෙන ප්‍රධාන දොරටුව ආසන්නයට වන්නට ඉදිකර ඇති ගණ දෙවියන්ගේ පිළිමය හා අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ ප්‍රතිමාවයි.
ගණ දෙවියන්ගේ ප්‍රතිමාව
ප්‍රධාන දොරටුවෙන් වම් පස ඇති ගණදෙවියන්ගේ පිළිමය ඉදිකිරීමෙන් අතීතයේ පටන් නුවර කලාවිය ප්‍රදේශයේ ගණ දෙවියන් වන්දනා කිරීම පැවති බවට නිගමනය කළ හැකි අතරම හින්දු ආභාෂයේ බලපෑමත් හොඳින් දැකගන්න පුළුවන.
අවලෝකිතේශ්වර ප්‍රතිමාව
ප්‍රධාන දොරටුවෙන් දකුණු පස ඇති අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ප්‍රතිමාවෙන් එකල පැවති මහායාන බලපෑම ගැන මෙන්ම ආරක්ෂක දෙවියෙක් ලෙස අවලෝකිතේශ්වර බෝසතුන්ට වූ පිළිගැනීම වටහා ගත හැකියි. මුල්කාලීනව කළ සංරක්ෂණ කටයුතුවලදී මෙම අවලෝකිතේශ්වර ප්‍රතිමාව මුරගලක් යැයි වරදවා වටහා ගෙන තිබුණද පසුව කළ ප්‍රතිසංස්කරණවලදී එය නිවැරදි කොට මෙලෙස ගර්භ ගෘහය තුළ නැවතත් ස්ථාපනය කොට ඇත.
ප්රාකාරයේ ඇති මෛථුන කැටයම
නාලන්ද ගෙඩිගෙය බිත්ති පිටපැත්තෙන් නිරීක්ෂණය කිරීමේදී ඒ බිත්තිවලද කැටයම් සහිත ගල් දැකගත හැකි අතරම හින්දු කෝවිල්වල දැක්වෙන කාම සූත්‍රයේ විවිධාකාර කැටයම් අතුරින් මෛථූන සේවනයේ යෙදෙන ආකාරය දැක්වෙන කැටයමක්ද දැකගත හැකිය. එසේම ජලය මණ්ඩපය තුළට එක්වන ජලය බැසයාමට සකස් කළ කාණු කටවල්ද මෙහිදී දැකගත හැකිය.
ස්ථූපය
මේ භූමියේ පිහිටි අනෙක් නිර්මාණය වන්නේ පෙර දැක්වූ පරිදි වේදිකාවක් මත පිහිටවූ ස්ථූපයයි. ගෙඩිගෙයට උතුරින් පිහිටි මෙම ස්ථූපය පසුකාලීනව නිදන් හොරුන්ගේ ප්‍රහාරයට ලක්ව තිබුණු අතර සෙනරත් පරණවිතානයන්ගේ මූලිකත්වයෙන් මුල්වරට සංරක්ෂණ කටයුතු කරන ලදී.
මේ හැරෙන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පිහිටුවා ඇති කෞතුකාගාරයක් මෙහි ඇති අතර මේ ස්ථානයෙන් හමුවුණු විවිධාකාරයේ ගල් කැටයම් මෙන්ම නාලන්ද ගෙඩිගේ ටැම් ලිපියද එහි තැන්පත් කර ඇත.
නාලන්ද ගෙඩිගේ මෑත කාලීන ඉතිහාසය සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටවූ කාලයේදීම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල් මහතාගේ අවධානය මෙයට යොමු වූ අතර ඒ යටතේ 1893 දී රජයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවෙන් පස්වලින් යටව තිබුණු ගෙඩිගේ දකුණු පස කොටස් රාශියක් පාදා ගන්නා ලදී. 1911 දී බෙල් මහතා මෙහි පස්වලින් යටව තිබූ සියලු කොටස් පාදා ගත් අතර තහවුරු කිරීමකට උපයෝගී කරගත හැකි අන්දමින් එම කොටස් එතුමාගේ මග පෙන්වීමෙන් තැන්පත් කෙරුණි.
බෙල් මහතා විශ්‍රාම යාමත් සමඟ නැවතත් නාලන්ද ගෙඩිගේ පිළිබඳ අවධානය යොමු නොවුණු අතර 1927-28 කාලවලදී ගෙඩිගෙයි වේදිකාව මත පැතිර තිබුණු නුග මුල් ඉවත් කිරීමක් වුණු අතර එහිදී වේදිකාවේ කොටසක් පවා ගලවා ඉවත් කරන්නට සිදුවුණි. ඊට පසුවද මෙම ගොඩනැගිල්ලේ ගස් ඉවත් කිරීමක් හැරෙන්නට වෙනත් ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොවුණි. සෙනරත් පරණවිතාන සමයේදී එනම් 1953 දී ගෙඩිගෙයි මළුවේ පනා බැමි මතු කරගත් අතර පෙර දැක්වූ පරිදි ස්ථූපය ප්‍රතිසංස්කරණය කෙරුණි.
පසුව ගෙඩිගේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් වූයේ 1970 දශකයේ කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් ගෙඩිගේ තිබුණු ප්‍රදේශයට බෝවතැන්න ජලාශයට යටවීමට නියමිත වූ හෙයිනි. ඒ යටතේ ගෙඩිගෙය රැක ගැනීමට මිසරයේ අස්වාන් වේල්ල ඉදිකිරීමේදී අබු සිම්බල් දෙවොල ගලවා ඉවත් කර වෙනත් ස්ථානයක ඉදිකළ පරිද්දෙන් සියලුම කොටස්වල සංකේත යොදා ගෙඩිගෙය ගලවා පුරාවිද්‍යා කාර්යාලයේ තැන්පත් කෙරුණි.
අබු සිම්බල් දෙවොලේ නැවත ඉදිකිරීම
එනිසා ගෙඩිගේ පාදමද කැණීමට පුරාවිද්‍යාඥයින් සමත් වූ අතර චතුරශ්රාකාර ශිලාමය පදනමක් පාදා ගැනීමටද හැකිවිණි.
ගෙඩිගේ නැවත සැකසීම ඒ ප්‍රදේශයේ කඳු මුදුනක කිරීමට මුලින් යෝජනා වුවද පසුව නැවතත් එය මුලින් පිහිටි ස්ථානයේම ඉදිකිරීමට යෝජනා වූ නිසා 1977 දී එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය E.L.B. හුරුල්ලේ මැතිතුමාගේ තීරණය මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය P.L. ප්‍රේමතිලක මහතාගේ අධීක්ෂණයෙන් එය සිදුකෙරුණි.
නාලන්ද ගෙඩිගේ නැවත සැකසීම
ඒ යටතේ මහවැලි සංවර්ධන අධිකාරිය මඟින් නාලන්ද ගෙඩිගේ පිහිටි ස්ථානයේ අඩි 23 ක් උස හතරැස් බිම්කඩක් මෙන්ම ඒ උසින්ම මාර්ගයක්ද ඉදිකෙරුණු අතර 1980 දී මහාචාර්ය P.L. ප්‍රේමතිලක සහ පෙදරේරු M. විමලදාස යටතේ වැඩ ආරම්භ වුණි.
මුල් කාලීන සංරක්ෂණයන්හිදී සිදුවූ වැරදි නිවැරදි කරමින් ගර්භ ගෘහයේ වහළ සම්පූර්ණ කරමින් මේ සංරක්ෂණය අවසන් වුණු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ ආකාරයේ කාර්යයක් කළ ප්‍රථම අවස්ථාව මෙය වූ නමුත් මැනවින් පෙර පරිදිම නාලන්ද ගෙඩිගෙය තහවුරු කිරීමට පුරාවිද්‍යාඥයෝ සමත්වූහ.
නාලන්දා ගෙඩිගෙයි තවත් ඡායාරූප මෙතනින් බලන්න
මූලාශ්‍රය
නාලන්ද, මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලක - මධ්‍යම සංස්කෘතික අරමුදල
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com37tag:blogger.com,1999:blog-6409761432961726123.post-78095260391562803142011-11-28T20:30:00.001+05:302012-02-05T20:25:38.653+05:30ඕලන්ද දොයිතු කාසි පිළිබඳ නිරීක්ෂණයක් - Observation about Dutch Duits Coins
දේශ ගවේෂණ ව්‍යාපාරයෙන් විශාල ලාභ හිමිවීමේ ප්‍රතිඵලයක් ලෙසට යුරෝපාකරයේ රටවල් රැසක් ඒ සඳහා එක්වූ අතර එලෙස එක්වූ එක් රටක් ලෙස නෙදර්ලන්තය හෙවත් ඕලන්දය දැක්විය හැක. මෙහිදී 1602 දී Vereenighte Oost-Indische Compagnie හෙවත් ඕලන්ද පෙරදිග ඉන්දියානු සමාගම නමින් සමාගමක් පිහිටුවා ගත් ලන්දේසීන් පෙරදිග දෙසටද තම බලය ව්‍යාප්ත කරමින් පෙරදිග ප්‍රදේශවල මෙන්ම විශේෂයෙන් දකුණු ආසියා කලාපයේ තම බලය හොඳින් ව්‍යාප්ත කරගන්නට සමත් වූහ.
1602 දී වූ I විමලධර්මසූරිය රජු හා ලන්දේසි නියෝජිත ස්පිල්බර්ජන්ගේ හමුව
ඒ අනුව 1602 ජූනි මස ශ්‍රී ලංකාවේ මඩකළපුව ප්‍රදේශයට ගොඩ බට ලන්දේසීන් 1638 වන විට එකල ලංකාවේ පාලකයා වූ II රාජසිංහ රජු සමඟ ගිවිසුමක් ඇති කොටගෙන 1658 වන විට යාපනයෙන්ද පෘතුගීසීන් පළවා හරිමින් තම බලය ලංකාව තුළ තහවුරු කරගන්නා ලදී.
යථෝක්ත මාතෘකාවට අනුව ඕලන්ද දොයිතු [Duits] කාසි පිළිබඳ කරුණු සොයා බැලීමේදී 18 වන සියවය මුල් භාගයෙන් ඒ පිළිබඳව කරුණු හමුවේ.
1796 දක්වා පැවති ලන්දේසි පාලන සමයේ මුල් කාලය තුළ පෘතුගීසීන් නිකුත් කළ කාසි වාණිජ කටයුතු සඳහා භාවිතා කළ අතර ක්‍රමයෙන් හොර කාසි අච්චු ගසන්නන් අච්චු ගැසූ හොර කාසි බහුලව ව්‍යාප්ත වීම නිසා එයට පිළියමක් යොදන්නට සිදුවිණි. ඒ යටතේ සියලු පෘතුගීසි කාසි එකතු කොට පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගම යන අර්ථය එන ඕලන්ද පාඨය වන Vereenighte Oost-Indische Compagnie හි මුල් අකුරු තුන වන VOC එම සියලු කාසිවල මුදුණය කරන ලදී.
එසේම ලන්දේසීන් විසින් 1726-1806 කාලය අතර තුර තම රාජ්‍යය වන ඕලන්දයේ වූ ඕලන්ද, ගැල්ඩර්ලන්තය, ප්‍රිරිස්ලන්තය, සීලන්තය සහ යුට්රැච්ට් යන පළාත්වල අච්චු ගැසූ නම් Duits තඹ කාසි විශේෂයද ලංකාවේ භාවිතයට නිකුත් කර ඇත. එය දොයිතුව නමින් ලාංකිකයන් හඳුන්වා ඇත.
එකල මුදල් භාවිත වූයේ මෙලෙසය.
දොයිතු 4 =තුට්ටු 1
තුට්ටු 4 = පනම් 1
පනම් 12 = රිදී 5 හෙවත් පතාග 1
අද e-අටුවාව ඔස්සේ කතා කරන්නේ මා සතුව පවතින මෙම දොයිතු [Duits] කාසි 2 ක් සම්බන්ධවයි.
ඒ යටතේ වඩා පැරණි කාසිය වන්නේ 1766 නිකුත් කර ඇති කාසියයි. විෂ්කම්භය 22 mm වන මෙම කාසිය තඹ ලෝහයෙන් නිර්මිතය. මෙහි බර ග්‍රෑම් 2.5 කි. කාසියේ සිරස යැයි සැළකිය හැකි කොටසේ මධ්‍යයේ පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගම යන්න නිරූපණය කරන VOC අකුරු තුන ඇති අතරම ඊට පහළින් මෙය නිකුත් කළ වර්ෂය වන 1766 දක්වා ඇත.
මේ හැරෙන්නට සිරසේ ඇති අනෙක් දෑ පැහැදිලිව දැකිය නොහැකි නමුත් ඊට සමගාමී වර්ෂවල නිකුත් කර ඇති කාසිවලට අනුව අකුරු තුනට ඉහළින් මලක හෝ පළිහක සටහනක් තිබෙන්නට ඇත.
යුට්රැච්හි නිල ලාංඡනය
කාසියේ පසුපස කොටසේ ඇත්තේ ඕලන්ද පළාතක් වන යුට්රැච්ට් [Utrecht] හි ලාංඡනයයි. එහි මධ්‍යයේ පළිහක්ද ඊට ඉහළින් තුඩු 5 ක් ඇති ඔටුන්නක්ද දැකිය හැකි අතර පළිහ දෙපසින් සිටින සිංහයන් දෙදෙනා පළිහ අල්ලාගෙන සිටිති. සිංහයන් දෙදෙනාට පහළින් කිසියම් ලියවැලක් ආකාරයේ මෝස්තරයක්ද දැකිය හැක.
අනෙක් කාසිය 1790 දී නිකුත් කර ඇති අතර විෂ්කම්භය 21 mm වන මෙම කාසියද තඹ ලෝහයෙන් නිර්මිතය. මෙහි බර ග්‍රෑම් 3 කි. මෙම කාසියේ සිරස යැයි සැළකිය හැකි කොටසේ පෙර කාසියේ පරිදිම VOC අකුරු තුන දැකිය හැකි අතරම ඊට පහළින් කාසිය නිකුත් කළ වර්ෂය වන 1790 දක්වා ඇත.
මෙම කාසියේද ඒ හැරෙන්නට අනෙක් දෑ පැහැදිලිව දැක ගත නොහැකි වුවත් සමගාමී වර්ෂවල නිකුත් කර ඇති කාසිවලට අනුව අකුරු තුනට ඉහළින් තරු 3 ක සමාන සංකේත 3 ක් වූ බව පෙනේ.
සීලන්තයේ ලාංඡනය
කාසියේ පිටුපස ඕලන්ද පළාතක් වන සීලන්තයේ [zeeland] ලාංඡනය දක්වා ඇත. එහි පළිහක් ආකාරයේ රාමුවක් තුළ දෑත් විහිදා මුඛය අයාගෙන සිටින සිංහයෙක්ගේ උඩුකය පමණක් දැකිය හැකි අතර සිංහයාගේ යටිකය ප්‍රදේශ වෙනුවට දිය රැළි 3 ක් දමා ඇත. මෙම පළිහ සටහනට ඉහළින් පෙර කාසියේ පරිදිම තුඩු 5 ක් ඇති ඔටුන්නක් දක්වා ඇත.
පෙර දැක්වූ කතාවේ ඉතිරිය සම්පූර්ණ කළහොත් ලන්දේසීන් මෙලෙස තම මව් රටේ කාසි ලංකාව තුළ භාවිත කළද 18 වන සියවසේ මුල් භාගයේ සිට තුට්ටු කාසි ලංකාව තුල අච්චු ගැසීමද ආරම්භ කරන ලදී. ඒ යටතේ කාසි වර්ග දෙකක් වුණි. මින් එක් වර්ගයක කාසිය දෙපසම වමට හෝ දකුණට කරකැවී යන සේ කටු හෝ කොළ සහිත වැලක් මැද තුට්ටුවේ ගණන දක්වා තිබුණි.
අනෙක් කාසිය පෙර දැක්වූ දොයිතුව ආකාරයටම නිමවූ අතර උඩු පැත්තේ අකුරු තුන මෙන්ම ඊට ඉහළින් කාසිය අච්චු ගැසූ මධ්‍යස්ථානය හඳුනා ගැනීමට අකුරු විණි. C අකුරෙන් කොළඹද, J අකුරෙන් යාපනයද, G අකුරෙන් ගාල්ලද, T අකුරෙන් ත්රිකුණාමලයද සංකේතවත් කෙරුණි. යටි පැත්තේ නිකුත් කළ වර්ෂය සහ වටිනාකම දක්වා තිබුණි.
කොළඹ, යාපනය, ගාල්ල, ත්‍රිකුණාමලයෙන් නිකුත් කළ කාසි පිළිවෙලින්
ලන්දේසීන් විසින් මෙරට රුපියලේ රිදී කාසිද මුලින්ම ඇති කළ අතරම 1785 දී පළමු වරට මුදල් නෝට්ටුද නිකුත් කිරීමට කටයුතු කරන ලදී. එහිදී මුල්ම මුදල් නෝට්ටුවල වටිනාකම් වූයේ පතාග 50, 100, 500 සහ 1000 ය.
පතාග 5 නෝට්ටුවක්
මෙවැනි පැරණි කාසි තුළින්ද ලාංකේය ඉතිහාසයේ එක් යුගයක් සංකේතවත් වන අතර මට මෙම කාසි ලබාදුන් මගේ පියාගේ සොයුරිය වූ නාලනී ශ්‍රීමතී මහත්මියටද මෙහිදී විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුය.
මෙවන් වූ වටිනා කාසි ඔබ සතුව මෙන්ම වැඩිහිටියන් සතුවද පැවතිය හැක. ඒ පිළිබඳ කරුණු සොයා බැලීමෙන් විශාල දැනුමක් ඔබටත් ලබාගත හැකි බව මගේ විශ්වාසයයි. නාණක විද්‍යාව [Numismatology] නමින් ප්‍රකට මෙම විද්‍යාව තුළ සැරිසරන්නට ඔබත් වෑයම් කරන්න.
මූලාශ්‍ර : ලංකාවේ මිල මුදල්, ලීලානන්ද කල්දේරා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com28tag:blogger.com,1999:blog-6409761432961726123.post-41007896449718928822011-10-01T07:36:00.001+05:302011-10-01T10:41:23.553+05:30කිත්සිරිමෙවන් කැලණි රාජ මහා විහාරය - Kithsirimewan Kelani Raja Maha Viharaya
අද සටහන වෙන්වන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා සුප්‍රසිද්ධ පූජනීය ස්ථානයක් අසළ පිහිටා තිබෙන එහෙත් එතරම් මහජන අවධානයක් යොමු නොවන පූජනීය ස්ථානයක් ගැන විස්තර දක්වන්න. මේ පූජනීය ස්ථානය කිත්සිරිමෙවන් කැලණි රජ මහා විහාරය.
ඓතිහාසික කැලණිය රාජ මහා විහාරය ආසන්නයේම පිහිටලා තිබෙන මේ පුදබිම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එගොඩ කැලණිය කියන නමින්. කලින් දක්වපු විදිහට මේ පූජනීය ස්ථානය එතරම් ප්‍රසිද්ධ නොවන්නට එක් හේතුවක් වුණේ කැලණි ගඟෙන් එගොඩ පිහිටා තිබීමයි.
මුල්කාලීනව පාලම් පාරුවක් භාවිතයෙන් එගොඩ මෙගොඩ යාම සිදුවුණා. කොහොම නමුත් වර්තමානය වෙද්දී එගොඩ කැලණියට යාමට පාලමක් ඉදිකර තිබුණත් මේ පූජනීය ස්ථානයට එතරම් වන්දනාකරුවන්ගේ පැමිණීමක් දැකගන්න නැහැ.
කිත්සිරිමෙවන් කැලණි රාජ මහා විහාරයට එන ගමන් මග දැක්වුවොත් කොළඹ - නුවර මාර්ගයේ 4 කණුව මංසන්ධියෙන් බියගම දෙසට ඇති මාර්ගයේ පැමිණීමෙන් මේ පුදබිමට පැමිණෙන්න පුළුවන්.
මේ විහාරය මූලාරම්භය ගැන කතා කළොත් බුද්ධ කාලය දක්වා දිව යනවා. බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ මණිඅක්ඛික නා රජතුමාගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ බුදුන් වහන්සේ දහවල් දානය වැළදීමට පෙර කැලණි නදියේ ස්නානය කළ බවත් එහිදී උන් වහන්සේ භාවිතා කළ නානකඩය එහෙමත් නැත්නම් ජලසාටිකාව තැන්පත් කරලා මණිඅක්ඛික නා රජු කිත්සිරිමෙවන් කැලණි විහාර දාගැබ ඉදිකරවූ බව තමයි කියවෙන්නේ.
බුදුන් වහන්සේ පරිභෝග කළ වස්තුවක් තැන්පත් කරලා ඉදිකරපු මේ දාගැබ බුදුන් වහන්සේ පරිහරණය කරපු ජලසාටිකාවක් තැන්පත් කරලා ඉදිකරවපු ලොව එකම දාගැබ විදිහටත් හඳුන්වන්න පුළුවන්.
පසුකාලීනව ක්‍රි.ව. 304 - 328 කාලයේ කිත්සිරිමෙවන් රජ දවස ඒ කියන්නේ මහසෙන් රජතුමාගේ පුත්‍රයාගේ රාජ්‍ය කාලය තුළ මේ දාගැබ තවත් විශාල කරවලා විහාරාරාම සංකීර්ණයක් ඉදිකෙරුණු බව කියවෙනවා. ඒ නිසාම මේ විහාරයට කිත්සිරිමෙවන් කැලණි විහාරය යන නාමය යෙදුණු බවයි විශ්වාස කෙරෙන්නේ.
තවත් මතයක් වන්නේ පොළොන්නරු යුගයේදී ගජබාහු සමයේ මායා රටේ පාලකයා විදිහට කටයුතු කරපු කිත්සිරිමේඝ මාපාණන්ගේ අනුග්‍රහය මේ විහාරස්ථානය ලැබුණු නිසා කිත්සිරිමෙවන් කැලණි විහාරය යන නාමය භාවිතා වුණු බවයි.
පසුකාලීනව ගම්පොළ යුගයේදී අළගක්කෝණාර නම් අමාත්‍යවරයා විල්ගම්මුල නම් හිමියන්ගේ අනුශාසනා පරිදි ජරාවාස වී තිබුණු දාගැබ, පිළිම ගෙය සහ බෝධි ප්‍රකාර පිළිසකර කරවනවා.
වර්තමානය වන විට මේ විහාරස්ථානයේ දැකගත හැකි පැරණි ඉදිකිරීම් වන්නේ දාගැබ සහ විහාර මන්දිරය පමණයි. දාගැබ මීට පෙර දැක්වූ බුදුන් වහන්සේගේ ජලසාටිකාව තැන්පත් කර ඉදිකරවූ දාගැබ ලෙස විශ්වාස කරන අතර මේ පුදබිමෙන් හමුවන ටැම් ලිපියකද ඒ බව දක්වනවා.
ඒ හැරෙන්නට ඇති විහාර මන්දිරය එතරම් පැරණි නොවූවත් මහනුවර යුගයේ ලක්ෂණ පෙන්වන හිඳි බුදු පිළිම වහන්සේ නමක්ද දැකගත හැකියි.
එසේම දාගැබේ මලසුන්ගෙයක තබා වන්දනා කරන සිරිපතුලක්ද දැක ගත හැක. බුද්ධ ප්‍රතිමා නිර්මාණය නොකෙරුණු මුල්කාලීනව බුදුන් වහන්සේ සංකේතවත් කිරීමට සිරි පතුල, බෝධිය, වජ්රාසනය වැනි දෑ භාවිතා වුණු අතර මේ සිරි පතුලද එවැන්නකි.
මේ හැරුණු කොට දාගැබ් මළුව තුළ හිටි පිළිමයක කොටස් මෙන්ම සෙල්ලිපි කීපයක්ද දැකගත හැකි වන අතර ඒ අතරින් වැදගත් සෙල්ලිපියක් වන්නේ කිත්සිරිමෙවන් කැලණි විහාර ලිපියයි.
මේ ලිපිය ආගමික මෙන්ම දේශපාලනික අතිනුත් වැදගත් වන ලිපියක් බවයි විද්වතුන්ගේ මතය වෙන්නේ. ලිපිය ගැන කෙටි විස්තරයක් දැක්වුවොත් කොටස් දෙකකින් යුක්ත වන මේ ලිපියේ පළමු කොටසේ විහාරයේ කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු දිගු පේළි 51 කින් දක්වනවා.
දෙවෙනි කොටසේ මේ පින්කමට බාධා පමුණුවන්නන් අපායගාමී වන බව කෙටි පේළි 15 කින් දක්වන අතරම මේ පූජාව ඉර හඳ පවතින තුරු සාංඝික දේපළ වන බවත් පුද්ගලික පරිහරණයට යොදා ගන්නවුන් බල්ලන් හා කපුටන් වන බව සංකේතවලින් දක්වා තිබෙනවා.
ලිපියේ සාරාංශයක් දැක්වුවහොත් බුද්ධ වර්ෂ 1887 දී ගඟතලාකරඹවලාන් පරපුරෙන් පැමිණි විල්ගම්මුල හිමියන් කිත්සිරිමේ රජ දවස සිට බන්ධු පරම්පරාවෙන් දස වෙනුව තමන්ට හිමිවුණු කිත්සිරිමෙවන් කැලණි විහාරය විශිෂ්ට වඤ්චී පරපුරෙන් පැමිණි නිශ්ශංක අළගක්කෝණාර අමාත්‍යතුමාගේ පරපුරේ අළගක්කෝණාර අමාත්‍යතුමාගේ අනුග්‍රහයෙන් ජරාවාස වී තිබුණු දාගැබ, විහාර ගෙය, බෝධි ප්‍රාකාරය පිළිසකර කළ බවත් විහාරයේ නඩත්තුවට කුඹුරු පූජා කළ බවත් විල්ගම්මුල හිමියන්ට රාත්‍රි කාලයේ බණ කීමෙන් රජු පූජා කළ දාස දාසීන් මේ විහාරයේ කටයුතු සඳහා පූජා කළ බවත් කියවෙනවා.
මේ පිංකමට බාධා පමුණුවන්නන් අපායගාමී වන බවත් අවසාන වශයෙන් ඉර හඳ පවතින තුරු සාංඝික වන මේ දේපළ පුද්ගලික පරිහරණයට යොදා ගන්නවුන් බලු කපුටන් වන බවත් දක්වා තිබෙනවා.
මූලිකව මේ ලිපිය තුළ ඒ වනවිට රාජ්‍යත්වය හිමිව තිබුණු IV බුවනෙකබාහු රජතුමා ගැන සඳහන් නොවීමෙන් රජුගේ බලය නොපිළිගත් ප්‍රාදේශීය නායකයෙක් පිළිබඳ අදහසක් ගත හැකි අතර ගම්පොළ යුගයේ දේශපාලනික අතින් විශාල බලයක් හිමිව තිබුණු අළගක්කෝණාර පරපුර ගැනද විස්තරයක් හමුවෙනවා.
විශේෂයෙන් එකල භික්ෂූන් වහන්සේලාට බණ කීම වෙනුවෙන් සේවක සේවිකාවන් පූජා කළ බවත් පෙනෙන අතර සතර දිසාවෙන්ම පැමිණි නොපැමිණි සංඝයාට යනුවෙන් පැවති සාමූහික දේපළ ක්‍රමය වෙනුවට ගුරු ශිෂ්‍ය පරම්පරාවෙන් හෝ ඤාති පරම්පරාවෙන් විහාරවල හිමිකාරීත්වය ලැබීමෙන් එකල සංඝයා වහන්සේලා විනය නීති ඉක්මවා යමින් තිබීමක්ද දැකගත හැකියි.
මෙවැනි කරුණු රැසක්ම මේ ලිපියෙන් හෙළිදරව් වීම තුළින් මේ ලිපියේ ඇති වටිනාකම මොනවට පැහැදිලිය.
වර්තමානය වන විට මේ පුදබිම තුළ නව ඉදිකිරීම් ලෙස ධර්ම ශාලාවක් මෙන්ම බෝධි ප්‍රාකාරයක්ද දැකගත හැකියි. ඉඩක් ලැබුණු විටෙක ඔබත් මේ ස්ථානය වන්දනා කරන්නට යන්න.
මේ ස්ථූපය වන්දනා කරන ගාථාව වෙන්නේ
සද්ධාය යාය මණිඅක්ඛික නාගරාජා
චේතිං ආකාසිවර අන්තරවාසකංයං
යස්මිං නිධාය මුනිනො තමනුස්සරන්තෝ
වන්දාමි කිත්තිසිරි සව්හය ථූපරාජං
කිත්සිරිමෙවන් කැලණි විහාරයේ තවත් ඡායාරූප බලන්න මෙතන කොටන්න
ප.ලි.: මේ ලිපිය ලියද්දී කිත්සිරිමෙවන් කැලණි විහාර ලිපිය පිළිබඳව කරුණු උපුටා ගත්තේ මෑතකදී දැයෙන් සමුගත් මහැදුරු මැන්දිස් රෝහණදීරයන්ගේ මහාසාමි සංඝරාජ පරපුර කෘතියෙන්. ලාංකේය ඉතිහාසය අධ්යනයේලා එතුමන් කළ මෙහෙවර අනගිභවනීයයි. එතුමන්ට නිවන් සුව අත්වේවායි පතමු.......
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com25tag:blogger.com,1999:blog-6409761432961726123.post-48027938812618903622011-05-20T12:34:00.000+05:302011-05-28T08:45:48.936+05:30දක්ඛිණ ථූපය - Dakkhina Stupa
අදත් සටහන නොදුටු අනුරාධපුරයේ තවත් ස්ථානයක් ගැනයි. ඒ දක්ඛිණ ථූපය ගැන. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.
මුල් කාලීනව එතරම් අවධානයකට ලක් නොවුණු මේ ස්ථූපය දුටුගැමුණු රජතුමා විසින් තමන්ගේ ප්‍රතිවාදියා වුණු එළාර රජතුමාව යුද්ධයේදී මරා දැමූ ස්ථානයේ එළාර රජතුමාව ගෞරව සහිතව ආදාහනය කරලා ඉදි කරපු ස්ථූපය විදිහටයි බොහෝ දෙනා සැළකුවේ.
මුලින්ම් මේ ස්ථානයේ පුරාවිද්‍යා කැණීමක් 1896 දී දියත් කරන්නේ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වුණු H.C.P. බෙල් මහත්මයායි. මේ එළාර සොහොන නොවන බවත් ඒ කාලයේ අනුරාධපුරයේ තිබුණු ප්‍රධාන ආරාමයක් වුණු දක්ඛිණගිරි විහාරයේ ස්ථූපය කියන මතය එතුමා ඉදිරිපත් කළත් ඒ ගැන එතරම් පිළිගැනීමක් ඇතිවුණේ නැහැ.
1876 ජේම්ස් ෆර්ගසන් කියන ස්කොට් ජාතික වාස්තු විද්‍යාඥයා රචනා කරපු History of Indian and Eastern Architecture කෘතියේත් මේ අදහසම ඉදිරිපත් කරලා තිබුණා. නමුත් බෙල් මහත්තයා ඇතුළු කණ්ඩායමට දක්ඛිණ ථූපයේ කැණීම් කරගෙන යද්දී දෙබර පොදියක් කඩාවැටී සිදුවූ අනතුර නිසා 1900 විතර පස්සේ එහි කැණීම් සිදු වුණෙත් නැහැ.
1946 දී තමා නැවතත් දක්ඛිණ ස්ථූපයේ කැණීම් ආරම්භ වෙන්නේ. ඒ සඳහා මූලිකත්වය ගන්නේ ප්‍රථම ලාංකීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වුණු සෙනරත් පරණවිතානයන්. ස්ථූපය වටා තිබූ බොහෝ සැරසිලි ඒ වගේම වාහල්කඩ වගේ නිර්මාණ නිධන් හොරුන් අතින් විනාශයට පත්වෙලා තිබුණු ආකාරය කැණීම් දිගටම කරගෙන යද්දී ඒ මහතාට දැකගන්න පුලුවන් වුණා.
උතුරු හා නැගෙනහිරි වාහල්කඩවලට දරුණු හානි නිධන් හොරුන් අතින් වෙලා තිබුණත් දකුණු වාහල්කඩට එතරම් හානියක් වෙලා තිබුණේ නැහැ. ඒ කොටසේ තිබිලා අඩි 16 ක් පමණ උස ශිලා ස්ථම්භයක් හමුවුණා. සාංචි තොරණ්වල කැටයම්වලට යම් හුරුකමක් තිබුණු මේ ශිලා ස්ථම්භය ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වලට අයිති කියලයි නිගමනය කෙරුණේ.
පුන් කලසකින් ආරම්භ වෙන ලියවැලක් ක්‍රම ක්‍රමයෙන් උඩට යන කොට සිහින් වෙලා යන ආකාරයක් තමා ඒකේ දැකගන්න පුලුවන්. ලියවැලේ දෙපසට බෙදිලා තියෙන් අතුවල මිනිස් රූප වගේම සිංහයා, ඇතා, අශ්වයා, ගවයා වැනි සතුන්ගේ රූ කැටයම් කරලා තියෙනවා. සියල්ලටම මුදුනින් හක් ගෙඩියක් අති අරන් පද්මාසනයෙන් ඉන්න දේවතා රුවක් දැකගන්න පුලුවන්.
බස්නාහිර වාහල්කඩ තිබුණු ප්‍රදේශයෙන් උමඟක් හාරලා නිධන් හොරු ධාතු ගර්භයට ඇතුලු වෙලා තිබුණු නිසා ඒ ප්‍රදේශයෙන් නිධන් හොරු නොවටිනා දේවල් කියලා දාලා ගිය පබළු, කිරිගරුඬ කොටස්, පියාපත් ඇති සිංහ රූප, කාසි වගේ ඒව හමුවෙලා තියෙනවා. ඒවායින් අතීතයේ තිබුණු කලා ශිල්ප ගැන වැටහීමක් ලබාගන්න පුරාවිද්‍යාඥයින්ට හැකිවුණා.
1948 දී ස්ථූපයේ සලපතල මළුව පාදා ගන්න පුලුවන් වීමත් එක්කම බිම අතුරලා තිබුණු ගල් පුවරු කීපයකම 3 වෙනි සියවසට අයිති බ්රාහ්මී අක්ෂරවලින් ලියපු ලිපියේ "දකිණි විහර" යන පාඨයෙන් මේ දක්ඛිණ විහාරයේ ස්ථූපය බව තහවුරු කරගන්න පුරාවිද්‍යාඥයින්ට හැකිවුණා.
මෙතෙක් හම්බෙලා තියෙන දීර්ඝතම බ්රාහ්මී සෙල්ලිපිය වෙන මේ ලිපියේ සමහර කොටස් තිබුණු ගල් පුවරු එතනින් අරගෙන ගිහින් තියෙන නිසා මුළු ලිපියම කියවන්න පුලුවන් වුණේ නැහැ. ඒක නිසා මේ ලිපිය කරවපු රජතුමා ගැන හොයාගන්න බැරි වුණත් විහාරයට එක් එක් අය විසින් පූජා කරපු ගම් බිම් ගැන එහෙම දැනගන්න පුලුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ස්ථූපය ඉදි කළේ කවුරුන්ද යන වගත් මේ ලිපියේ සඳහන්.
කලින් කියපු ඉඩම් පූජා කළේ පිත මහ රජ දවස කරවපු දක්ඛිණ විහාරයේ තිස මහ චෙතිය ට කියලා ලිපියේ කියවෙනවා. මෙහිදී පිත මහ රජකියන්නේ වළගම්බා රජතුමාට. ඒ තමන්ගේ සොයුරා වුණු ඛල්ලාට නාගගේ පුතා වුණු මහාචූළි මහාතිස්ස තමන්ගේ පුතෙක් විදිහටම හදා වඩා ගත් නිසයි.
ඒ රජතුමාගේ උත්තිය කියන සෙනෙවියා ක්‍රි.පූ 2 සියවසේදී පමණදක්ඛිණ විහාරය කරවලා තියෙනවා. නගරයට දකුණින් පිහිටි නිසා දක්ඛිණ විහාරය යන නම් ලද බවයි කියවෙන්නේ.
කණිට්ඨ තිස්ස රජ සමයේ ස්ථූපය විශාල කරවපු නිසා තිස මහ වෙතිය විදිහට ස්ථූපය හඳුනවන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේම ඒ රජතුමා දාන ශාලාවක්ද ඉදි කරලා තියෙනවා. පස්සේ කාලේ ගෝඨාභය රජතුමා උපෝසථාගාරයකුත් 1 අග්බෝ රජතුමා ගොඩනැඟිලි කීපයකුත් දක්ඛිණ විහාරයට පූජා කළ බව වංශ කතා කියනවා.
දක්ඛිණ ස්ථූපය ඉදි කරපු ස්ථානය ගැන බලද්දී ඒක මිහිඳු හාමුදුරුවෝ සංඝ කර්ම කරන්න ඉදිකරපු පිචුල මාලක එහෙමත් නැත්නම් පුලිල මළුවේ දක්ඛිණ විහාරයේ ස්ථූපය ඉදිකළා කියලා සද්ධර්මාලංකාරයේ එන සඳහන වංශ කතාවල එන කතා ප්‍රවෘත්තිත් එක්ක බලද්දී සනාථ වෙනවා.
විශේෂම කතා පුවත වෙන්නේ මරණාසන්නව හිටපු දුටුගැමුණු මහ රජතුමා තමන්ගේ සිරුරට කළ යුතු දේ දැනුම් දීමත් එක්ක බැඳුණු කතාවයි. රජතුමා කියනවා "සූවිසි වසක් මුළුල්ලෙහි සංඝයාට උපකාරක වූයෙමි. මේ කය ද සංඝයාට උපකාර වේවා. මහ සෑයට පෙනෙන්නා වූ සංඝයාගේ කම්මාළකයෙහි සංඝදාස වූ මගේ සිරුර ආදාහනය කළ මැනව" කියලා.
ඒ කරුණුත් එක්ක බලද්දී රජතුමා ආදාහනය කරලා තියෙන්නේ පෙර දක්වපු පුලිල මළුවේ කියන එක තහවුරු වෙනවා. ඒත් එක්කම දක්ඛිණ විහාරයේ ස්ථූපය දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ මත ඉදිකරලා තියෙන බවත් පිළිගැනෙනවා.
ඒ බව තහවුරු වුණේ ස්ථූපයේ ධාතු ගර්භයේ කරපු කැණීම්වලින්. I වෙනි දාඨෝපතිස්ස රජතුමාට විරුද්ධව කැරලි ගහලා රජවුණු II කාශ්‍යප යුධ වියදම් පියවා ගන්න දක්ඛිණ ථූපය, ථූපාරාමය කොල්ල කෑ අතර ඊට පසුවත් දක්ඛිණ ථූපය කීප වරක් කොල්ලකෑම්වලට ලක්වෙලා තියෙනවා. එය කරපු නිධන් හොරු ධාතු ගර්භයේ හාරපු වළ තව කැණීමට ලක් කරද්දී පිළිස්සී කරවුණු ගඩොල් වගේම අඟුරු වුණු මැටි ගුලිත් හමුවෙලා තියෙනවා.
දක්ඛිණ ස්ථූපයේ ධාතු ගර්භයේ තිබූ වළ පතුලේ වූ අළු
පසුව ඇති කරපු ගින්නක් නිසා නොව අඟුරු තට්ටුවක් උඩ ස්ථූපය ඉදිකළා කියන එක තමා පරීක්ෂණවලින් තහවුරු වුණේ. මේ භෂ්මාවශේෂවලට කළ කාල නිර්ණ පරීක්ෂණ අනුව මේවා දුටුගැමුණු යුගයට අයතියි කියලා තහවුරු වුණා.
ඒ නිසා භෂ්මාවශේෂ උඩ මේ ස්ථූපය කරවපු බවත් සාහිත්‍යමය මූලාශ්‍රත් එක්ක බලද්දී මේ පුලිල මළුවේ ආදාහනය කළේ දුටුගැමුණු රජතුමාව නිසාත් රජතුමා සිහිපත් වෙන්න මේ ස්ථූපය ඉදිකලා කියන මතය ඉදිරිපත් වෙනවා.
මේ ස්ථූපය එළාර රජතුමා වෙනුවෙන් කරවපු ස්ථූපය වෙන්නේ නැත්තේ සාහිත්‍ය මූලාශ්රවල දක්වන විදිහට දුටුගැමුණු රජතුමා එළාර ස්ථූපය ඉදිකරන්නේ රජුන් දෙන්නා ද්වන්ධ යුද්දේ කරලා එළාර රජතුමාව මරා දාපු අනුරාධපුරයේ දකුණු වාසල් දොරට පිටතින් වෙන නිසා.
මේ අනුව බලද්දී දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ මැදි කරලා ඉදි කරපු කුඩා ස්ථූපය වළගම්බා රජ දවස විශාල කරවලා ඉදි කිරීමක් කරවපු බවත් ස්ථූපයේ වත්මන් හැඩරුව පසු කාලීනව කණිට්ඨ තිස්ස රජතුමාගේ කටයුත්තක් බවත් නිගමනය කරන්න පුලුවන්.
මෙයින් ලබාගත්තු දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ඒ කාලේ ප්‍රදර්ශනය කරවපු බව පුවත් පතක ලිපියකින් කියෙව්වා වගේ මතකයි. ඉන් පස්සේ ඒ භෂ්මාවශේෂවලට වුණු දේ ගැන නම් මතක නැහැ.
දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති කරඬුව
ඒ කොහොම වුණත් සිංහල රාජාවලියේ සුවිශේෂී රජ කෙනෙක් වුණු ඒ වගේම මේ රට පළමු වරට එක්සේසත් කරපු, බුදු සසුනට මහත් අනුග්‍රහ දක්වපු දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් වුණු මේ දක්ඛිණ ථූපය සිංහල බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර විය යුත්තක්.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නෛතික අවසරයට යටත් ව මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් අනුරාධපුර ඡේතවන ව්‍යාපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය, ආචාර්ය පියතිස්ස සේනානායක මහතාගේ අධ්යක්ෂකත්වය යටතේ සිදුකරන දක්ඛිණ ථූපයේ නවතම කැණීම් ගැන දැනගන්න මෙතන කොටන්න.
මූලාශ්‍ර
පුරාවිදු පරියේසණ - මහාචාර්ය සෙනරත් පරණවිතාන
දුටුගැමුණු මහ රජතුමාගේ සොහොන - ඉරිදා දිවයින 2010 ජනවාරි 24 වෙනිදා
http://en.wikipedia.org/wiki/Dakkhina_Stupa
පසුව ලියමි
මේ ලිපිය blog එකේ පළ කරලා ටික දවසකට පස්සේ කැම්පස් එකේදී අපේ History Department එකේ Senior batch එකක අක්කා කෙනෙක් කිව්වා මේ දවස්වල ජාතික කෞතුකාගාරයේ දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය කරනවා.
දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය විවෘත කරපු ජනාධිපතිතුමා
ඉතින් මට සතුටුයි ඒ ගැන එහෙම ප්‍රදර්ශනයක් ගැන දන්නේ නැතිව වුණත් ලියපු එක ගැන. සඳුදා දිහාට ඒ පැත්තේ යන්නත් කියලා හිතාගෙන ඉන්නේ භෂ්මාවශේෂ දැකබලා ගෙන එන්න. 31 වෙනකම් ඒ ප්‍රදර්ශනේ කරනවා කියලා තමා ආරංචි.Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com10tag:blogger.com,1999:blog-6409761432961726123.post-21390316554671367252011-01-17T21:28:00.000+05:302011-01-17T21:29:09.281+05:30විජයබාහු මාළිගාව Palace of King Vijayabahu
අනුරාධපුරේ යනවා කියලා කියපු ගමන් අපේ සිහියට එන්නේ ශ්‍රී මහා බෝධිය, රුවන්මැලිසෑය, ජේතවනය, අභයගිරිය ආදී අටමස්ථාන වගේම සමාධි බුදු පිළිමය, සඳකඩ පහණ වගේ නිර්මාණ. ඒත් මේ උරුමයන්ට අමතරව තවත් වටිනා කියන උරුමයන් රාශියක් අනුරාධපුරයේ පිහිටලා තිබුණත් ඒවාට එතරම් සංචාරක අවධානයක් තාමත් යොමු නොවීම ගැටළුවක්.
ඒ වගේ ස්ථාන කීපයක් ගැන අවධානය යොමු කරන්නයි e-අටුවාවේ උත්සාහය. අද ඉදන් "නොදුටු අනුරාධපුර" නමින් ඒවා පළකරන්නයි අදහස.
නොදුටු අනුරාධපුරය ගැන කතා කරද්දී මුල්ම අවධානය යොමු කරන්න හිතුවේ ලක්දිව සිටි ශ්‍රේෂ්ඨම නරපතියෙක් වන මහා විජයබාහු රජතුමා අනුරාධපුරයේ ඉදි කළ මාළිගාව ගැනයි. එය වැදගත් වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ අනුරාධපුරයේ දැනට හමුව තියෙන එකම රජ මාළිගාව වන්නේ මේ විජයබාහු මාළිගාව වීමයි.
අපි පළමුවෙන්ම රජතුමා ගැන කෙටියෙන් විමසලා බලමු.
"විජයබාහු රජතුමා නොසිටියේ නම් අද ලංකාවේ සිංහලයන් සිටිනු සැක සහිතය" මේ ප්රකාශයෙන්ම එතුමා ඉටුකරන ලද සුවිසල් මෙහෙය පැහැදිලිය. ක්‍රි.ව. 1017 දී ලංකාව චෝල පාලනයට යටත් වීමෙන් පසුව චෝල බලය බිඳලා නැවතත් ලංකාවේ සිංහලයන්ගේ බලය ඇතිකරන්න මුල්වුණේ මහා විජයබාහු රජතුමා.
මෙතුමා ක්‍රි.ව. 1070 දී චෝල බලය බිඳලා ලංකාව එක්සේසත් කලාට පස්සේ මුල් රාජධානිය වුණු අනුරාධපුරය ප්‍රතිසංස්කරණයට මුල්වුනා. රජතුමා පුද්ගලිකවම ඒ කටයුත්තට දායක වුණා කියලා තමා වංශකතා කියන්නේ. ඒ වගේම රජතුමා ක්‍රි.ව 1073 දී තමන්ගේ රාජාභිෂේක මංගල්‍යය පවත්වන්නේත් අනුරාධපුරයේදීමයි.
"මෙසේ ලත් ජය ඇත්තාවූ මහත්වූ නුවනැති ඒ විජයබාහු නම්වූ රජතෙමේ එකල්හි සියඅණින් නුවර බෙර හැසිරවී. සොළීරජ තෙම ස්වකීය සෙනාවගේ විනාසය අසා සිංහලයෝ බලවත්යයි සිතා නැවත සේනාව නොඑවීය. උඩඟු සොළී ශ්රෙහෂ්ඨයන් නිරවශේෂයෙන් නැසුවාවූ ඉතා මනා කොට තබනලද රජරට ඇති පණැති වීරවූ රාජශ්රෙෂ්ඨතෙම ඉෂ්ටවූ අනුරාධපුරවරයට අතිශයින් සතුටුව පසළොස්වෙනි වසයෙහි සම්ප්‍රාප්ත වූයේය. මේතෙක් හුදීජනයා ප්රොසාද සංවේග පිණිස කළ මහවස අනුරාධ පුරාබිගමන නම්වූ අට පණස්වෙනි අදියර නිමි.
(ඒ නරෙශ්වරතෙම) ලඞකාව ආරක්ෂාකරණ පිණිස යොධ සම්මතවූ බලවත් ඇමතියන් කටයුතු උගන්වා හාත්පස යෙදී. අබිසෙස් මඟුල් පිණිස ප්රසාදාදීවූ නොයෙක් කළමනා සම්පාදනය කටයුතුයයි ඇමතියෙකුට නියෝග කොට ඒ පියසෙහි වැඳිය යුතුවූ නොයෙක් චෛත්‍යයන් වඳිමින් තුන්මසක් ගෙවා පොළොන්නරුවට නැවත පැමිනියේය."
මහාවංශය - 59 වැනි පරිච්ඡේදය
මේ කාලය තුල රජතුමාට වාසය කරන්න මාළිගාවක් අනුරාධපුරයේදී ඉදිවෙනවා. ඒ වගේම පසුකාලීනව රාජ්‍ය උත්සව පවත්වන්නත් මේ මාළිගාව භාවිතා වෙනවා කියලා පනාකඩුව තඹ සන්නස කියවද්දී පැහැදිලි වෙනවා.
මහා විජයබාහු රජතුමා කුමාර කාලයේ වනගතව ගත කරද්දී වගේම චෝල බලය පරදවන්න උදව් කරපු බුද්ධරාජ එහෙමත් නැත්නම් සිත්නරුබිම් බුදල්නාවන්ට කල පරිත්‍යාග දක්වලා තියෙන්නේ මේ පනාකඩුව තඹ සන්නසේ. එහි මුල් කොටසේ (අ ) 6 පේළියේ දැක්වෙන්නේ
" ........ වක්දවස් නුරුපුරවරෙහි සිහසිනරා කිරුළුමිණි රසින් පළ සෙසත් කිස තවරමින් වැඩැහින් දෑ ....."
මෙහි තේරුම වන්නේ ..... දිනයෙහි අනුරුධපුරවරෙයහි සිංහාසනාරූඪ ව කිරීට මාණික්‍ය රශ්මියෙන් පැතුරුණු සේසත් ඇතුළත ආලෝක කරමින් වැඩ හිඳ.........
ඒ අනුව බලද්දී මේ මාළිගාව විජයබා රජ සමයේ වැදගත් ගොඩනැගිල්ලක් වූ බව පැහැදිලියි.
මේ මාළිගාව පිහිටලා තියෙන්නේ ථූපාරාමය අසළ ඇති සංඝමිත්තා මාවතේයි. මේ ස්ථානයේ පිහිටීම ගැන සිතියමක් බලන්න මෙතන කොටන්න.
මාළිගාව පිහිටලා තියෙනබිමට ඇතුළු වුනාම දැකගන්න පුලුවන් බහිරව රූප දෙකක් මුරගල් වශයෙන් තබා ඇති පියගැට පෙළක්. මාළිගාවට පිවිසෙන්නේ ඒ ද්වාරයෙන්.
මේ මුරගල්වලට භාවිතා කරලා තියෙන්නේ වස්තුවට අධිපතු කුවේර දෙවියන්ගේ ආරක්ෂකයන් විදිහට සළකන සංඛ හා පද්ම කියන බහිරවයක් දෙදෙනා. මේ බහිරව රූ දෙකම අභයගිරි විහාරයට පිවිසෙන පියගැට පෙළ දෙපසත් දකින්න පුලුවන්.
මාළිගාව සාමාන්‍ය ප්‍රමාණයේ මාළිගාවක්. මෙහි දිග පළල සළකලා බැලුවොත් 128 x 216 ප්‍රමාණයක් තමා තියෙන්නේ. මෙහි තියෙන බැමිවල ආකාරය අනුව උඩු මහලක් පවතින්න ඇති කියලා අනුමාන කරන්න පුලුවන්.
ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ තවමත් මෙහි ඉපැරණි බදාම තට්ටු වගේම චිත්‍ර දැකගන්න පුලුවන් වීමයි. ඒවායේ ආරක්ෂාවට ආවරණයක් ඉදි කරලා තිබුණත් ඊට වඩා හොඳ ආවරණයක් ඉක්මණින් ඉදිකළ යුතුයි.
මාළිගාව වටා ආරක්ෂිත පවුරු පැවති බවකුත් පෙනෙනවා. මුල් කාලීනව මේ විදිහට පැවතුණු මාළිගා මහා පරාක්‍රමබාහු සමය වනවිට දියුණු මට්ටකට පැමිණි බවත් පෙනෙනවා.
තවත් මෙවැනිම අනුරපුර නොදුටු උරුමයකින් හමුවෙමු............
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com20tag:blogger.com,1999:blog-6409761432961726123.post-72374069488516874022010-12-15T17:16:00.001+05:302010-12-15T17:16:53.154+05:30මැද්දේගම රජ මහා විහාරය - Meddegama Raja Maha Viharaya
කළු පැහැති කවයෙන් දක්වලා තියෙන්නේ ඈතට පේන මැද්දේගම රජ මහා විහාරය
ලංකාව කියන පුංචි රටේ පුරාවිද්‍යා එක ප්‍රදේශයකට විතරක් සීමා වෙන්නේ නැතිව මුළු ලංකාව පුරාම පැතිරිලා තියෙන එක විශේෂ කාරණයක්. මේ විදිහට හැම ප්‍රදේශයක පුරාවිද්‍යා උරුමය පැතිරිලා තිබුණත් අපේ අවධානය වැඩි වශයෙන් යොමු නොවුණු ඒත් පුරාවිද්‍යාත්මක වගේම ඓතිහාසික වටිනාකම වැඩි ස්ථාන තියෙනවා. ඒ වගේ ස්ථානයක් ගැන තමා අද අවධානය යොමු කරන්නේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටලා තියෙන ඉපැරණි පූජනීය ස්ථානයක් විදිහට මැද්දේගම රජ මහා විහාරය හඳුන්වන්න පුලුවන්. කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරයෙන් කිරිඳිවැල මාර්ගයෙන්, ඒ වගේම කොළඹ - රත්නපුර මාර්ගයේ හංවැල්ල නගරයෙන් කිරිඳිවැල මාර්ගයේ ඇවිත් මැද්දේගම අමිතිරිගල මාර්ගයේ පැමිණීමෙන් මැද්දේගම රජ මහා විහාරයට පැමිණෙන්න පුලුවන්.
මැද්දේගම රජ මහා විහාරය පිහිටලා තියෙන මැද්දේගම ගමට ඒ නම ලැබුණු හැටි ගැන හොයලා බලද්දී ඒක බොහොම ඈතකට දිව යනවා. ඉස්සර කාලේ ලංකාව ත්‍රි සිංහලය ලෙස හඳුන්වන්පු කාලේ ලංකාව කොටස් තුනකට බෙදිලා තිබුණානේ රුහුණු, පිහිටි, මායා කියලා.
මේ මායා රටේ මැද හෙවත් මධ්‍යයේ පිහිටලා තිබුණු නිසා මැද්දේගම කියලා නම මේ ගමට හිමිවුණු බවයි දැනගන්න ලැබුණේ.
මැද්දේගම ඉතිහාසය ගැන හොයලා බලද්දී අනුරාධපුර යුගය දක්වාම මෙහි ඉතිහාසය දිව යනවා. ඒ කාලයේ මාතොට හෙවත් මන්නාරම් වරායේ ඉදන් මාගම්පුරයට දක්වා මිනිස්සු ගමන් කරපු මාර්ගය වැටිලා තිබුණා කියන්නේ මේ මැද්දේගම හරහායි.
ඒ වගේම අනුරාධපුරයේ රජකම් කළ දෙවනපෑතිස් රජතුමාගේ [ක්‍රි.පූ 307-267] රජතුමාගේ බාල සොහොයුරෙක් වුණු උත්තිය කුමාරයා මායා රට පාලකයා විදිහට ඒ කියන්නේ "මාපා" විදිහට කටයුතු කරද්දී මේ ප්‍රදේශයේ මාළිගාවක් ඉදි කරලා තිබුණා කියලත් ගම්වාසීන් කියනවා.
ඒ මාළිගාව පිහිටලා තිබ්බ ස්ථානයේ පස්සේ කාලයේ හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මැතුතිමන්ගේ පියා වුණු ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමා නිවසක් 1887 වර්ෂයේදී ඉදි කරලා තියෙනවා. ඒ නිවසට නම විදිහට යොදලා තියෙන්නේ "මැද්දේගම මාළිගාව" කියලා.
ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමා
ඒ කාලයේ ප්‍රභූවරුන්ගේ නිවෙස් හැඳින්වුණේ වලව් නමින්. උදාහරණ විදිහට කිව්වොත් බණ්ඩාරනායකවරුන්ගේ හොරගොල්ල වලව්ව, සේනානායකවරුන්ගේ බෝතලේ වලව්ව, කොතලාවලවරුන්ගේ කඳවල වලව්ව යනාදී විදිහට.
ඒත් මේ මැද්දේගම තනපු නිවස මැද්දේගම වලව්ව ලෙස නොව මැද්දේගම මාළිගාව විදිහට නම් කළේ උත්තිය මාපාණන්ගේ මාළිගාව තිබූ තැන ඉදි කරපු නිසා කියලයි ගම්වාසීන් කියන්නේ. [මැද්දේගම මාළිගාව ගැනත් ලිපියක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන අවසරය ලැබුණු ගමන් ඒකත් ඔයාලට කියවන්න පුලුවන්] පස්සේ උත්තිය මාපාණන් දෙවනපෑතිස් රජතුමාගේ අභාවයෙන් පස්සේ අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත්වෙනවා ක්‍රි.පූ 267 දී.
ඉතින් ඒ වගේම ඓතිහාසික පසුබිමක් තියෙන මැද්දේගම පිහිටි මැද්දේගම රාජ මහාවිහාරයේ තිබෙන එක් එක් විහාර අංගත් එක්ක ඒවායේ යටගියාව ගැනත් කතා කරමු.
රංවල දේවාලය
මේ විහාරය තියෙන්නේ කන්දකට වගේ වෙන්න නිසා පාමුල පිහිටලා තියෙන්නේ මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය දෙවියෙක් වෙන රංවල දෙවියෝ ඒත් නැත්නම් රංවල මුත්තා වෙනුවෙන් ඉදි කරලා තියෙන දේවාලය. මේ රංවල දෙවියෝ කියන්නේ සැබෑ ලෙසම ජීවත් වුණු මිනිසුන්ට උදව් උපකාර කරපු යහපත් අයෙක් කියලයි කියන්නේ.
කැලණි ගඟ ආසන්නයේ ජීවත් වුණු රංවල මුත්තා කැලණි ගඟේ ගල් කුළු තිබුණු තැන්වල පහන් පත්තු කරලා තියෙන කාරියක් හැමදාම කරලා තියෙනවා. ඒක නිසා ඔරුකාරයින් කිසිම කරදරයක් නැතිව ගඟේ ඉහළ පහළ යාත්‍රා කරලා තියෙනවා.
රංවල දෙවියෝ
දවසක් දා රංවල මුත්තාව හොයලා බලද්දී එයා මිය ගිහින් ඉන්නවා ගමේ මිනිස්සුන්ට දකින්න ලැබුණා. ඒත් ඔරුකාරයින්ට එදා රාත්‍රියෙත් ගල් කුළුවල පහන් පත්තු කරලා තියෙනවා දැකගන්න ලැබුණා. මේක නිසා මිනිස්සු රංවල මුත්තාව දේවත්වයෙන් වන්දනා කරන්න ආරම්භ කරලා තියෙනවා.
රංවල දෙවියන්ට බාර වූ විට පහන් දල්වන විදිහ
මැද්දේගම රජ මහා විහාරය පාමුල තිබුණු රංවල දේවාලය ගාවත් අමුතු ආකාරයට ගොක් කොළවලින් සකසපු කූඩයක පහන් දල්වලා තියෙනවා දැකගන්න පුලුවන් වුණා. රංවල දෙවියන්ට මොකක් හරි කාරණයකට බාර හාර වුණාම පහන් දල්වන්නේ ඒ විදිහටයි කියලා තමා දැනගන්න ලැබුණේ.
විහාරයට පිවිසෙන්න තියෙන්නේ ගල් පඩි තරණය කරලා. මේ විදිහට ගල් පඩි 100 කට ආසන්න ගණනක් අපිට නගින්න වුණා. මේ ගල්පඩි පෙළ 1930 දශකයේ වගේ තමා ඉදි කරලා තියෙන්නේ. ඒ ගල් පඩිවලට අනුග්‍රහය දක්වපු පිංවතුන්ගේ නම්, ගම් පවා මේවායේ කොටලා තියෙනවා දැකගන්න පුලුවන් වුණා.
ගල් පඩි තරණය කරලා මළුවකට ආපු අපිට දැකගන්න පුලුවන් වුණේ ගල් කුළක් පාමුල මැටි හා ගල් පාවිච්චි කරලා ඉදි කරලා තිබුණු මේ වෙනකොට ගරා වැටුණු කුටියක්. මේ කුටියේ හාමුදුරු නමක් මීට කාලෙකට කලින් භාවනා කරන්න යොදා ගත්තු බවත් පස්සේ කාලේ මේක ගරා වැටුණා කියලයි දැනගන්න හම්බුණේ.
ගරා වැටුණු කුටිය
එතනින් වම් පසට තියෙන පාරේ ගමන් කරද්දී කටාරම් කෙටුව ගල් ගුහාවක ඉදි කරලා තියෙන විහාර ගේ දැකගන්න පුලුවන්. අනුරාධපුර යුගයේ රජකම් කළ වළගම්බා රජ සමයේ [ක්‍රි.පූ 104-76] මේ කටාරම් කෙටුව බවයි කියන්නේ. නමුත් ඒ ගැන සෙල්ලිපි වැනි යමක් මේතාක් හමු නොවීම ගැටළුවක්.
කටාරම කොටා ඇති අයුරු
මේ විහාර ගෙය පසුකාලීන මහනුවර යුගයේදී ප්‍රතිසංස්කරණ කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොට විහාර ගෙයි සැතපෙන බුදු පිළිමයක්, ඒ දෙපස අග සවු දෙනම වන සැරියුත් හා මුගලන් මහ රහතන් වහන්සේලාගේ පිළිම, හිටි බුදු පිළිමයක්, හිඳි බුදු පිළිමයක් වගේම විෂ්ණු දේව ප්‍රතිමාවක් තිබෙනවා.
සැතපෙන බුදු පිළිම වහන්සේ
හිඳි බුදු පිළිම වහන්සේ
හිටි බුදු පිළිම වහන්සේ
විෂ්ණු දේව ප්‍රතිමාව
විහාරයේ බිතු සිතුවම් මෑත කාලයේ කරවූ බවක් තමයි පේන්න තියෙන්නේ. ඒ සිතුවම් අතර නලපාන ජාතකය ඒ වගේම රහතන් වහන්සේලාගේ සිතුවම් කීපයකුත් මේ විහාරයේ ඉතිහාසය ආරම්භ වන්නේ දෙවනපෑතිස් රජ සමයේ නිසාදෝ එතුමාගේ රුවකුත් සිතුවම් කරලා තියෙනවා.
දෙවනපෑතිස් රජතුමාගේ සිතුවම
එතනින් ඉහළට ඇති පඩි පෙළෙන් ගමන් කළාම මැද්දේගම රජ මහා විහාරයේ තිබෙන සුවිශේෂීම පූජනීය වස්තුව හමුවෙනවා. ඒ තමා දෙතිස් ඵල රූහ බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධීන් වහන්සේ නමක්.
දෙතිස් ඵල රූහ බෝධීන් වහන්සේලා ගැන කෙටි විස්තරයක් කළොත් අනුරාධපුර යුගයේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ මෙරටට වැඩම කරවපු බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වුණු ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරපුර මහමෙවුනා උයනේ රෝපණය කිරීමෙන් පසුව මුලින්ම හටගත්තු හට ගත්තා බෝ පැළ 8 ක් ඒවා හඳුන්වනවා "අෂ්ඨ ඵල රූහ බෝධි" නමින්.
ඉන්පසුව බෝ පැළ 32 ක් හටගන්නවා. ඒවා හඳුන්වන්නේ "දෙතිස් ඵල රූහ බෝධි" නමින්. මේ සියල්ල "සම සතළිස් බෝධි" ලෙස හඳුන්වනවා.
මේ සම සතළිස් බෝධීන් වහන්සේලා රෝපණය කිරීම ගැන ක්‍රි.ව 10 වන සියවසේ රජ කළ IV වන මිහිඳු රාජ සමයේදී උපතිස්ස හිමියන් රචනා කළ මහා බෝධි වංශයේ 14 වෙනි පරිච්ඡේදයේ දැක්වෙන්නේ මේ ලෙසින්. ඒ අතර මැද්දේගම යන නමද දැකගත හැකියි.
".......එයින් එක් බෝපැළයක් සමුද්රපතීරයෙහි සිටැ එන ගමනේ මහා බෝධින් වහන්සේ පිහිටි තැන දඹුලු තොටැ රෝපණය කෙළේ යැ. එකක් තවක්ක නම් බ්‍රාහ්මණ ග්‍රාමයෙහි පිහිටුවුයේ යැ. එකක් ථුපාරාමයෙහි පිහිටු වුයේ යැ. එකක් කසුන්ගිරි වෙහෙරැ පිහිටු වුයේ යැ. එකක් ප්‍රථමක චෛත්‍යස්ථානයෙහි පිහටුවුයේ යැ. එකක් සෑගිරියෙහි පිහිටුවුයේ යැ. එකක් රෝහණ ජනපදයෙහි කදරගම පිහිටුවුයේ යැ, එක් බෝපැලයක් එහි මැ සඳුන්ගමැ රෝපණය කැරැවුයේ යැ.
ඉක්බිත්තෙන් ඉතිරි ඵල සතර දෙනාගේ බිජුවටින් අට අට බැගින් උපන් දෙතිස් ඵලරුහ ශ්රීත මහා බෝධීන් වහන්සේ අතුරින් මල් වැස්සා වෙහෙරැ එක් ඵලරුහ බෝධියක් ද, එසේ මැ තන්ත්රිසමාල නම් වෙහෙරැ එකක් ද පිහිටියේ යැ, මුහුදු බඩ මහාජල්ලික නම් කෙවුල් ගමැ එක් බෝධියක් ද, මෙසේ මැ කොට්ටියාරම ද, පොලොන්නරුවෙහි ද, මාතලේ රුයිගම ද, රුහුණු රටැ මාගම ද, වීල්වලද, මහියඬ්ගණයෙහි ද, සේරුවිල සමීපයෙහි නයින් ගේ විල්ගම්වෙහෙරැ ද, ඌව බදුල්ලේ මුතියඬ්ගණයෙහි ද, එම රටැ බුත්හල හප්පෝරු වෙහෙරැ ද රුහුණු රටැ සිතුල්පවු වෙහෙරැ ද, තංගලු වෙහෙරට බටහිර දික්හි වු වනවාස වෙහෙරැ ද, වැලිගම් වෙහෙරැ ද, පරගොඩැ ද, මැද්දේගමැ ද, ගණේගමැ ද, කොත්මලේ පුසුල් පිටියෙහි ද, මායාරට වතුරේ ද, බෙලිගලැ ද, බෙල්ලන්විලැ ද, වඳුරව ද, වට්ටාරමේ රජමහාවිහාරයෙහි ද, සුලුගල්ලේ ද, රැස්වෙරුවේ ද, කථියාවෙහි ද, ගිරිබා වෙහෙරෙ ද, යාපවු සුන්දරගිරි පවුවෙහි ද, කසාගලු වෙහෙරෙහි ද, ඇඹලව රහත් ගල්වෙහෙරෙහි දැ”යි මෙසේ සමසතළිස් මහා බෝධි රාජයෝ බුදුරජාණන් වහන්නේ ගේ අධිෂ්ඨාන වු ලෙසට මැ මේ ශ්‍රී ලඬ්කාද්වීපයෙහි පිහිටියාහු යැ....."
මහා බෝධි වංශය කියවන්න කැමති නම් මෙතන කොටන්න.
මේ බෝධි වෘක්ෂය රෝපණය කර ඇති ආකාරයද විශේෂී වන්නේ එහි සතර කොන්වලටද පරිවාර බෝධි 4 ක් රෝපණය කර ඇති නිසායි. ඒ ලෙස ප්‍රධාන බෝධීන් වහන්සේ වටා පරිවාර බෝධින් වහන්සේලා රෝපණය කර ඇති ස්ථානයක් ලෙස මම දැකලා තියෙන්නේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කර ඇති ස්ථානය පමණයි.
එසේම බෝධි වෘක්ෂයේ පැරණි බව නිසාම මේ වනවිට කඳ මැදින් දිරා ගොස් කුහරයක් සෑදී තිබීම නිසායි. ඇති ආකාරයකුත් දැකගන්න පුලුවන් වුණා. එයට පිළියමක් ලෙසදෝ බෝධි වෘක්ෂයේ කඳ වටා යකඩ පටියක් දමා තිබුණා.
අනුහස් ඇති බෝධි වෘක්ෂයක් ලෙස ගම්වාසීන් අතර මේ බෝධි වෘක්ෂය වන්දනාවට පාත්රවන අතර මෙහි ඇති ඉදිකිරීම් කීපයක්ම එලෙස විවිධ ප්‍රභූන් වූ බාර හාර වෙනුවෙන් ඉදිකළ ඒවා බවයි කියවෙන්නේ.
නිදහස් ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවති ප්‍රථම මැතිවරණයේ ජය පතා සේනානායක මැතිතුමා ඇතුළු පිරිස මෙහි බෝධි පූජාවක් පැවැත්වූ බවත්, එසේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ මැතිවරණ ජය පතා කළ බාරයක් වෙනුවෙන් මෙහි ගල් බැම්මක් ඉදි කිරීමට දායක වුණු බවත්, හිටපු දියවඩන නිලමේවරයෙක් වෙන නිශ්ශංක විජයරත්න මැතිතුමාද කළ බෝධි ප්රාකාරයේ ඉදි කිරීමක්ද මෙහි දැකගන්න පුලුවන්.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඉදි කරවූ ගල් බැම්ම
හිටපු දියවඩන නිලමේ නිශ්ශංක විජයරත්න මැතිතුමා ඉදි කරවූ බෝධි ප්‍රාකාරය
බෝ මළුව අසළම අළුතින් රෝපණය කර ඇති බෝ වෘක්ෂයක් මෙන්ම ඒ වටා අටවිසි බුදු පිළිම වහන්සේලා තැන්පත් කර ඇති ප්රාකාරයක් දැකගන්න පුලුවන්. ඒ ඉදිකිරීම කර ඇති ස්ථානයේ පැරණි ඉදිකිරීමක නටබුන් තිබූ බවත් මේ වනවිට එයින් ගල් කණුවල කොටස් 3 ක් පමණක් ඉතිරිව ඇති බවත් දැනගන්න ලැබුණා.
පැරණි ඉදිකිරීමේ ඉතිරිව ඇති ගල් කණුවක කොටසක්
කෙසේ නමුත් නව ඉදිකිරීම කිරීමේදී එම ගල් කණුවල කොටස් ඉවත් නොකර ඒ ඉදිකිරීම කර තිබීම ගැන සතුටු වෙන්න පුලුවන් යම්තාක් දුරකට හරි.
එසේම ඒ ආසන්නයේම වතුර පිරී තුබුණු පොකුණක් දැකගන්න පුලුවන් වුණා. එයින් කන්ද පාමුල ඇති දොළ පහරක් වෙතට ගමන් කළ හැකි රහස් මාර්ගයක් ඇති බවයි කියන්නේ.
මෑත කාලීන ඉදිකිරීමක් ලෙස චෛත්‍යරාජයාණන් වහන්සේ දැකගත හැකි අතර ඒ අසළත් සාමාන්‍යයෙන් විශාල පොකුණක් දැකගත හැකියි.
චෛත්‍යරාජයාණන් වහන්සේ
චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිරිපස ඇති තරමක් විශාල පොකුණ
අනුරාධපුර යුගයට දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මැද්දේගම රජ මහා විහාරයේ ඓතිහාසික බව තහවුරු කරන්නට වැඩි වශයෙන් දායක වෙන්නේ ගම්මුන්ගේ මුඛ පරම්පරාගතව එන ජන කතා වගේම මහා බෝධිවංශය වැනි සාහිත්‍ය මූලාශ්‍ර කීපයක් පමණයි. මෙහි විධිමත්ව ගවේෂණයක් කළොත් බොහෝ කරුණු කාරණා සොයාගත හැකි බව මේ ගමනේදී අපිට කරුණු කියාදෙන්න එකතු වුණු අනුරුද්ධ තාඹුගල මිතුරාගේ අදහසයි.
මැද්දේගම රජ මහා විහාරයේ තවත් ඡායාරූප බලන්න ඕනේ නම් මෙතන කොටන්න.
අපේ විශ්වවිද්‍යාලයේ මිතුරෙක් වන අනුරුද්ධ තාඹුගලගේ ගෙදර අපි කීපදෙනෙක් ගිය වෙලාවක තමයි මේ ඉපැරණි ස්ථානයට යන්න අපිටත් හැකිවුණේ. ඒක නිසා අනුරුද්ධටත් එයාගේ පවුලේ අයටත් විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ අපිව මේ ස්ථානයට රැගෙන යාම වගේම ආහාර පානවලින් සංග්‍රහ සත්කාර කිරීම සම්බන්ධව :)
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com26tag:blogger.com,1999:blog-6409761432961726123.post-60968741594283705372010-11-06T15:58:00.001+05:302011-03-12T22:41:34.925+05:30පොතුවිල් මුහුදු මහා විහාරය - Muhudu Maha Viaharaya
පොතුවිල් මුහුදු වෙරළ
ශ්‍රී ලංකාව වගේ පුරාවිද්‍යා උරුමයන්ගෙන් පොහොසත් වන රටවල් හරි දුලබයි කියලා තමා මට හිතෙන්නේ. ඒ විදිහට පුරාවිද්‍යා උරුමයන් විශාල වශයෙන් තිබ්බත් ඒවා සංරක්ෂණය කිරීමක් මතු පරම්පරාවලට දායාද කිරීමක් හරි විදිහකට වෙනවද කියලා සැක සහිතයි. ඉතින් පුරාවිද්‍යා උරුමයක් වගේම ආගමික අතිනුත් වැදගත් වෙන පුදබිමක් ගැන තමා කියන්න යන්නේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටලා තියෙන මුහුදු මහා විහාරය ගැන තමා අද e - අටුවාවේ අවධානය යොමු වෙන්නේ.
Google maps මඟින් ගත් ප්‍රදේශයේ ඡායාරූපයක් [අරුණ රණවක මහතාගේ facebook ගිණුමෙන්]
ලංකාව අතීතයේ සිටි රජ දරුවෝ ලංකාව වටා පිහිටලා තිබුණු වරායවල්, තොටුපොළවල් ආශ්‍රිතව ආගමික ස්ථාන ඉදිකිරීමක් කරලා තියෙනවා. ඒකෙන් ඒ නැව්තොටවල්වලට එන විදේශිකයන්ට මේ රටේ තියෙන ආගම්, ඇදහීම් ගැන අවබෝධයක් ලබාදෙන්න උත්සාහයක් ගත්තා වෙන්න පුලුවන්.
උදාහරණ විදිහට ත්‍රිකුණාමලය හෙවත් අතීතයේ ගෝකණ්ණ විදිහට හැඳින්වුණු වරායේ තියෙන ගෝකණ්ණ විහාරය, දෙවිනුවර ප්‍රදේශයේ තියෙන උපුල්වන් දේවාලය, දඹකොළ පටුනේ තියෙන බෞද්ධ විහාරය වගේ ඒවා දක්වන්න පුලුවන්.
දෙවිනුවර උපුල්වන් දේවාලය
ඒ විදිහටම ඉදි කරපු ජූජනීය ස්ථානයක් විදිහට මේ මුහුදු මහා විහාරයත් දක්වන්න පුලුවන්. ජනප්‍රවාදවල එන විදිහට ක්‍රි.පූ 2 වන සියවසේදී විතර කැලණි රාජධානියට ඇතිවෙන සුනාමි තත්වයෙන් මිදෙන්න කැලණි රාජධානියේ පාලකයා වුණු කැලණිතිස්ස රජතුමා තමන්ගේ දූ කුමරිය වෙන දේවි කුමරියව මුහුදට බිලි දෙනවා.
කැලණිතිස්ස රජ දවස කැලණියට ආ සුනාමිය
ඒ කියන්නේ කුමාරිව ඔරුවක දාලා මුහුදට පා කරලා හරිනවා. ඒ විදිහට මුහුදට බිලි දෙන දේවි පා වෙලා ගිහින් ගොඩ බහින්නේ මේ මුහුදු මහා විහාරය පිහිටලා තියෙන ස්ථානයටයි.
කිරින්ද
නමුත් ප්‍රසිද්ධ මතය වෙන්නේ දකුණු පළාතේ පිහිටලා තියෙන කිරින්ද ප්‍රදේශයට තමා දේවි කුමාරි ගොඩ බැස්සේ කියලා. ඒත් මට හිතෙන දෙයක් තමා කිරින්ද වගේ ගල් කුළු හුඟාක් තියෙන මුහුදු රළ හුඟාක් තියෙන ස්ථානයකට ඔරුවක් කොහොමද එන්නේ කියලා.
ඉතින් හුඟාක් දුරට දේවි කුමාරි ගොඩ බැස්සේ මුහුදු මහා විහාරය පිහිටලා තියෙන ප්‍රදේශයට වෙන්න ඕනේ කියලා හිතෙන අනික් කාරණේ තමා ඒ ආසන්නයේ ලාහුගල ප්‍රදේශයේ පිහිටලා තියෙන මඟුල් මහා විහාරය කියන ස්ථානයේ තියෙන ගල්වලින් කරපු නිර්මාණය කාවන්තිස්ස විහාර මහ දේවි දෙදෙනාගේ විවාහයට භාවිත කරපු මඟුල් පෝරුව කියලා විශ්වාස කරන එක.
ලාහුගල මඟුල් මහා විහාරයේ ඇති කාවන්තිස්ස රජතුමාගේ විවාහයට යොදා ගත්තා යැයි කියන මඟුල් පෝරුව
ජනප්‍රවාද වගේම නොයෙක් මති මතාන්තර තිබුණත් පුරාවිද්‍යා කැණීම්වලින් පස්සේ දක්වන අදහස වෙන්නේ මේ සිද්ධස්ථානය ගොඩනගලා තියෙන්නේ මහා දාඨික මහානාග රජ දවසේ කියලා. ඒ කියන්නේ කාවන්තිස්ස රජ සමයෙන් වසර 200 කට විතර පස්සේ කියලා. ඒ වගේම මහාවංශයේ 34 වෙනි පරිච්ඡේදයේ රුහුණු රට ලංකා විහාරය විදිහට මේ විහාරය හඳුන්වලා තියෙනවා කියලා සොයාගෙන තියෙනවා.
මේ ස්ථානය වර්තමානයේදී සොයා ගෙන තියෙන්නේ 1960 දශකයේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතානයන් විසින්. එතුමා මේ භූමිය පුරාවිද්‍යා සංරක්ෂිතයක් බවට පත් කරලා තියෙනවා. ඒකත් එක්කම මේ විහාරය අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකායට අයත් පන්සලක් බවට පත්වෙලා තියෙනවා.
ඒ යටතේ මේ විහාරයේ මෑතකාලින් ඉතිහාසයේ ප්‍රථම විහාරාධිපති විදිහට කටයුතු කරලා තියෙන්නේ තංගල්ලේ සිරි සුනන්ද අනුනායක හිමිපාණන් වහන්සේයි.
වර්තමානයේ මේ විහාරස්ථානයේ තියෙන ගොඩනැගිලි ආදි දේ ගැන කතා කළොත් භික්ෂූන් වහන්සේලාගේ විනය කර්මවලට භාවිතා කරපු සීමා මාලකයක් වගේම මුහුදු වැල්ලෙන් වැසිගියපු චෛත්‍යයකුත් දැකගන්න පුලුවන්. තවත් පාදා නොගත්තු පුරාවස්තු රැසක් මේ බිම පුරා විසිරිලා තියෙනවා. ඒ වගේම විහාර මහා දේවිය පැමිණි ඔරුව මේ අසළ නිදන් කර ඇති බවකුත් කියවෙනවා.
පොතුවිල් මුහුදු මහා විහාරයේ පැරණි සීමා මාලකය
සීමා මාලකය ගැන කතා කළොත් හිටි බුදු පිළිමයක් වගේම තවත් හඳුනා නොගත්තු පිළිම දෙකකුත් සීමා මාලකයේ තැන්පත් කරලා තියෙනවා. ඒ ගැන මත කීපයක්ම පලවෙලා තියෙනවා. ඒවා අවලෝකිතේශ්වර බෝසත් පිළිම බව එක් මතයක්. තවත් මතයක් වෙන්නේ ඒවා කාවන්තිස්ස රජතුමාගෙයි විහාර මහා දේවියගෙයි පිළිම බවයි.
පැරණි සීමා මාලකය තුළ ඇති හිටි බුදු පිළිමය
පැරණි සීමා මාලකය තුළ ඇති හඳුනා නොගත් ප්‍රතිමා
මේ පිළිම බොහෝවිට බෝසත් පිළිම වන්නට පුළුවන්. ඒකට උදාහරණයක් විදිහට වැලිගම කුෂ්ඨරාජගල ඇති අවලෝකිතේශ්වර බෝසත් පිළිමයේ හා මේ අවසාන පිළිමයේ තියෙන සමානකම දක්වන්න පුලුවන්.
වැලිගම කුෂ්ඨරාජගල ඇති අවලෝකිතේශ්වර බෝසත් පිළිමය
ඒ වගේම මුහුදු වැල්ලෙන් වැසිලා තියෙන චෛත්‍යයේ මේ වනවිට දකින්න ලැබෙන්නේ ගල් කණු කීපයක් විතරයි. ඒකට හේතුව කිසියම් කණ්ඩායමක් විසින් ඒ ස්ථානය ඩෝසර් කිරීමයි.
ඩෝසර් කර ඇති චෛත්‍යයේ දැනට ඉතිරි කොටස්
මේ වෙනකොට මුහුදු මහා විහාරය මුහුණ දෙන විශාලම ගැටළුව වෙන්නේ නියමිත පරිදි සීමා ලකුණු නොකිරීම නිසා විවිධ කණ්ඩායම් පුරාවිද්‍යා රක්ෂිතයේ තමන්ගේ ගෙවල් තනාගෙන සිටීම. 1960 දශකයේ මුහුදු මහා විහාරය පුරාවිද්‍යා සංරක්ෂිතයක් බවට පත් කරද්දී අක්කර 73 ක් භූමියක් පැවති බවත් එය මේ වෙද්දී අක්කර 3 ක් දක්වා අඩුවෙලා තියෙනවා.
මේ විහාරයට අටුවාකරුට යන්න හැකිවුණේ මේ වසරේ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ වාර්ෂික චාරිකාව අම්පාර ප්‍රදේශය මූලික කරගෙන පිටත්වුණු නිසා. ඉතින් වර්තමාන මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන් වෙන වරකාපොල ඉන්දසිරි හාමුදුරුවෝ විහාරය මුහුණ පාලා තියෙන ගැටළු ගැන සාධක ඇතිවම විස්තර කළා.
මේ විදිහට පුරාවිද්‍යා උරුමය වැනසෙන්නට ඉඩ නොදී ඒවා ආරක්ෂා කරන්න කටයුතු කරන එක හැමෝගෙම වගකීම වෙනවා.
ලිපිය ලියන්න පාදක වුණේ 2010 ඔක්තෝබර් 17 වෙනි ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවුණු "ඩෝසරයට යටවුණු මුහුදු මහා විහාරය" ලිපිය
පොතුවිල් මුහුදු මහා විහාරයේ තවත් ඡායාරූප බලන්න මෙතන කොටන්න.
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com32tag:blogger.com,1999:blog-6409761432961726123.post-67880087295851939542010-10-24T01:15:00.000+05:302010-12-15T12:34:21.819+05:30රාවණා යුගයෙන් ඇරඹෙන බොල්තුඹේ සමන් දේවාලය - Sumana Saman [Deity]
සුමන සමන් දෙවියන් කියලා පිළිගන්නේ ශ්‍රී පාද කන්දට අධිපතිව වැඩ වාසය කරන සෝවාන් වුණු ඒ වගේම ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි කෙනෙක්ව.
ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්.
ලාංකික වංශකතාවල කියන්නේ කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රික නායකයෙක් වුණු සුමන සමන් බුදු හාමුදුරුවෝ ප්‍රථම වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඒ කියන්නේ යක්ෂයින් දමනය කරන්න මහියංගණයට වැඩම කරපු අවස්ථාවේ දහම් අහලා සෝවාන් වුණු බවත්, මහියංගණ දාගැබ ඉදි කරපු බවත්, ඊට පස්සේ බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට කැලණියට වැඩම කරපු අවස්ථාවේ සුමන සමන්ගේ ආරාධනයෙන් එයාගේ වාසස්ථානය වුණු සමනළ කන්දට වැඩම කරලා සිරි පතුල පිහිටෙව්වා කියන එක.
සුමන සමන් යනු යම බව දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතයත්
[රාම කුමරුට දකුණු පසින් ඉන්නේ ලක්ෂ්මණ කුමරු]
රාමායණයේ එන රාමගේ සොයුරු ලක්ෂ්මණ කුමරු සුමන සමන් ලෙස වන්දනාවට පාත්‍ර වුනා කියන අදහසත්
මහායන පිළිගැනීම්වල දක්වන ධ්‍යානි බෝසත්වරු [මහාස්ථාම ප්‍රාප්ත ඒත් නැත්නම් ත්‍රෛලෝක්‍යවිජයී] අටදෙනාගෙන් එක් අයෙක් වෙන සමන්ත භද්‍ර බෝධිසත්වයින් සුමන සමන් දෙවියන් ලෙස ලාංකිකයන් වන්දනා කරන බවත් ප්‍රසිද්ධ මත කීපයක්.
කොහොමින් කොහොම හරි මාතෘකාව සුමන සමන් දේව පුරාණය ගැන කතා කිරීම නෙමෙයි මාතෘකාවට ප්‍රවේශයක් ගන්න තමා ඒ ගැන කතා කළේ. මගේ උවමනාව ලංකාවේ තියෙන අප්‍රකට සුමන සමන් දේවාලයක් ගැන කතා කිරීම.
රත්නපුරේ පිහිටි සබරගමු මහ සමන් දේවාලය
සුමන සමන් දේවාල කියපුවාම අපේ මතකට නැගෙන්නේ රත්නපුරයේ පිහිටලා තියෙන සබරගමු මහ සමන් දේවාලයයි.
සිරිපා මළුවේ ඇති සමන් දේවාලය
ඒත් සිරිපා මළුවේ පිහිටා තිබෙන සමන් දේවාලය මුල් කරගෙන හතර දිශාවට සමන් දේවාල 4 ක් ඉදිකර තියෙන බවයි කියන්නේ. ඒ කියන්නේ රත්නපුරේ තියෙන සබරගමු මහ සමන් දේවාලය ඇරුණාම තවත් සමන් දේවාල 3 ක් තියෙනවා කියන එකනේ.
ඒ එක සමන් දේවාලයක් බලංගොඩ, බොල්තුඹේ ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. බලංගොඩ ඉදන් පින්නවල හරහා බගවන්තලාවට වැටිලා තියෙන පාරේ කිලෝමීටර් 14 ක් විතර ගියාම මේ කියන බොල්තුඹේ සමන් දේවාලයට එන්න පුලුවන්.
දේවාල බිම පේන විදිහ
මේ ප්‍රදේශයට භාවිතා වෙන බොල්තුඹේ කියන ග්‍රාම නාමය හැදුණු ආකාරය ගැන මත 2 ක් දැකගන්න පුලුවන්. එකක් තමා මේ දේවාලය ආසන්නයේ තියෙන වෙල් යායේ අස්වැන්න ගත්තු එක් අවස්ථාවක බොල් තුඹක් [?] විතරක් ඉතුරු වෙලා තිබුණු නිසා බොල්තිඹේ කියලා ව්‍යවහාර වෙලා පස්සේ බොල්තුඹේ කියලා සකක් වුණා කියලා.
අනෙක් මතය අපි කතා කරන්න යන මාතෘකාවලට අදාළයි. ඒ මතය තමා රාමා රාවණා ගැටුමේදී රාම කුමරයා එවපු ඊතල පහරකින් රාවණා රජු මියගිය බවත් ඊතල පාර නිසා රාවණා රජුගේ හිස වලවේ ගඟ ආසන්නයේ තියෙන ඕලු ගංතොට ප්‍රදේශයේ වැටුණු බවත්, කවන්ධය බොල්තුඹේ දේවාලය පිහිටලා තියෙන බිමට වැටුණු බවත්ය.
ඉතින් ඒ ප්‍රදේශයේ මිනිස්සු හිස නැති රාවණා රජතුමාගේ කඳ කොටස විශාල පස් ගොඩක් දමා වැසූ බවත් ඒ නිසා බහලතුඹ නමින් ව්‍යවහාර වෙලා බොල්තුඹේ වුණා කියන එකයි.
රත්නපුර මහ සමන් දේවාලයේ වැඩසිටින මාළිගාව එයට සම්බන්ධ වෙන දික් ගෙය
බොල්තුඹේ සමන් දේවාලයේ වැඩසිටින මාළිගාව එයට සම්බන්ධ වෙන දික් ගෙය
මේ දේවාලයත් සබරගමුවේ මහ සමන් දේවාලයේ ආකෘතියටම සකස් කරපු එකක්. ඒ සඳහා මූලික වුණේ සීතාවක රාජසිංහ රජතුමා බවත් එතුමාගේ නියෝග පරිදි මෙම දේවාලයේ ගොඩනැගිලි හදලා ගම් බිම් පුදලා බොල්තුඹේ සමන් දේවාලය කියලා මේ දේවාලය නම් කරලා සබරගමු මහ සමන් දේවාලයට අයිති දේවාලයක් බවට පත් කරපු බව සබරගමු මහ සමන් දේවාලයේ පැරණි ලිපි ලේඛනවල දකින්න පුලුවන්.
ඒ වගේම සබරගමු මහ සමන් දේවාලයට පර සතුරු උවදුරක් වුණොත් දේවාභරණ වගේම වටිනා වස්තුව බොල්තුඹේ සමන් දේවාලයේ තැන්පත් කළ යුතුයි කියලා රජතුමා නියෝග කරලා ඉතාමත් ශක්තිමත් ආකාරයෙන් මේ දේවාලය සකස් කරා කියලා දක්වනවා.
ඒක නිසා බොල්තුඹේ සමන් දේවාලය සබරගමු මහ සමන් දේවාලයේ කඳුකර දේව ගබඩාව විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශවාසීන්ගේ මතය වෙන්නේ සමන් දෙවියන්ගේ අඩවිය වන ශ්‍රී පාදයේ ඉදන් ඉතාමත්ම ආසන්නයෙන් මේ දේවාලය පිහිටලා තියෙන නිසා සමන් දේව බැල්ම බොල්තුඹේ දේවාලයේ වැඩි බවයි.
නමුත් සීතාවක රාජසිංහ රජතුමාගේ කාලෙටත් බොහෝ කාලෙකට ඉස්සර ඉදන් මේ ස්ථානයේ දේවාලයක් තිබුණු බවත් එය රාවණා රජතුමා වෙනුවෙන් ඉදිකර තිබුණු බවත් ජනවහරේ දැක්වෙනවා. මේ ප්‍රදේශයට නම සෑදෙන්නත් මේ රාවණා රජතුමා මුල් වුණා කියලා මම මුලින් කිව්වේ. ඉතින් මේ ආසන්නයේ තියෙන දෙතනගල කන්ද ආසන්නයේ රාම රාවණ ගැටුම වුණු බවත් එය සිහිවීමට මේ දේවාලය කරවූ බව බොල්තුඹේ සමන් දේවාලයේ කපුරාළගේ යාතිකාවේ දැක්වෙනවා.
දේවාල බිමට පේන මීදුමෙන් වැහිලා තියෙන දෙතනගල කඳුවැටිය
ඒ වගේම මේ දේවාලයේ අභ්‍යන්තරයේ රාවණා රථය හා රාවණා රජුගේ කොඩිය තැන්පත් කරලා තියෙනවා කියලා කියනවා. දේවාලයේ තියෙන සාම්ප්‍රදායික චාරිත්‍රවලට අනුව එය කිසිවෙකුටත් නොපෙන්වන බවත් ඉංග්‍රීසි පාලන කාලේ සබරගමුවේ ආදායම් පරීක්ෂක නිලධාරියා දේවාලය පරීක්ෂා කරන්න ඇවිත් දේවාලයේ ඇති සියළුම භාණ්ඩ එළියට ගත් බවත් දේවාලය ඇතුළත තියෙන රාවණා රථය හා කොඩිය ඉවතට ගන්න ගිය බවත් එසේ කළොත් විපතක් වෙනවා කියලා කපු මහත්තයා සුදු නිලධාරියාට දන්වලා තියෙනවා.
නමුත් ඒවා නොතකා එම භාණ්ඩ එළියට ගත් බවත් ඒ අවස්ථාවේදීම හෙණ හතක් පුපුරා ගිහින් එක දිගට දවස් 7 ක් වැහැලා මේ සුදු නිලධාරියාට ආපසු යන්න බැරිව ඇතෙක් ගෙන්වලා ඇතා පිටින් ආපසු ගිය බවත් ඒ ඇතාගෙත් කරවටක් වෙනකම් වතුරෙන් ඒ ප්‍රදේශය යටවෙලා තිබුණු බවයි ජනප්‍රවාදවල කියන්නේ.
රාවණා කොඩියට සමානව සකසපු කොඩියක්
කොහොම වෙතත් මේ වෙද්දී රාවණා රජතුමාගේ රුවක් තියෙන කොඩියක් මේ දේවාලයේ වගේම සොරගුණේ, උග්ගල් අළුත් නුවර දේවාලවල පෙරහැරවල්වලදී රැගෙන යාමක් කරනවා.
ඒ වගේම තාමත් මේ ප්‍රදේශයෙන් ඊතල හැඩයේ ලෝහ කැබලි හමුවෙන බවත් ඒවා දේවාලයට භාරදීමක් ගැමියන් සිදු කරනවා. ගැමියන් විශ්වාස කරන්නේ ඒවා රාම රාවණා යුද්ධයේදී වැටුණු ඊතල විදිහටයි.
වර්තමානය වෙද්දී දේවාල බිමේ තිබෙන ගොඩනැගිලි ගැන විස්තරයක් කළොත් ප්‍රධාන දේවාලය ඇතුළු වැඩසිටින මාළිගාව, ඒකට දකුණු දෙසින් චෛත්‍යය හා විහාර ගෙයත්, වම් පසින් පත්තිනි දේවාලයත්, පහත මළුවේ දේව රථය නවත්වන ස්ථානයත් සිංහාසන ගොඩනැගිල්ලත් පිහිටා තිබෙනවා.
පියගැට පෙළ සහ දඩුහැල
දඩුහැල පසුකර දික් ගෙයට පිවිසෙන තැන ඇති කැටයම් සහිත උළුවස්ස
දික් ගෙය
දික් ගෙයි ඇති කැටයම් සහිත ලී කඳන්
දික් ගෙයින් වැඩ සිටින මාළිගයට පිවිසෙන තැන ඇති කැටයම් සහිත උළුවස්ස
වැඩ සිටින මාළිගාවේ දේව පූජා හා යාතිකා කරන ස්ථානය
චෛත්‍යය හා විහාර ගෙය
පත්තිනි දේවාලය
ඇසළ පෙරහැර මංගල්‍යයේදී දේවාභරණ වැඩම කරවන රථය
ඉතින් මේ ඉපැරණි සමන් දේවාලයේ වාර්ෂිකව ඇසළ පෙරහැර මංගල්‍යයක් සෑම වසරකම අගෝස්තු මාසයේ පවත්වනවා. මේ ඇසළ පෙරහැරේ සුවිශේෂී ලක්ෂණයක් තමා අලි ඇතුන් මේ පෙරහැරේ ගමන් නොකිරීමයි. ඒක ගැන මටත් පුදුම හිතුණා. සමන් දෙවියන්ගේ වාහනය වෙන්නෙත් සුදු ඇතෙක් වෙන නිසා. ඒත් දැනගන්න ලැබුණේ අලි ඇතුන් දේවාල භූමියට අරගෙන ආපුවාම සන්සුන් කරන්න අමාරු විදිහට කුලප්පු වෙන බවයි.
පසුගිය වසරේ පැවැත්වුණු ඇසළ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙන්න මට පුලුවන් වුණා. [ඒකට මුල්වුණේ මම ආගිය කතාවලදී හුඟාක් වෙලාවට කියන අපේ A/L Logic මිස්. එයාගේ පංතියට මේ දේවාලයේ බස්නායක නිලමේතුමාගේ දියණිය ආවා. ඒ යටතේ තමා අපිටත් අවස්ථාවක් හම්බුණේ මේ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙන්න] වසර ගාණකට පස්සේ පැවැත්වුණු මේ ඇසළ පෙරහැර මංගල්‍යය පවත්වන්න දැඩි වෙහෙසක් ගත්තේ අළුතින් බස්නායක නිළමේවරයා විදිහට පත්වුණු මිගාර ජයසුන්දර මැතිතුමා.
ඔයාලටත් හැකියාවක්, වෙලාවක් තියෙන වෙලාවක බලන්න යන්න මේ බොල්තුඹේ ප්‍රදේශයේ පිහිටලා තියෙන ඓතිහාසික සුමන සමන් දේවාලය.
ලිපිය ලියන්න පාදක වුණේ,
2007 මැයි 13 ඉරිදා ලක්බිම පුවත්පතේ "රාවණා රජුගේ දඬු මොණරය අදත් බලංගොඩ ප්‍රදේශයේ" ලිපිය
2009 බොල්තුඹේ සමන් දේවාලයේ ඇසළ මහා පෙරහැර වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපය
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com46tag:blogger.com,1999:blog-6409761432961726123.post-50484893245053354882010-10-23T12:02:00.001+05:302010-10-23T12:02:38.872+05:30දොරට වැඩුම
මුලින්ම පුද්ගලයාව හඳුන්වලා ඊට පස්සේ කරන්න යන වැඩේ ගැන කිව්වා නම් හොඳයි කියලා හිතුණා. පුද්ගලයා ගැන නම් අමුතුවෙන් දෙයක් කියන්න ඕනෙත් නැහැ. ආගිය කතා කියන බ්ලොග් අඩවියෙන් සිංහල සයිබර් අවකාශේ කරක් ගහපු කෙනාම තමා මේ බ්ලොග් අඩවියත් පවත්වාගෙන යන්නේ.
ඉතින් ඉතිහාසය ගැන මූලිකව කතාබහ කෙරෙන අධ්‍යාපනික බ්ලොග් අඩවියක් පටන් ගන්න එක මගේ හිතේ ටිකක් කල් ඉදන් තිබුණු අදහසක්. මගේ ආගිය කතා කියන බ්ලොග් අඩවියෙන් කතා කරන්න පුලුවන් දේවල්වල සීමාවක් තියෙනවා.
ඒ සීමාව ඉක්මවා ගිහින් අපේ රටේ වගේ ලෝකේ හුඟාක් අය නොදන්නා ඉතිහාසයත් එක්ක බැඳුණු තොරතුරු වගේම අනෙකුත් අධ්‍යාපනික කරුණු කාරණා කතා කරන්න තමා මේ බ්ලොග් අඩවිය මම නිර්මාණය කළේ.
මේ වගේ දෙයක් ගැන සංකල්පයක් ඇවිත් තිබුණු දවස්වල හුඟාක් අය ඒක පෝෂණය කරන්න දායක වුණා. විශේෂයෙන් අපේ සිංහල බ්ලොග් සෘහදයෙක් වෙන කංචු අයියාව මේ වෙලේ මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ බ්ලොග් එක ගැන මම මුල්වරට හිතවත් බ්ලොග්කරුවන්ට දැනුම් දීපු අවස්ථාවේ බොහෝ දෙනා තමන්ගේ අදහස් මුහුණු පොතෙන් වගේම පුද්ගලිකවත් දැක්වූවා. මේ විදිහට කරපන්, අර විදිහට කරපන්, මේවා ගැනත් ලියපන් ආදී වශයෙන්. ඒ හැමෝගෙම නම් මෙතන ලියන්න බැරි වුණත් හැමෝම ලබාදීපු දායකත්වය පිං
අවසාන වශයෙන් මේ බ්ලොග් අඩවියේ තේමාව ගැන කතා කරොත් "දැනුමට විද්‍යුත් අටුවාවක්" තමා මේකේ තේමාව. අපේ ඉතිහාසයේ දක්වලා තියෙන විදිහට විශාල ග්‍රන්ථවල තියෙන කරුණු කාරණා තවත් හොඳින් සවිස්තරාත්මකව විස්තර කරන්න තමා අටුවා, ටීකා, ටිප්පණි කියන සාහිත්‍ය කෘති රචනා වුණේ. ඉතින් මේ 21 වෙනි සියවසේදී නූතන තාක්ෂණයත් එක්ක ඒ කාර්යය හැකිතාක් ඉටු කරන්නයි මගේ බලාපොරොත්තුව.
ඒ වගේම මෙහි පසුබිමේ තියෙන්නේ අපේ රටේ චෛත්‍ය ඉදිකිරීමේ කලාවේ නව සංධිස්ථානයක් සටහන් කළ මහාවංශයේ වීරයා ලෙස හැඳින්වෙන දුටුගැමුණු මහ රජතුමන් විසින් ඉදිකළ රුවන්මැලි මහා සෑයේ ඡායාරූපයක්.
මේ අවුරුද්දේ අනුරාධපුරේ ගිය වෙලාවක තමා මේ ඡායාරූප ගත්තේ. ඒවා ඔක්කොම බලන්න කැමති අය මෙතන කොටන්න.
ඉතින් එහෙම නම් ආගිය තොරතුරු කතා කරා ඇති. වැඩ පටන් ගමු. රැඳී සිටින්න e-අටුවාව සමඟින් ඉදිරියට...........
Hasitha Gunasinghe http://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com9