Saturday, October 23, 2010

දොරට වැඩුම


මුලින්ම පුද්ගලයාව හඳුන්වලා ඊට පස්සේ කරන්න යන වැඩේ ගැන කිව්වා නම් හොඳයි කියලා හිතුණා. පුද්ගලයා ගැන නම් අමුතුවෙන් දෙයක් කියන්න ඕනෙත් නැහැ. ආගිය කතා කියන බ්ලොග් අඩවියෙන් සිංහල සයිබර් අවකාශේ කරක් ගහපු කෙනාම තමා මේ බ්ලොග් අඩවියත් පවත්වාගෙන යන්නේ.

ඉතින් ඉතිහාසය ගැන මූලිකව කතාබහ කෙරෙන අධ්‍යාපනික බ්ලොග් අඩවියක් පටන් ගන්න එක මගේ හිතේ ටිකක් කල් ඉදන් තිබුණු අදහසක්. මගේ ආගිය කතා කියන බ්ලොග් අඩවියෙන් කතා කරන්න පුලුවන් දේවල්වල සීමාවක් තියෙනවා.

ඒ සීමාව ඉක්මවා ගිහින් අපේ රටේ වගේ ලෝකේ හුඟාක් අය නොදන්නා ඉතිහාසයත් එක්ක බැඳුණු තොරතුරු වගේම අනෙකුත් අධ්‍යාපනික කරුණු කාරණා කතා කරන්න තමා මේ බ්ලොග් අඩවිය මම නිර්මාණය කළේ.

මේ වගේ දෙයක් ගැන සංකල්පයක් ඇවිත් තිබුණු දවස්වල හුඟාක් අය ඒක පෝෂණය කරන්න දායක වුණා. විශේෂයෙන් අපේ සිංහල බ්ලොග් සෘහදයෙක් වෙන කංචු අයියාව මේ වෙලේ මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ බ්ලොග් එක ගැන මම මුල්වරට හිතවත් බ්ලොග්කරුවන්ට දැනුම් දීපු අවස්ථාවේ බොහෝ දෙනා තමන්ගේ අදහස් මුහුණු පොතෙන් වගේම පුද්ගලිකවත් දැක්වූවා. මේ විදිහට කරපන්, අර විදිහට කරපන්, මේවා ගැනත් ලියපන් ආදී වශයෙන්. ඒ හැමෝගෙම නම් මෙතන ලියන්න බැරි වුණත් හැමෝම ලබාදීපු දායකත්වය පිං

අවසාන වශයෙන් මේ බ්ලොග් අඩවියේ තේමාව ගැන කතා කරොත් "දැනුමට විද්‍යුත් අටුවාවක්" තමා මේකේ තේමාව. අපේ ඉතිහාසයේ දක්වලා තියෙන විදිහට විශාල ග්‍රන්ථවල තියෙන කරුණු කාරණා තවත් හොඳින් සවිස්තරාත්මකව විස්තර කරන්න තමා අටුවා, ටීකා, ටිප්පණි කියන සාහිත්‍ය කෘති රචනා වුණේ. ඉතින් මේ 21 වෙනි සියවසේදී නූතන තාක්ෂණයත් එක්ක ඒ කාර්යය හැකිතාක් ඉටු කරන්නයි මගේ බලාපොරොත්තුව.

ඒ වගේම මෙහි පසුබිමේ තියෙන්නේ අපේ රටේ චෛත්‍ය ඉදිකිරීමේ කලාවේ නව සංධිස්ථානයක් සටහන් කළ මහාවංශයේ වීරයා ලෙස හැඳින්වෙන දුටුගැමුණු මහ රජතුමන් විසින් ඉදිකළ රුවන්මැලි මහා සෑයේ ඡායාරූපයක්.
මේ අවුරුද්දේ අනුරාධපුරේ ගිය වෙලාවක තමා මේ ඡායාරූප ගත්තේ. ඒවා ඔක්කොම බලන්න කැමති අය මෙතන කොටන්න.

ඉතින් එහෙම නම් ආගිය තොරතුරු කතා කරා ඇති. වැඩ පටන් ගමු. රැඳී සිටින්න e-අටුවාව සමඟින් ඉදිරියට...........

9 comments:

  1. ඔහොම දිගටම යං අය්යා
    සුභ පැතුම් !!!!

    ReplyDelete
  2. එළ එළ.. සුභ පැතුම්..

    ReplyDelete
  3. Isuru Amantha Siriwardena,
    සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය,

    මල්ලීටයි අයියාටයි දෙන්නාටම ස්තුතියි හා හාපුරා කියල දුන්නු හයියට

    ReplyDelete
  4. එළ මචං! මගේත් උණුසුම් සුභ පැතුම්!!! දිගටම ලියන්න..............

    ReplyDelete
  5. godaak honda wadak.. digatama karan yanna..good luck...
    sashi

    ReplyDelete
  6. ඔබේ මේ අඩවිය මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන් කියවන අඩවියක් වේවා..

    ReplyDelete
  7. සරත් ලංකාප්‍රිය

    බොහොම ස්තුතියි අයියා සුභ පැතුමට :)

    ReplyDelete
  8. නිර්මල,
    sashi

    බොහොම ස්තුතියි ඔයාලා දෙන්නාටත්

    ReplyDelete
  9. නියමයි... දිගටම කරමු .....

    ReplyDelete