දේශ ගවේෂණ ව්‍යාපාරයෙන් විශාල ලාභ හිමිවීමේ ප්‍රතිඵලයක් ලෙසට යුරෝපාකරයේ රටවල් රැසක් ඒ සඳහා එක්වූ අතර එලෙස එක්වූ එක් රටක් ලෙස නෙදර්ලන්තය හෙවත් ඕලන්දය දැක්විය හැක. මෙහිදී 1602 දී Vereenighte Oost-Indische Compagnie හෙවත් ඕලන්ද පෙරදිග ඉන්දියානු සමාගම නමින් සමාගමක් පිහිටුවා ගත් ලන්දේසීන් පෙරදිග දෙසටද තම බලය ව්‍යාප්ත කරමින් පෙරදිග ප්‍රදේශවල මෙන්ම විශේෂයෙන් දකුණු ආසියා කලාපයේ තම බලය හොඳින් ව්‍යාප්ත කරගන්නට සමත් වූහ.
ඒ අනුව 1602 ජූනි මස ශ්‍රී ලංකාවේ මඩකළපුව ප්‍රදේශයට ගොඩ බට ලන්දේසීන් 1638 වන විට එකල ලංකාවේ පාලකයා වූ II රාජසිංහ රජු සමඟ ගිවිසුමක් ඇති කොටගෙන 1658 වන විට යාපනයෙන්ද පෘතුගීසීන් පළවා හරිමින් තම බලය ලංකාව තුළ තහවුරු කරගන්නා ලදී.
යථෝක්ත මාතෘකාවට අනුව ඕලන්ද දොයිතු [Duits] කාසි පිළිබඳ කරුණු සොයා බැලීමේදී 18 වන සියවය මුල් භාගයෙන් ඒ පිළිබඳව කරුණු හමුවේ.
1796 දක්වා පැවති ලන්දේසි පාලන සමයේ මුල් කාලය තුළ පෘතුගීසීන් නිකුත් කළ කාසි වාණිජ කටයුතු සඳහා භාවිතා කළ අතර ක්‍රමයෙන් හොර කාසි අච්චු ගසන්නන් අච්චු ගැසූ හොර කාසි බහුලව ව්‍යාප්ත වීම නිසා එයට පිළියමක් යොදන්නට සිදුවිණි. ඒ යටතේ සියලු පෘතුගීසි කාසි එකතු කොට පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගම යන අර්ථය එන ඕලන්ද පාඨය වන Vereenighte Oost-Indische Compagnie හි මුල් අකුරු තුන වන VOC එම සියලු කාසිවල මුදුණය කරන ලදී.
1796 දක්වා පැවති ලන්දේසි පාලන සමයේ මුල් කාලය තුළ පෘතුගීසීන් නිකුත් කළ කාසි වාණිජ කටයුතු සඳහා භාවිතා කළ අතර ක්‍රමයෙන් හොර කාසි අච්චු ගසන්නන් අච්චු ගැසූ හොර කාසි බහුලව ව්‍යාප්ත වීම නිසා එයට පිළියමක් යොදන්නට සිදුවිණි. ඒ යටතේ සියලු පෘතුගීසි කාසි එකතු කොට පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගම යන අර්ථය එන ඕලන්ද පාඨය වන Vereenighte Oost-Indische Compagnie හි මුල් අකුරු තුන වන VOC එම සියලු කාසිවල මුදුණය කරන ලදී.
එසේම ලන්දේසීන් විසින් 1726-1806 කාලය අතර තුර තම රාජ්‍යය වන ඕලන්දයේ වූ ඕලන්ද, ගැල්ඩර්ලන්තය, ප්‍රිරිස්ලන්තය, සීලන්තය සහ යුට්රැච්ට් යන පළාත්වල අච්චු ගැසූ නම් Duits තඹ කාසි විශේෂයද ලංකාවේ භාවිතයට නිකුත් කර ඇත. එය දොයිතුව නමින් ලාංකිකයන් හඳුන්වා ඇත.
එකල මුදල් භාවිත වූයේ මෙලෙසය.
දොයිතු 4 =තුට්ටු 1
තුට්ටු 4 = පනම් 1
පනම් 12 = රිදී 5 හෙවත් පතාග 1
තුට්ටු 4 = පනම් 1
පනම් 12 = රිදී 5 හෙවත් පතාග 1
අද e-අටුවාව ඔස්සේ කතා කරන්නේ මා සතුව පවතින මෙම දොයිතු [Duits] කාසි 2 ක් සම්බන්ධවයි.
ඒ යටතේ වඩා පැරණි කාසිය වන්නේ 1766 නිකුත් කර ඇති කාසියයි. විෂ්කම්භය 22 mm වන මෙම කාසිය තඹ ලෝහයෙන් නිර්මිතය. මෙහි බර ග්‍රෑම් 2.5 කි. කාසියේ සිරස යැයි සැළකිය හැකි කොටසේ මධ්‍යයේ පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගම යන්න නිරූපණය කරන VOC අකුරු තුන ඇති අතරම ඊට පහළින් මෙය නිකුත් කළ වර්ෂය වන 1766 දක්වා ඇත.
මේ හැරෙන්නට සිරසේ ඇති අනෙක් දෑ පැහැදිලිව දැකිය නොහැකි නමුත් ඊට සමගාමී වර්ෂවල නිකුත් කර ඇති කාසිවලට අනුව අකුරු තුනට ඉහළින් මලක හෝ පළිහක සටහනක් තිබෙන්නට ඇත.
මේ හැරෙන්නට සිරසේ ඇති අනෙක් දෑ පැහැදිලිව දැකිය නොහැකි නමුත් ඊට සමගාමී වර්ෂවල නිකුත් කර ඇති කාසිවලට අනුව අකුරු තුනට ඉහළින් මලක හෝ පළිහක සටහනක් තිබෙන්නට ඇත.
කාසියේ පසුපස කොටසේ ඇත්තේ ඕලන්ද පළාතක් වන යුට්රැච්ට් [Utrecht] හි ලාංඡනයයි. එහි මධ්‍යයේ පළිහක්ද ඊට ඉහළින් තුඩු 5 ක් ඇති ඔටුන්නක්ද දැකිය හැකි අතර පළිහ දෙපසින් සිටින සිංහයන් දෙදෙනා පළිහ අල්ලාගෙන සිටිති. සිංහයන් දෙදෙනාට පහළින් කිසියම් ලියවැලක් ආකාරයේ මෝස්තරයක්ද දැකිය හැක.
අනෙක් කාසිය 1790 දී නිකුත් කර ඇති අතර විෂ්කම්භය 21 mm වන මෙම කාසියද තඹ ලෝහයෙන් නිර්මිතය. මෙහි බර ග්‍රෑම් 3 කි. මෙම කාසියේ සිරස යැයි සැළකිය හැකි කොටසේ පෙර කාසියේ පරිදිම VOC අකුරු තුන දැකිය හැකි අතරම ඊට පහළින් කාසිය නිකුත් කළ වර්ෂය වන 1790 දක්වා ඇත.
මෙම කාසියේද ඒ හැරෙන්නට අනෙක් දෑ පැහැදිලිව දැක ගත නොහැකි වුවත් සමගාමී වර්ෂවල නිකුත් කර ඇති කාසිවලට අනුව අකුරු තුනට ඉහළින් තරු 3 ක සමාන සංකේත 3 ක් වූ බව පෙනේ.
මෙම කාසියේද ඒ හැරෙන්නට අනෙක් දෑ පැහැදිලිව දැක ගත නොහැකි වුවත් සමගාමී වර්ෂවල නිකුත් කර ඇති කාසිවලට අනුව අකුරු තුනට ඉහළින් තරු 3 ක සමාන සංකේත 3 ක් වූ බව පෙනේ.
කාසියේ පිටුපස ඕලන්ද පළාතක් වන සීලන්තයේ [zeeland] ලාංඡනය දක්වා ඇත. එහි පළිහක් ආකාරයේ රාමුවක් තුළ දෑත් විහිදා මුඛය අයාගෙන සිටින සිංහයෙක්ගේ උඩුකය පමණක් දැකිය හැකි අතර සිංහයාගේ යටිකය ප්‍රදේශ වෙනුවට දිය රැළි 3 ක් දමා ඇත. මෙම පළිහ සටහනට ඉහළින් පෙර කාසියේ පරිදිම තුඩු 5 ක් ඇති ඔටුන්නක් දක්වා ඇත.
පෙර දැක්වූ කතාවේ ඉතිරිය සම්පූර්ණ කළහොත් ලන්දේසීන් මෙලෙස තම මව් රටේ කාසි ලංකාව තුළ භාවිත කළද 18 වන සියවසේ මුල් භාගයේ සිට තුට්ටු කාසි ලංකාව තුල අච්චු ගැසීමද ආරම්භ කරන ලදී. ඒ යටතේ කාසි වර්ග දෙකක් වුණි. මින් එක් වර්ගයක කාසිය දෙපසම වමට හෝ දකුණට කරකැවී යන සේ කටු හෝ කොළ සහිත වැලක් මැද තුට්ටුවේ ගණන දක්වා තිබුණි.
අනෙක් කාසිය පෙර දැක්වූ දොයිතුව ආකාරයටම නිමවූ අතර උඩු පැත්තේ අකුරු තුන මෙන්ම ඊට ඉහළින් කාසිය අච්චු ගැසූ මධ්‍යස්ථානය හඳුනා ගැනීමට අකුරු විණි. C අකුරෙන් කොළඹද, J අකුරෙන් යාපනයද, G අකුරෙන් ගාල්ලද, T අකුරෙන් ත්‍රිකුණාමලයද සංකේතවත් කෙරුණි. යටි පැත්තේ නිකුත් කළ වර්ෂය සහ වටිනාකම දක්වා තිබුණි.
ලන්දේසීන් විසින් මෙරට රුපියලේ රිදී කාසිද මුලින්ම ඇති කළ අතරම 1785 දී පළමු වරට මුදල් නෝට්ටුද නිකුත් කිරීමට කටයුතු කරන ලදී. එහිදී මුල්ම මුදල් නෝට්ටුවල වටිනාකම් වූයේ පතාග 50, 100, 500 සහ 1000 ය.
මෙවැනි පැරණි කාසි තුළින්ද ලාංකේය ඉතිහාසයේ එක් යුගයක් සංකේතවත් වන අතර මට මෙම කාසි ලබාදුන් මගේ පියාගේ සොයුරිය වූ නාලනී ශ්‍රීමතී මහත්මියටද මෙහිදී විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුය.
මෙවන් වූ වටිනා කාසි ඔබ සතුව මෙන්ම වැඩිහිටියන් සතුවද පැවතිය හැක. ඒ පිළිබඳ කරුණු සොයා බැලීමෙන් විශාල දැනුමක් ඔබටත් ලබාගත හැකි බව මගේ විශ්වාසයයි. නාණක විද්‍යාව [Numismatology] නමින් ප්‍රකට මෙම විද්‍යාව තුළ සැරිසරන්නට ඔබත් වෑයම් කරන්න.
මූලාශ්‍ර : ලංකාවේ මිල මුදල්, ලීලානන්ද කල්දේරා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
මෙවැනි පැරණි කාසි තුළින්ද ලාංකේය ඉතිහාසයේ එක් යුගයක් සංකේතවත් වන අතර මට මෙම කාසි ලබාදුන් මගේ පියාගේ සොයුරිය වූ නාලනී ශ්‍රීමතී මහත්මියටද මෙහිදී විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුය.
මෙවන් වූ වටිනා කාසි ඔබ සතුව මෙන්ම වැඩිහිටියන් සතුවද පැවතිය හැක. ඒ පිළිබඳ කරුණු සොයා බැලීමෙන් විශාල දැනුමක් ඔබටත් ලබාගත හැකි බව මගේ විශ්වාසයයි. නාණක විද්‍යාව [Numismatology] නමින් ප්‍රකට මෙම විද්‍යාව තුළ සැරිසරන්නට ඔබත් වෑයම් කරන්න.
මූලාශ්‍ර : ලංකාවේ මිල මුදල්, ලීලානන්ද කල්දේරා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
හොද වෙලාවට මේ ගොල්ලො ඇවිල්ලා අපිට කාසි භාවිතය පුරුදු කලේ....නැත්නම් සිංහලයා තාම භාන්ඩ හුවමාරු කර කර ඉන්නවා.....ඔන්න මලේ මං වෑරදි නම් නිවැරදි කරන්න..
ReplyDeleteපිස්සුද මනුස්සයෝ, එතකොට කහවනු, කහපන සිංහලයො පාවිච්චි කලේ මුන් රෙදි අදින්නත් කලින්
DeleteMayya
ReplyDeleteඇත්තටම ඒක නිවැරදි වෙන්න ඕනේ තමා අයියේ. ලංකාවේ ක්‍රි.ව පළමුවන සියවසේ ඉදන් කාසි භාවිත කළා කියන්න සාධක හමුවෙනවා. ඒ අතර මුල් කාලීන කාසි විදිහට ඇතා හා ස්වස්තික කාසි, කහාපණ, ලක්ෂ්මී කාසිය ප්‍රධානයි
මමත් ඔය කාසියක් හොයා ගන්න කොච්චර ට්‍රයි කරාද..හරි ගියේ නැහැනේ...ඉස්සර අපේ සීයා ගාවනම් තිබුනලු. දැන් ඒවා හොයා ගන්නත් නැහැ...
ReplyDeleteමීටත් වඩා පරණ කාසි සමහරු ගාව, විශේෂයෙන් සීයලා ආච්චිලා ගාව එහෙම තියෙන්න පුලුවන්. කෝකටත් හොයලා බලන්න අක්කේ. හොයා ගත්තොත් වටිනාකම කියලා නිම කරන්න බැහැ
Deleteමාලඟ තිවෙනවා පැරණි කාසි එකතුවක් .තුට්ටුව,දොයිතුව,පනම,රිදී පනම,මස්ස,අඩමස්ස,කහවනු,අලුක්කාල හැමඑකක්ම තියෙනවා
Deleteදොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
ReplyDeleteපෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත..කිව්වේ එහෙනම්...දොයිත්තු 8ක් හෙවත් පණම් ½ක් ගැනයි..
ඔබ හරි මම නිවැරදියි :)
Deleteබොහොම වටින තොරතුරු පිරුණ ලිපියක් මචන්. උඹේ අනිත් ලිපිත් හිමීට කියවන්ඩ ඕනා. බොහොම වැදගත් දේවල් වගයක් තියනවා දැක්කා.
ReplyDeleteඑච්චර කතා කරන්නේ නැති ඒත් අපේ උරුමයත් එක්ක බැඳුණු දේවල් ගැන තමා e-අටුවාවෙන් කතා කෙරෙන්නේ. ඉස්සරහටත් e-අටුවාවත් එක්ක එකතු වෙන්න :)
Deleteඔන්න හසිත මලයෝ, මමත් මේ පැත්තට ගොඩ උනා
ReplyDeleteඇත්තටම වටිනා ලිපියක්...
මමත් අද ඉඳල මෙහාට ගොඩ වෙනවා හැමදාම...
අපේ ගෙදරත් ඉස්සර ඉඳලම ඔය වගේ පරණ කාසි එකතුවක් තිබුනා
හැබැයි එතන ඔය තරම්ම පරණ කාසි තිබුනේ නැහැ
නමුත් රිදී කාසි එහෙම තිබුනා
අපේ අක්කගේ පුතාට ඉස්කෝලේ එද්දී පරණ කාසි තියෙනවනම් අරගෙන එන්න කියපු දවසක අපේ අම්මයි අක්කයි එකතු වෙලා තාත්ත එකතු කරලා තියපු කාසි වලින් ගොඩක් වටිනා ඒවා (පරණ ඒවා) ටික පොඩි එකාට දීල යවලා
ඌ එතකොට 2 වසරේ වගේ,
අන්තිමට ඒ කාසි ආපහු ලැබුනේ නැහැ, ටීචර් ඒවා තියාගෙන
පොඩි එකාට සත පහේ දහයේ ඒවා ටිකක් දීල යවන්නේ නැතුව කරපු දේ...
ගෙවල්වල පරණ කාසි තියෙනවා නම් ඒවා නැතිවෙන්න එක හේතුවක් තමා පොඩි ළමයි :))
Deleteමේ කතාව දැක්ක මගේ යාලුවෙකුත් කිව්වා එයාලගේ ගෙදර මෙහෙම VOC ගහලා තියෙන කාසි ගොඩක් තිබ්බා. ඒවායින් තමා පොඩි කාලේ එයා සෙල්ලම් කළේ. දැන් නම් කොහෙද මන්දා හොයා ගන්නත් නැහැ කියලා
මේ මගෙ පළවෙනි ගමන e අටුවාවට එන.ඉතිහාසයට මාත් හෙන කැමතියි.ඒත් මේ විද්‍යාව මට අතාරින්න හිතෙන්නෙම නෑනෙ.නැත්තං මාත් ඉතිහාසය A/L වලට කරන්න හිතං හිටියෙ.
ReplyDeleteමගෙත් කාසි එකතුවක් තියනවා.ආ..මුද්දරත් තියනවා.ගොඩක්ම ලංකාවෙ ඒවා තමා ඉතින්.අපි ඉතින් ශ්‍රී ලාංකිකයොනෙ.
මේ ළඟකදි මට හමුබුණා මේ photo වල තියනවා වගේ කාසි 3ක්. වැඩේ කියන්නේ අයියේ ඒවා අපේ නෑදෑ වෙන කෙනෙක් ළඟ තියෙන්නෙ.එයා කියන විදිහට ඒවා එයාලෑ සීයා නිධානයක් හාරද්දිලු හම්බ වෙලා තියෙන්නේ.මිනිහා මට දුන්නෙම නෑනෙ.
චික්..කැමරාවක් තිබ්බනං photo 1 ක් එවන්න තිබුණා.
පස්සේ බලම්කො ඉතින්.
මේ ලිපි ඔක්කොම මාත් හිමීට හිමීට කියවන්නම්කො.ඔන්න මං වගේ වැඩේ අතාරින්න නං එපා අයියේ...
අපේ දේවල් අගය කරන තවත් අය හමුවීම ගැන සතුටුයි :) පුලුවන් නම් ඔයාට හම්බුණු කාසි 3 ෆොටෝස් එවන්නකෝ. එතකොට ඒක ගැනත් යමක් අපිට හොයන්න වගේම කියන්න පුලුවන් වෙයි.
Deleteආහ් මට කියන්න අමතක වුණා මට මේ වැඩේ අතාරින්න විදිහක් නැහැ "කොටි වලිගේ අල්ල ගත්තා වගේ" මම මේක අල්ලගෙන ඉවරයි. කැම්පස් එකෙත් මම කරන්නේ ඉතිහාසය විශේෂවේදී උපාධියක් :))
ඉතිහාසය ගැන කතා කරද්දී නිතර මුණ ගැහෙන හසිත නේද මේ? මං මේ පැත්තේ ටිකක් රස්තියාදු ගහන්න ඕනේ. මේ බ්ලොග් ඒක පට්ට. ස්තුතියි අර්ථවත් දෙයක් කරන එකට
ReplyDeleteඔබ හරි මේ ඒ "හසිත" තමයි. එන්න එන්න රස්තියාදුවක් ගහන්න. ඒ වගේම ස්තුතියි අගය කිරීමට :)
Deleteහපොයි දැක්ක කලක් !!
ReplyDeleteඑහෙම තමා හොඳ දේවල් හැමදාම නැහැ. ඉද හිට තමා එන්නේ
Deleteශ්‍රී ලංකාවේ හරි මැද කොහේද දන්නවාද ? ශ්‍රී ලංකාවේ හරි මැද යැයි විශ්වාස කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන නාලන්ද ගෙඩිගෙයයි. අද e- අටුවාවේ අවධානය යොමුවෙන්නේ සුවිශේෂී ගෘහ නිර්මාණ සම්ප්‍රදායකටද උරුමකම් කියන මෙම නාලන්ද ගෙඩිගෙය පිළිබඳවයි.
ReplyDeletehttp://eatuwawa.blogspot.com/2012/01/nalanda-gedige-image-house.html
අපේ ගෙදරත් ඔය VOC කාසි ටිකකුයි තව මට මතක හැටියට ඊටත් වඩා පරණ කාසි ටිකකුයි තිබුනා. අවාසනාවට ඇත්ත කතාවක් වගේ එකක් වෙලා ද කොහෙද දැන් ඒවා නෑ. පොඩ්ඩක් හොයල බලන්න ඕනි.
ReplyDelete@ Chandana D M
Deleteඒ කාසි පුලුවන් නම් හොයාගන්න. ඓතිහාසික අතින් ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වගේමයි හොඳ මට්ටමේ තියෙන කාසිවල මූල්‍යමය වටිනාකමත් ගොඩක් වැඩියි
අපිට ඒ කාසියක් තැනක තිබිලා හම්බ වුණා
Deleteගොඩක් වටින ලිපියක්.මම දන්නැති දේවල් ටිකක් දැන ගත්තා.මං ගාව තියනවා voc coins 03 ක් (1745,1765,1754)ඒ coins සීලන්තයේ ඒව කියල අද තමයි දැන ගත්තෙ ඒවගේම තුට්ටුව කියන්නේ ඒ කාසි වලට කියලත් අද තමයි දැනගත්තේ. මේ කාසි තුනම හම්බ උනේ අපේ වත්තෙ තිබිලා ,තව half pathin 1850 ගනන් වල කාසියකුත් හම්බ උනා ඒකනම් සෑහෙන දුරට විනාශ වෙලා.
ReplyDelete@ nilanka bandara
Deleteසීලන්තයේ කිව්වට ඒකත් ඕලන්දයේම පළාතක්. ඒ ප්‍රදේශවල පාවිච්චි කරපු කාසි තමා ලංකාවේත් පාවිච්චි කරලා තියෙන්නේ.
ඔබ දැනුවත් වීම ගැන සතුටුයි. ඒ වගේමයි දැන් මේ කාසිවල වටිනාකම ඔබ දන්නා නිසා ඒවායේ සුරක්ෂිතබව තහවුරු වීම ගැනත් සතුටුයි :)
ඇත්තටම මම පුරා විද්‍යාවට ගොඩක් කැමතියි.මම BA එකට පුරා විද්‍යාව කරා. මම ගාව තව යාපහුව යුගයට අයිති මස්ස කාසියකුත් තියනවා.1274 බුවනෙකබාහු රජුගෙ කාසියක්. ඒකනං වත්තෙන් නෙමෙයි හම්බ උනේ කෙනෙක් දුන්නා,පොල් වලක් කපද්දි ඒ කාසි මුට්ටියක් හම්බ වෙලා.voc කාසි නං අපේ වත්තෙ තව ඇති ගොඩක් වැලලිලා.
Deleteමේ blog එකට පින්තූරයක් upload කරන්න විදිහක් තියනවද?
@ nilanka bandara
Deleteසන්තෝෂයි අයියා. එහෙමනම් අමුතුවෙන් ඔයාට මේවායේ වටිනාකම කියන්න ඕනේ නැහැනේ. යාපහුවේ කාසියට බ්ලොග් එකට නම් අප්ලෝඩ් කරන්න විදිහක් නැහැ. ඔයාට කැමති නම් ඒකේ ෆොටෝ එකක් මට මේල් කරන්න. hachagu@gmail.com
excellent
ReplyDeleteVoc කාසි 54ක් තියනවා මං ගාව����
ReplyDelete